Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළඟ ශූරතාව කිංග්ස්වුඩ් පිලට

පළඟ ශූරතාව කිංග්ස්වුඩ් පිලට

editorial - 2019 ජුනි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

සිංගර් කුසලාන අන්තර් පාඨශාලීය රග්බි තරගාවලියේ පළඟ ශූරතාව සඳහා නිත්තවෙල ක්‍රීඩා පිටියේදී අද (සෙනසුරාදා) පැවති තරගයේදී ලකුණු 42– 27 ක ජයක් වාර්තා කරමින් කිංග්ස්වුඩ් විදුහල පළඟ ශූරතාව දිනා ගත්තේය. කිංග්ස්වුඩ් කණ්ඩායම පළඟ ශූරතාව දිනාගත්තේ මෙවර තරගාවලියේ අපරාජිතව සිටිමිනි.

ජයග්‍රාහි කිංග්ස්වුඩ් පිල උත්සාහක දිනුම් පහක් ගෝල දිනුම් දෙකක්  සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළ අතරශාන්ත අන්තෝනි විදුහල් පිල උත්සාහක දිනුම් දෙකක් ගෝල දිනුම් දෙකක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගනිමින් ලකුණු රැස් කළේය.

ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 25 – 08 ක්වශයෙන් කිංස්වුඩ් පිල ඉදිරියෙන් විය.

තරග විනිසුරු අසංක වේරංග මහතාගේ ප්‍රථම නලා හඬෙන් තරගය ආරම්භ වී ප්‍රථම විනාඩියෙදීම ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් මීටර 30 සීමාවේදී ලද දඬුවම්  පහරක් සාර්ථක කර ගැනීමට කිංග්ස්වුඩ් පිලේ හිරුෂ සම්පත් සමත් විය. ඉන් විනාඩියකට පසු කිංග්ස්වුඩ් ක්‍රීඩකයන් සාන්ත අන්තෝනි තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් මීටර  25 සීමාවේ ලද දඬුවම් පහරක්සාර්ථක කර ගැනීමට දිනූෂ ඒකනායක සමත් විය.

තුන් වැනි විනාඩියේදී කිංස්වුඩ් පිලේඅශාන් සන්දීප ඉතා සාර්ථකව ශාන්ත අන්තෝනි ලකුණු සීමාවට කඩා වැදීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. 15 වැනි විනාඩියේදී නැවත වරක් කිංස්වුඩ් පිලේ අෂාන් සංදීප උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය.  

තරඟයේ 25 වැනි විනාඩියේදී කිංස්වුඩ් පිලේ සි. එස්. සොයිසා නැවත වරක් සාන්ත අන්තෝනි ලකුණු සීමාවආක්‍රමණය කිරීමට සමත්  වූ අතර එහි ප්‍රවර්තනය ද අසාර්ථක විය. 32 වැනි විනාඩියේදී කිංග්ස්වුඩ් පිලේ ඩි. එස්. ඒකනායකඋත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය හිරුෂ සම්පත් විසින් සාර්ථක කර ගන්නා ලදී.

තරගයේ ප්‍රථම අර්ධය නිමා වීමට මොහොතක් තිබියදී සාන්ත අන්තෝනි පිලේදිනූෂ ඒකනායක විසින් උත්සාහක දිනුමක් වාර්තා කිරීමට සමත් වූ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය. ප්‍රථම අර්ධය නිමාවන විට ලකුණු 25– 08 ක්වශයෙන් කිංස්වුඩ් පිල ඉදිරියෙන් විය.

දෙවැනි අර්ධය ආරම්භ වි හය වැනි විනාඩියේදී ශාන්ත අන්තෝනි පිලේ කවිශ්ක ජයසූරිය විසින් උත්සාහක දිනුමක් වාර්තා කර අතර එහි ප්‍රවර්තනය දිනූෂ ඒකනායක විසින් සාර්ථක කර ගන්නා ලදී. 15 වැනි විනාඩියේදී දිනූෂ ඒකනායක විසින්මඋත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

සාන්ත අන්තෝනිපිලේ ටි. එම්. වසීම් විසින් ගෝල කණුආසන්නයේම උත්සාහක දිනුමක් වාර්තා කළ අතර එහි ප්‍රවර්ධනය දිනූෂ ඒකනායක විසින් සාර්ථක කර ගන්නා ලදී. ඒ වන විට ලකුණු 27 –25 ක්වශයෙන් සාන්ත අන්තෝනිපිළ ඉදිරියෙන් සිටි අතර ඉන් අනතුරුව කිංස්වුඩ් ක්‍රීඩකයන් දියත් කර විශේෂ මෙහෙයුමසාර්ථක කර ගනිමින් 22 වැනි විනාඩියේදී ඩිලාන් සෙනෙවිරත්න විසින් උත්සාහක දිනුමක් ද 30 වැනි විනාඩියේදී ආසිරි සෙනවිරත්න විසින්ගෝල දිනුමක් ද ගයාන් සන්දීප විසින් උත්සාහක දිනුමක් දවාර්තා කරමින්මේ වසරේ පළඟශූරතාවය කිංස්වුඩ් පිලට දිනා දුන්හ‍


අදහස් (0)

පළඟ ශූරතාව කිංග්ස්වුඩ් පිලට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.