Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පාපන්දු සම්මේලනය විවේචනය කිරීම තහනම්

පාපන්දු සම්මේලනය විවේචනය කිරීම තහනම්

Nisanka Sandeepani - 2019 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ කටයුතු විවේචනය කරන එහි සාමාජික පාර්ශව වෙත නීතිය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට පසුගිය සෙනසුරාදා (26) රැස්වූ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක සභාව හා කවුන්සිලය ඒකමතිකව තීරණය කර තිබේ.

පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට අනුව එහි සාමාජික ක්‍රීඩා සමාජ, ලීග හා සංවිධානයන්හි ක්‍රීඩකයන්ට හා නිලධාරීන්ට සම්මේලනයේ කටයුතු විවේචනය කිරීම හා අදහස් දැක්වීම තහනම් වේ. එබැවින් එවැනි ක්‍රියාමාර්ග වලට එළඹෙන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවත් විනය කමිටුව හමුවේ වැරදිකරුවන් වන අයට දැඩි දඬුවම් පමුණුවන බවත් පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා පවසයි.

පාපන්දු සම්මේලනයට වගකියන ඇතැම් පාර්ශ්ව, නිලධාරීන් හා ක්‍රීඩකයන් පවා පසුගිය කාලය පුරා සමාජ ජාලා, වට්ස්ඇප් සහ වයිබර් තාක්ෂණය ඔස්සේ මෙන්ම වෙනත් මාධ්‍ය ඔස්සේ පාපන්දු සම්මේලනයට අභූත චෝදනා නගමින් හැසිරීම මෑත කාලයේ ප්‍රවණතාවයක් බවට පත්ව තිබීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමට මෙතැන් සිට පාපන්දු සම්මේලනය වගබලා ගන්නා බව අනුර ද සිල්වා මහතා පවසයි.

“අළුත් ක්‍රීඩා ඇමතිවරයෙක් පත්වුණාම මේ ප්‍රවණතාවය වැඩියි..... බොරු චෝදනා කරන සමහරු අළුතෙන් පත්වන ක්‍රීඩා ඇමතිවරයා නොමග යවන්න උත්සාහ ගන්නවා. පාපන්දු සම්මේලනයේ ව්‍යවස්ථාවට බැඳී සිටින කිසිදු පාර්ශවයකට එහෙම කරන්න බෑ. ඒනිසා විධායක සභාව ගත් මේ තීරණයට පාපන්දු සම්මේලනයේ කවුන්සිලයත් ඒකමතිකව අනුමැතිය පළ කළා.” යයිද අනුර ද සිල්වා මහතා පැවසීය. 

 


අදහස් (0)

පාපන්දු සම්මේලනය විවේචනය කිරීම තහනම්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.