Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාසල් රග්බි තරග සෙනසුරාදා සිට

පාසල් රග්බි තරග සෙනසුරාදා සිට

යොහාන් භාසුර - 2019 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ ඉදිරි තරග සෙනසුරාදා ඇරඹෙයි. ‘පාස්කු ඉරිදා’ බෝම්බ ප්‍රහාරයත් සමඟ උද්ගත වූ තත්ත්වය හමුවේ දෙවැනි වටයේ තරග ආරම්භ කිරීම ප්‍රමාද වූ අතර සෙනසුරාදා (01 වැනිදා) තරග 3 ක් පැවැත්වීමට නියමිතය.

තරග නැරඹීමට ක්‍රීඩාංගණයට පැමිණෙන ප්‍රේක්‍ෂකයන් ගමන් මළු රැගෙන ඒමෙන් වළකින ලෙස පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා ඉල්ලීමක් කරයි.

“ක්‍රීඩාංගණයට පැමිණ ප්‍රේක්‍ෂකයන්ගේ ගමන් මළු පරික්‍ෂා කිරීමේ පහසුකම් පාසල් රග්බි සංගමයට හෝ පාසල්වලට නෑ. ඒ නිසා මළු සමඟ පැමිණෙන පුද්ගලයන් ක්‍රීඩාංගණයට ඇතුල්කිරීමේ අවස්ථාවක් නෑ”

“අපි ආරක්‍ෂක ප්‍රධානීන් සමඟ පසුගියදා සාකච්ඡා කළා. එහිදී ඔවුන් කිව්වෙ ක්‍රීඩාංගණය තුළ ආරක්‍ෂාව පිළිබඳ වගකීම සංවිධාකයන් ගතයුතු බවයි. ඔවුන් ක්‍රීඩාංගණයෙන් පිටත ආරක්‍ෂාව පමණක් බලනවා කිව්වා” යැයි ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

පාසල් රග්බි සංගමය තරග කාලසටහනක් ආරක්‍ෂක අමාත්‍යංශයට ලබාදී ඇති අතර ඒ අනුව තරගවලට ආරක්‍ෂාව ලැබෙනු ඇතැයි පාසල් රග්බි සංගමය බලාපොරොත්තු වේ.

සෙනසුරාදා පැවැත්වීමට නියමිත තරග
■    රාජකීය - ත්‍රිත්ව (බ්‍රැඩ්බි තරගය) තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී
■    ශාන්ත පීතර - විද්‍යා විදුහල අතර තරගය බම්බලපිටියේදී
■    ඉසිපතන - සාන්ත තෝමස් අතර තරගය ගල්කිස්සේදී

 


අදහස් (0)

පාසල් රග්බි තරග සෙනසුරාදා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.