Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news නාමයෝජනා රැසකට රාජ්‍ය සේවා සංගමයෙන් විරෝධතා

නාමයෝජනා රැසකට රාජ්‍ය සේවා සංගමයෙන් විරෝධතා

නාමල් පතිරගේ - 2020 අගෝ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගම් නිලවරණයේ කළ පත්වීම් නිත්‍යානුකූල නොවන බව දක්වමින් කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණයට ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කරන ලෙස ඉල්ලා රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය දැල්පන්දු නිලවරණ කමිටුව වෙත විරෝධතාවක් බාර දී තිබේ.

කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය සිය නිලවරණය හා මහ සභාව කැඳවා ඇත්තේ ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීමකින් තොරව බවටත් එම නිලවරණයට සංගමයේ එතෙක් කටයුතු කළ භාණ්ඩාගාරිකවරයා කැඳවා නැති බවටත් එම විරෝධතාවයෙන් ප්‍රකාශ වී තිබේ. ඒ අනුව එම නිලවරණයෙන් පත්වූ  සභාපතිනි යස්මින්  ධර්මරත්න මහත්මිය ඇතුළු නිලධාරි මණ්ඩලයේ පත්වීම් බල රහිත වන බවටත්  රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය  මෙම විරෝධතාවෙන් අවධාරණය කර තිබේ.

 ලබන අගෝස්තු 29 වැනිදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනයේ නිලවරණය සඳහා ඉදිරිපත් වූ නාමයෝජනාවලට එරෙහිව ගොනු කළ විරෝධතා විභාගය පසුගිය බ්‍රහස්පතින්දා (29) ආරම්භ විය. එහිදී රාජ්‍ය සේවා දැල්පන්දු සංගමය නිලවරණයට ඉදිරිපත් වූ භාණ්ඩාගාරික ධුරය හැරෙන්නට සෙසු සියලු නාමයෝජනාවලට එරෙහිව විරෝධතා බාරදුන් බව වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික් දැල්පන්දු සංගමය එම නාමයෝජනා බහුතරයක් සඳහා යෝජනා හා ස්ථිර කිරීම් කර ඇතැයි ද වාර්තාවේ. එම යෝජනා හා ස්ථිර කිරීම් කළ ඔවුන්ගේ නාමයෝජනා ප්‍රතික්ෂේප කරන ලෙස අදාළ විරෝධතාවයෙන් වැඩිදුරටත් කියයි.


අදහස් (0)

නාමයෝජනා රැසකට රාජ්‍ය සේවා සංගමයෙන් විරෝධතා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.