Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන වාර්ෂික ගිවිසුමට ඇතුළත් නොවූ ක්‍රීඩකයන් 30 දෙනකු ගිවිසුම්ගත කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසීය. මෙම ක්‍රීඩකයෝ කාණ්ඩ කීපයක් යටතේ ඇමරිකානු ඩොලර් 10,000 ක සහ 5,000 ක වාර්ෂික දීමනාවකට හිමිකම් කියති.
මෙම ක්‍රීඩකයන් 30 දෙනා තෝරාගැනීමේදී පසුගිය වසරේ දස්කම් සහ වයස ප්‍රධාන සාධකය බවට පත්වූ බව ක්‍රිකට් සභාපතිවරයා වැඩි දුරටත් පැවසීය.
වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම නොලැබුණු, එහෙත් ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන් ඇතුළු ක්‍රීඩකයන් 40 කට වැඩි පිරිසක් ක්‍රීඩා අමාත්‍යංශයේදී ඊයේ (07) පස්වරුවේ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා හමුවූහ. එහිදී ක්‍රීඩකයෝ දේශීය තරග සඳහා ගෙවන මුදල වැඩි කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට උපදෙස් දෙන ලෙස ඉල්ලා සිටියහ.
“අපි ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියා දේශීය තරගවලට දැනට ගෙවන මුදල වැඩි කරන්න කියලා. ඇමතිතුමා අපේ ඉල්ලීමට හොඳ ප්‍රතිචාරයක් දැක්වුවා”
“ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය කාලේ මුදල් වියදම් කරලා තියෙන ආකාරය අපිත් දැක්කනේ. ඇතැම් නිලධාරීන් විදේශ සංචාර යන ආකාරය දැක්කම පුදුමයි. මේ සියලුම ක්‍රීඩකයෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට යම් දෙයක් කරපු අය. අපේ ගෙවීම් වැඩි කරන්න කියලයි අපි ඉල්ලුවේ” යැයි එම සාකච්ඡාවට සහභාගි වූ හිටපු ක්‍රීඩකයෙක් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙවර ක්‍රීඩකයන් 34 දෙනකුට පමණක් කොන්ත්‍රාත්තුව ලබාදීම අසාධාරණ බවත් මෙම තත්ත්වය හේතුවෙන් බොහෝ ක්‍රීඩකයන් රට අතහැර යන තත්ත්වයකට පත්ව ඇතැයිද ක්‍රීඩකයෝ ක්‍රීඩා අමාත්‍යවරයා හමුවීමට පෙර පැවසූහ.
මිලින්ද සිරිවර්ධන, සචිත්‍ර සේනානායක, සීකුගේ ප්‍රසන්න, චාමර සිල්වා, මහේල උඩවත්ත සහ කිත්රුවන් විතානගේ ඇතුළු ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.