Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news පළමු පෙළ විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත් ගිවිසුම්ගත කරයි

පළමු පෙළ විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත් ගිවිසුම්ගත කරයි

යොහාන් භාසුර - 2020 ජුනි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ මුල් වරට පළමු පෙළ විනිසුරුවන් 20 දෙනකු ගෙවීම් ලබාදෙන වාර්ෂික කොන්ත්‍රාත් ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවේ සභාපති දීපාල් මදුරප්පෙරුම මහතා ‘ලංකාදීප’යට පැවසීය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විනිසුරු මඩුල්ල නියෝජනය කරන සම්මාන ලාභී විනිසුරු කුමාර ධර්මසේන මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකයකු ලෙස කටයුතු කරන අතර ඒ මහතාගේ යෝජනාවක් අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගේ මැදිහත්වීමෙන් මෙම කොන්ත්‍රාත් වැඩසටහන ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටු සභාපතිවරයාගෙන් ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ ඊට ආදාළ සැළැස්මක් සකස්කර ඇති බවත් එහි ගෙවීම් පිළිබඳව අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.

“මෙහිදී නිර්දේෂිත පළමු පෙළ විනිසුරුවන් 20 දෙනා ජාත්‍යන්තර, නැඟීඑන සහ පළමු පෙළ ලෙස කාණ්ඩ තුනකට බෙදා මෙම කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුළත් කිරීමට මේ වන විට තීරණය කර තිබෙනවා”

“මෙම යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවට ඉදිරිපත්කර අනුමැතිය ලබාගැනීම කටයුතු කරමින් ඉන්නවා” යැයි ද මදුරප්පෙරුම මහතා වැඩි දුරටත් පැවසීය.

ජාත්‍යන්තර විනිසුරුවන් වන රුචිර පල්ලියගුරුගේ, ප්‍රගීත් රඹුක්වැල්ල, රවීන්ද්‍ර විමලසිරි සහ ලින්ඩන් හැනිබල් යන මහත්වරු සිවුදෙනා මෙහි ඉහළ කාණ්ඩයට ඇතුළත් වෙති.
දෙවැනි කාණ්ඩය වන ‘නැඟීඑන’ කාණ්ඩයට විනිසුරුවන් හය දෙනකු ද, තෙවැනි කාණ්ඩය වන තෙවැනි කාණ්ඩයට විනිසුරුවන් 10 දෙනකු ද, ඇතුළත් වෙති.

මෙහිදී ජාතික මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් වාර්ෂික කොන්ත්‍රාත්ගත වන ආකාරයට ඉහළ කාණ්ඩයේ සිට පහළ කාණ්ඩය දක්වා ගෙවීම් මුදල අඩු වන පරිදි එම විනිසුරුවන් 20 දෙනාට මාසික දීමනාවක් ලැබේ. ඒ අතර එම විනිසුරුවන්ට ඔවුන් සේවය ලබාදෙන තරගවල ගාස්තුව ද කලින් මෙන්ම හිමිවේ.    

 


අදහස් (0)

පළමු පෙළ විනිසුරුවන් 20 ක් කොන්ත්‍රාත් ගිවිසුම්ගත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.