Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාරමීට කෙන්යාවේ පුහුණුවක්

පාරමීට කෙන්යාවේ පුහුණුවක්

සංජය එරමුදුගොඩ - 2018 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 2000 බාධක දිවීමේ ඉසව්වේ තුන්වැනි ස්ථානය හිමි කරගනිමින් ලෝකඩ පදක්කමක් දිනූ කුලියාපිටිය මධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාව මාස 3 ක පුහුණුවක් සඳහා කෙන්යාවට යැවීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබේ.
 
අද (26 වැනිදා) පෙරවරුවේදී අධ්‍යාපන අමාත්‍යංශයේ පැවැති විශේෂ ත්‍යාග ප්‍රදානෝත්සවයකදී අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් මේ බව හෙළිදරව් කරන ලදි. ඇයගේ දස්කම් අගයමින් අධ්‍යාපන ඇමතිවරයා විසින් ඇයට ලැප්ටොප් පරිගණකයක්ද ප්‍රදානය කරන ලදි.

1997 වසරේ දී ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී සුසන්තිකා ජයසිංහ ලබාගත් පදක්කමෙන් පසුව ලෝක මට්ටමේ මලල ක්‍රීඩා තරගාවලියකදී ශ්‍රී ලංකා ක්‍රීඩකයෙකු හෝ ක්‍රීඩිකාවක විසින් දිනාගන්නා ලද පළමු පදක්කම ද මෙයයි. යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා අංශයෙන් ශ්‍රී ලාංකිකයෙකු පදක්කමක් ජයග්‍රහණය කළ පළමු අවස්ථාවද මෙය වෙයි.

දුෂ්කරතා මධ්‍යයේ මෙවැනි දක්ෂතා දැක්විය හැකි සිසු දරුවන්  සිටීම මුළු රටටම ආඩම්බරයක් බව පෙන්වා දුන් අමාත්‍යවරයා, ඇයට ලබා දෙන සුභග ශිෂ්‍යත්ව අරමුදලට අමතරව ඇයගේ ක්‍රීඩා පුහුණුකරුට සහ ඇයට ක්‍රීඩා කුසලතා නංවා ගැනීමට වසර 06 ක් යනතුරු මාසිකව රු. 25,000 බැඟින් ලබාදීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවද මෙහිදී සඳහන් කළේය. අ.පො.ස (සා. පෙළ) විභාගයෙන් පසුව මලල ක්‍රීඩා පිළිබඳව මාස 03ක පුහුණුවක් සඳහා ඇය කෙන්යාවට යැවෙනු ඇත.

 


අදහස් (0)

පාරමීට කෙන්යාවේ පුහුණුවක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.