Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරග කල්යයි

පාසල් රග්බි තරග කල්යයි

සංජය එරමුදුගොඩ - 2019 අප්‍රේ මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටය ආරම්භ කරමින් මෙම සතියේ පැවැත්වීමට නියමිතව තිබූ තරග 14 ක් කල්දැමීමට තීරණය කර තිබේ. පාස්කු ඉරිදා (21 වැනිදා) සිදුවූ බෝම්බ පිපිරීම් සහ අනතුරුව රට පුරා ඇතිවූ අස්ථාවර තත්ත්වය හේතුවෙන් මෙම තරග කල්දමා තිබේ.

සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ලබාදුන් පාසල් නිවාඩුවෙන් පසුව අන්තර් පාසල් රග්බි තරග මේ මස 24 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබුණි.  මෙම තරග 14 ට ‘කුසලාන ශූරතා’ තරග දෙකක් සහ පළඟ, බඳුණ සහ පළිහ යන ශූරතාවල තරග හතර බැගින් ඇතුළත් වේ.

පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා පැවසුවේ මෙම තරග අවසන් සතියේ තරග ලෙස පවත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඒ පිළිබඳව තරගාවලිය කමිටුව ඉදිරියේදී තීරණයක් ගන්නා බවයි.   

 


අදහස් (0)

පාසල් රග්බි තරග කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.