Last Update  :  2024-04-24 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීම ව්‍යාපෘතියක් පමණයි

දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීම ව්‍යාපෘතියක් පමණයි

editorial - 2020 මැයි මස 21 {{hitsCtrl.values.hits}} Views 3 Comment
A A A

යෝජිත දියගම ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉදිකිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ව්‍යාපෘතියක් පමණක් වන අතර එහි එකම ආයෝජකයා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බවත් ඒ සඳහා රජයේ මුදල් කිසිදු අවස්ථාවක ප්‍රයෝජනයට නොගන්නා බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.     

හෝමාගම, දියගම, මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩා සංකීර්ණයේ ඉදිකිරීමට යෝජිත ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය සම්බන්ධයෙන් පළවූ මාධ්‍ය වාර්තා කීපයකින් රජයේ සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රතිරූපයට හානියක් වන බවත් එම මාධ්‍ය වාර්තාවලින් නිර්මාණය වූ වැරදි අවබෝධය දුරුකිරීම සඳහා මෙම මාධ්‍ය නිවේදනය ඉදිරිපත් කරන බව එම නිවේදනයේ සඳහන් වේ.

එම නිවේදනයේ වැඩි දුරටත් මෙසේ ද සඳහන් වේ.   

කොළඹ ඛෙත්තාරාම පිහිටි ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය 2006 වසරේ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයෙන් වසර 30 ක බදු ගිවිසුමක් යටතේ ලබාගෙන එහි වාර්ෂිකව සැළකිය යුතු තරග සංඛ්‍යාවක් පවත්වනවා. තවද ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරියට යෑම සඳහා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය තුළ ‘ඉහළ තාක්‍ෂණ සංවර්ධන මධ්‍යස්ථානය’ ද පවත්වාගෙන යනවා
ප්‍රේක්‍ෂකයන් 40,000 කට එකවර තරගය නැරඹිය හැකි අංගසම්පූර්ණ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට සුදුසු කොළඹ අවට ඉඩමක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කාලයකට සිට සොයමින් සිටියා. එය ක්‍රිකට් ක්‍රීඩාවේ ජනප්‍රියතාවත් සමඟ ඇති වූ අවශ්‍යතාවයක්...

ඒ අනුව රජය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් ඉදිකිරීම සඳහා හෝමාගම අක්කර 26 ක ඉඩමක් වෙන්කර තියෙනවා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විවිධ දේශගුණ සහ පරිසර තත්ත්වයන් සැළකිල්ලට ගනිමින් රටේ විවිධ ප්‍රදේශවල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණ ඉදිරිකර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස දේශගුණ තත්ත්වයන් අනුව විවිධ කාලවලදී ඒ ඒ ක්‍රීඩාංගණයේ තරග පැවැත්වීමේ අවස්ථාව ලැබී තිබෙනවා


දියගම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රාග්ධන වියදම් වසර 15 ක කාලයක් තුළ නැවත ප්‍රතිපූර්ණය කරගැනීමේ හැකියාව පිළිබඳව ශක්‍යතා අධ්‍යනයක් කිරීමට ශ්‍රී ලංකාවේ විගණන ආයතනයකට බාරදීමට බලාපොරොත්තු වන බව ද එම නිවේදනයේ සඳහන් වේ.


ක්‍රිකට් ක්‍රීඩාවට ඇති ඉල්ලුම, කෙටි ආකෘති තරග ජනප්‍රියවීම, පහසුවෙන් ක්‍රීඩාංගණයට ළඟාවිය හැකි වීම සහ ක්‍රීඩාංගණයේ වැඩි ප්‍රේක්‍ෂක ආසන සංඛ්‍යාවක් තිබීම යන කරුණුවලට අවධානය යොමු කිරීම වැදගත් වී තිබේ. ආසන ධාරිතාව 25,000 සිට 40,000 දක්වා වන ක්‍රීඩාංගණ පහක්වත් තිබේ නම් ලෝක කුසලාන තරගාවලිවල සත්කාරත්වය ඉල්ලුම්කිරීමට අයි.සී.සී.ය සාමාජික රටවල්වලට අවස්ථාව ලබාදී තිබේ.


වර්තමාන තරගාරිත්වටය අනුව මෙවැනි විශාල ක්‍රීඩාංගණවලින් ආර්ථික වාසි ලැබිය හැකිය. එසේම 2023 වසරේ සිට 2031 වසර දක්වා පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලිවලින් දෙකක් පැවැත්වීමට අයි.සී.සී. කර ඇති ආරාධනාව පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමුකර තිබේ යැයි ද එම නිවේදනයෙන් අවධාරණය කර තිබේ.

ක්‍රීඩාංගණ ව්‍යාපෘතියේ සම්පූර්ණ මෙහෙයුම් සහ මූල්‍ය ශක්‍යතා අධ්‍යනයක් කර එහි එකම ආයෝජකයා ලෙස ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව එළඹෙන බවත් මෙම ක්‍රීඩාංගණ ව්‍යාපෘතිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින කිසිදු ව්‍යාපෘතිවලට බාධාවක් නොවන බවද එහි වැඩි දුරටත් සඳහන් වේ.

 


අදහස් (3)

දියගම ක්‍රීඩාංගණය ඉදිකිරීම ව්‍යාපෘතියක් පමණයි
  • Ratne Thursday, 21 May 2020 05:23 AM

    ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය බංකොලොත් වූ අවස්ථාවලදී භාණ්ඩාගාරයෙන් මුදල් ලබාදීම පිළිබඳව මීට පෙර අවස්ථා ගණනාවක දී දැක ඇත. එසේ නම් රටේ ඇති ප්‍රධාන අවශ්‍යතාවයන් සඳහා ප්‍රමුඛතාවය ලබාදෙමින් මෙම ක්‍රීඩාංගණය ඉදිකිරීම නවත්වා එම මුදලින් වෙනත් වඩාත් කාලීනව ඵලදායි කටයුත්තක් කිරීමට රජයේ අවධානය යොමු කළ යුතුමයි. එසේ නැතිනම් නැවතත් යහපාළුවන්ටම මෙවර ඡන්දය ලබාදී පාර්ලිමේන්තුව සමබර කිරීම පිණිස කටයුතු කිරීම වඩාත් සුදුසු බවට හැඟේ...

    Reply 0       0

    sam Friday, 22 May 2020 08:00 AM

    අනේ පව් නේද? බන්දුල සෑහෙන ප්ලෑන් හිතේ තියාගෙන වෙන්න ඇති.... මේ ව්‍යාපෘතිය කොහොමහරි කරන්න දතකෑවේ... දැන් ඉතින් ප්ලෑන් ඔක්කොම අහවරයි. ගණන් එහෙම හදාගෙන ඉන්න ඇති. හාහාපුරා කියලා කොරෝනා අස්සේ යටිමඩි ගහන්න හදපු ජයමල්ලට වැඩේ වැරදුණානේ.. අනේ පව් උපාසක බන්දුල...

    Reply 0       0

    sam Friday, 22 May 2020 08:00 AM

    අනේ පව් නේද බන්දුල සෑහෙන ප්ලෑන් තියාගෙන වෙන්න ඇති මේ ව්‍යාපෘතිය කොහොම හරි කරන්න දත කෑවේ. දැන් ඉතින් ප්ලෑන් ඔක්කොම අහවරයි.

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.