Last Update  :  2024-04-16 15:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරිඳුගේ පිතිහරඹය එස්.එස්.සී පිල අ.අ.පූ වටයට ගෙනයයි

තරිඳුගේ පිතිහරඹය එස්.එස්.සී පිල අ.අ.පූ වටයට ගෙනයයි

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් සමාජ විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (12 වැනිදා) බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී පැවැති එස්.එස්.සී සහ පොලිස් කණ්ඩායම් අතර තරගය ලකුණු සමවීමෙන් අවසන්විය. ලකුණු සමවීම හේතුවෙන් කණ්ඩායම් දෙකටම ප්‍රසාද ලකුණ බැගින් හිමිවීමත් සමගින් එස්.එස්.සී පිල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත් අතර පොලිස් පිලට මූලික වටයෙන් ඉවත් වීමට සිදුවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 167 ක ඉලක්කයක් හඹාගිය එස්.එස්.සී පිලට ඕවර 20 අවසානයේදී කඩුලු 9 ක් දැවී ලකුණු 166 ක් රැස්කරමින් තරගයේ ලකුණු සමකර ගැනීමට සමත්විය. එස්.එස්.සී පිල අර්ධ අවසන් පූර්ව වටයට යෑමට නම් මෙම තරගය ජයගැනීමට හෝ ලකුණු සමකර ගැනීමට අවශ්‍යවූ අතර ජයග්‍රහණය සඳහා අවසන් ඕවර 2 තුලදී ලකුණු 36 ක් අවශ්‍ය විය.

අවසන් කඩුල්ල සඳහා එක්වූ තරිඳු රත්නායකට සහ හිමේෂ් රාමනායකට තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට නොහැකි වුවද තරගයේ ලකුණු සමකර ගනිමින් එස්.එස්.සී පිල අර්ධ අවසන් පූර්ව වටයට ගෙන යෑමට සමත්විය.

ලකුණු 73 කට කඩුලු 6 ක් දැවී තිබියදී හත්වැනි කඩුල්ල සඳහා එක්වූ චරිත් අසලංක සමගින් එක්වූ තරිඳු රත්නායක පන්දු 17 කදී ලකුණු 36 ක සම්බන්ධතාවයක් පවත්වමින් කඩාවැටුණු එස්.එස්.සී ඉනිම ගොඩනැගීමට සමත්විය. ඉන් නොනැවතුණු තරිඳු රත්නායක අවසන් කඩුල්ල සඳහා හිමේෂ් රාමනායක සමගින් පන්දු 13 කදී ලකුණු 36 ක තවත් සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්විය. එම ලකුණු 36 න් ලකුණු 34 ක් තරිඳු රත්නායකගේ පිත්තෙන් එක්වනවිට හිමේෂ්ට ලබාගැනීමට හැකිවූයේ එක් පන්දුවකදී එක් ලකුණක් පමණි. ඊට අතිරේක ලකුණක්ද එක්විය.

පන්දු 46 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 64 ක් රැස්කිරීමට චරිත් අසලංක සමත්වූ අතර පන්දු 30 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 63 ක් රැස්කිරීමට තරිඳු රත්නායක සමත්විය.

එයාර්ටෙල් අනුග්‍රහයෙන් ලංකාවේ වේගවත්ම පන්දු යවන්නන් සොයා යෑමේදී එහි දෙවැනි ස්ථානයට පත්වූ මොහොමඞ් ෆාහීම් පළමු ඕවර 3 ලකුණු 19 කට සීමාකරමින් කඩුලු 3 ක් දවාගත්තද සිවුවැනි ඕවරයේදී තරිඳු රත්නායක හමුවේ දැඩි ප්‍රහාරයකට ලක්විය. මොහොමඞ් ෆාහීම්ගේ 19 වැනි ඕවරයේදී ලකුණු 17 ක් ලබාගත් පිතිකරුවෝ 20 වැනි ඕවරයේදී සුපුන් මධුෂංකට එරෙහිව ලකුණු 18 ක් ලබාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ එස්.එස්.සී පිල පළමුව පන්දුවට පහරදීමට පොලිස් පිලට ආරාධනා කළ අතර ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 166 ක් රැස්කිරීමට ඔවුන් සමත්විය.

