Last Update  :  2024-04-15 14:10:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තුන්කොන් සටනක්

තුන්කොන් සටනක්

Nisanka Sandeepani - 2018 නොවැ මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වසර කීපයක් තිස්සේ අත්හිටුවා තිබෙන ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරය සඳහා මෙරට කීර්තිමත් මලල ක්‍රීඩා පුහුණුකරුවකු වන සුනිල් ගුණවර්ධන මහතා යෝජනාවී ඇතැයි වාර්තාවේ. එම ධුරය නැවත පිරවීම සඳහා ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය ඉකුත්දා අයැදුම්පත් කැඳවීමක් කළ අතර ඒ සඳහා අයදුම් කර තිබෙන සෙසු මලල ක්‍රීඩා පුහුණුකරුවන් වන්නේ සරත් ගලගොඩ හා වයි. කේ. කුලරත්න යන මහත්වරුය. 

කුලරත්න මහතා වසර කීපයක්ම ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරයේ වැඩ බලා තිබේ.  2015 දක්වා ජාතික මලල ක්‍රීඩා පුහුණුකරු ධුරයේ කටයුතු කරමින් සිටි අභවප්‍රාප්ත ඩර්වින් පෙරේරා මහතා වැටුප් ප්‍රශ්නයක් මත එම ධුරයෙන් ඉවත් විය. 

මේ වනවිට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ ඇරයුමින් කියුබානු ජාතික මලල ක්‍රීඩා පුහුණුකරුවකු වසර කීපයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සේවය කරමින් සිටියි. 

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු සභාපතිවරයකු ද වන සුනිල් ගුණවර්ධන මහතා ජාතික පුහුණුකරු ධුරය තමාට බාර දෙන්නේ නම් මලල ක්‍රීඩා සංගමයට කොන්දේසි කීපයක් ඉදිරිපත් කර ඇතැයි වාර්තාවේ. එම ධුරයේ ගුණාත්මක බව පවත්වාගෙන යාම සඳහා ඔහු එම කොන්දේසි ඉදිරිපත් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තාවේ. 

එදා මෙදා තුර මෙරට මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ශ්‍රී ලංකාවට වැඩිම පදක්කම් ගණනක්  දිනා දුන් පෞද්ලික මලල ක්‍රීඩා පුහුණුකරුවා බවට පත්ව සිටින සුනිල් ගුණවර්ධන මහතා මේ වනවිට පෞද්ගලික  පුහුණුකරුවකු ලෙස කටයුතු කිරීමෙන් ඉවත්ව සිටියි. 

එදා මෙදාතුර ඔහු යටතේ පුහුණුවීම් හැදෑරු ශ්‍රී ලංකා මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් ආසියානු ශූරතා රන් පදක්කම් නවයක් දකුණු ආසියානු ක්‍රීඩා රන් පදක්කම් 25 ක්, ආසියානු ගෝන් ප්‍රී රන් පදක්කම් 28 ක් ආසියානු ක්‍රීඩා රන් පදක්කම් තුනක් හා ලෝක ශූරතා ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත්ව තිබේ. 

ඒ අතර ඔලිම්පික් හා ලෝක ශූරතා තරගාවලි සඳහා මෙතෙක් පෞද්ගලික පුහුණුකරුවෙකු ලෙසින් ශ්‍රී ලංකාවෙන් වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගි කිරීමට සමත්ව සිටින්නේද ගුණවර්ධන මහතාය. 

ඒ අනුව ඔහු යටතේ පුහුණුවීම් හැදෑරු ක්‍රීඩක ක්‍රීඩිකාවන් නව දෙනකු ඔලිම්පික් ක්‍රීඩා උළෙලද ක්‍රීඩක ක්‍රීඩිකාවන් 10 දෙනකු ලෝක ශූරතා තරගාවලියද නියෝජනය කර තිබේ. ඒ අතර දේශීය තරග බිමේදී ජාතික වාර්තා 36ක් බිහි කිරීමට එදා මෙදාතුර ඔහුගේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ යටත්ව සිටිති. 

ඒ අතර ලොව ප්‍රමුඛතම ජාත්‍යන්තර ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ මලල ක්‍රීඩා තරග මාලාවලදී ඔහුගේ  පුහුණුවීම් හැදෑරූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රිදී හා ලෝකඩ පදක්කම් 10යකට වැඩි ගණනක් දිනා තිබේ.

 


අදහස් (0)

තුන්කොන් සටනක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.