Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අන්තර් සමාජ නැඟීඑන කණ්ඩායම් අතර පැවැති ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට කෝල්ට්ස් ක්‍රීඩා සමාජය ඊයේ (26 වැනිදා) සමත්විය. ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහ තරගයේදී හලාවත මේරියන්ස් පිලට එරෙහිව පළමු ඉනිමේ ජයක් හිමිකරගත් කෝල්ට්ස් පිලට ශූරතාව හිමිවිය.
කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා හලාවත මේරියන්ස් පිලට ආරාධනා කළ අතර නිපුන් රංසික, කවිෂ්ක අංජුල සහ නිපුන් මාලිංගගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ සියලුදෙනා දැවී ඔවුන්ට පළමු ඉනිම සඳහා රැස්කිරීමට හැකිවූයේ ලකුණු 143 ක් පමණි.
ලකුණු 46 ක් රැස්කළ දිල්ෂාන් සංජීව හලාවත මේරියන්ස් පිල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වන විට නිමේෂ් විමුක්ති ලකුණු 25 ක් ලබාගැනීමට සමත්විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් පිල සිය පළමු ඉනිම සඳහා සියලුදෙනා දැවී ලකුණු 316 ක් රැස්කිරීමට සමත්විය. ජෙහාන් ඩැනියෙල් (89), විශාද් රංදික (63) සහ ධනංජය ලක්ෂාන් (61) අර්ධ ශතක ලබාගනිමින් කෝල්ට්ස් පිල ලකුණු 300 සීමාවෙන් ඔබ්බට රැගෙන යාමට සමත්වූහ.
අසිත ප්‍රනාන්දු කඩුලු 5 ක් සහ නිම්සර අතරගල්ල කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වුවද පළමු ඉනිමේ පරාජය වලක්වා ගැනීමට ඔවුන් අපොහොසත් වූහ.
ලකුණු 173 ක් පසුපසින් සිට සිය දෙවැනි ඉනිම ඇරඹූ හලාවත මේරියන්ස් පිලට තරගයේ තෙවැනි සහ අවසන් දිනය නිමාවට පත්වන විට කඩුලු 6 ක් දැවී ලබාගැනීමට හැකිවූයේ ලකුණු 153 ක් පමණි. දිල්ෂාන් සංජීව ලකුණු 50 ක් සහ කවිඳු බණ්ඩාර ලකුණු 30 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටියහ. නිමේෂ් විමුක්ති ලකුණු 42 ක් ලබාගත්තේය.
හලාවත මේරියන්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 143
(දිල්ෂාන් සංජීව 46, නිමේෂ් විමුක්ති 25, නිපුන් රංසික 28/4, කවිෂ්ක අංජුල 43/3, නිපුන් මාලිංග 29/2)
කෝල්ට්ස් පළමු ඉනිම - සියලුදෙනා දැවී 316
(ජෙහාන් ඩැනියෙල් 89, විශාද් රංදික 63, ධනංජය ලක්ෂාන් 61, සංතුෂ් ගුණතිලක 21, කවිෂ්ක අංජුල 20, අසිත ප්‍රනාන්දු 62/5, නිම්සර අතරගල්ල 81/4)
හලාවත මේරියන්ස් දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 153
(දිල්ෂාන් සංජීව නොදැවී 50, නිමේෂ් විමුක්ති 42, කවිඳු බණ්ඩාර නොදැවී 30, නිපුන් රංසික 16/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.