Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ තෙවැනි සතියේ යටතේ පල්ලෙකැලේ රග්බි පිටියේදී අද (15) පැවැති තරගයේදී ත්රිත්ව විදුහල් පිල ලකුණු 35-10 කින් කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට සමත් විය.
මෙය ත්රිත්ව විදුහල් පිල මෙවර තරගාවලියේ තරග තුනකදී ලැබූ දෙවැනි ජයග්රහණය වේ.
ශාන්ත අන්තෝනි විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ පසුවුවද ත්රිත්ව විදුහල දෙවැනි අර්ධයේදී තරගයේ පාලනය ගැනීමට සමත් විය.
ජයග්රාහි ත්රිත්ව විදුහල් පිල උත්සාහක දිනුම් හතකින් ලකුණු රැස්කළේය. ශාන්ත අන්තෝනි විදුහලට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.