ලකුණු 62 ක් තුල පොලිස් පිලේ කඩුලු 6 ක් දවාගනිමින් ඔවුන් අසරණ කිරීමට එස්.එස්.සී පන්දු යවන්නන් සමත්වුහ. නමුත් ඉන් නොසැලුණු අසෙල් සිගේරා සහ සුපුන් මදුශංක හත්වැනි කඩුල්ල සඳහා පන්දු 47 කදී ලකුණු 79 ක සම්බන්ධතාවයක් පවත්වමින් පොලිස් පිලේ ලකුණු පුවරුව ඉහළ දැමීමට ඔවුන් සමත් වූහ.

සුපුන් මදුශංක පන්දු 28 කදී හයේ පහර 4 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 54 ක් රැස්කළ අතර අසෙල් සිගේරා පන්දු 35 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 46 ක් රැස්කිරීමට සමත්විය.

සෙසු පන්දු යවන්නන් පිතිකරුවන්ගේ ප්‍රහාරයට ලක්වන විට පන්දුවෙන් දස්කම් දැක්වූ හිමේෂ් රාමනායක සිය ඕවර 4 ලකුණු 15 කට සීමාකරමින් කඩුලු 2 ක් දවාගත්තේය.

‘බී’ සහ ‘සී’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග අදින් අවසන් වූ අතර ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන්හී මූලික වටයේ තරග 14 සහ 15 යන දින දෙකෙහිදී පැවැත්වීමට නියමිතව ඇත. ‘බී’ සහ ‘සී’ කාණ්ඩයන් සඳහා කණ්ඩායම් 5 බැගින් සහභාගීවන අතර ‘ඒ’ සහ ‘ඩී’ කාණ්ඩයන් සඳහා කණ්ඩායම් 6 බැගින් සහභාගී වේ.

තවත් තරග 11 ක් ක්‍රීඩාංගණ 5 කදී පැවැති අතර එහිදී එන්.සී.සී, සැරසන්ස්, ගුවන් හමුදාව, බී.ආර්.සී, යුද හමුදාව, මූවර්ස්, බ්ලූම්ෆීඞ්ල්, බදුරලිය, සී.සී.සී, නුගේගොඩ, මීගමුව යන කණ්ඩායම් ජයග්‍රහණ හිමිකර ගැනීමට සමත්විය.

නුගේගොඩ ක්‍රීඩා සමාජය නියෝජනය කරන ඉරෝෂ් සමරසූරිය ශතකයක් (නොදැවී 108) සහ දක්ෂිත ප්‍රනාන්දු (ද්‍රවිඩ සංගමය), පැතුම් නිස්සංක (එන්.සී.සී), සිතාර ගිම්හාන් (සැරසන්ස්), යොහාන් ද සිල්වා (වරාය අධිකාරිය), රමින්ද විජේසූරිය (බී.ආර්.සී), තුලින දිල්ෂාන් (යුදහමුදාව), ශෙහාන් ජයසූරිය (හලාවත මේරියන්ස්), ළහිරු සමරකෝන් (බදුරලිය), හර්ෂ කුරේ (පානදුර), ඩිල්ශාන් මුණවීර (මීගමුව) අර්ධ ශතක ලබාගනිමින් අද දිනයේදී පිත්තෙන් දස්කම් දැක්වූහ.

යුදහමුදා පිලේ ජනිත් සිල්වා ලකුණු 23 කට කඩුලු 5 ක් සහ ලන්කන් පිලේ කේෂාන් විජේරත්න ලකුණු 15 කට කඩුලු 5 ක් දවාගනිමින් අද දිනයේදී පන්දුවෙන් දස්කම් දැක්වූහ.

 

එස්.එස්.සී පොලිස් පිලේ ලකුණු සමවෙයි
එස්.එස්.සී සහ පොලිස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී

පොලිස්  - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 166
(ලක්ෂාන් රොද්‍රිගූ 20, අසෙල් සිගේරා 46, සුපුන් මදුශංක 54, හිමේෂ් රාමනායක 15/2)
එස්.එස්.සී  - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 166
(චරිත් අසලංක 64, තරිඳු රත්නායක නොදැවී 63, මොහොමඞ් ෆාහීම් 35/3, මංජුල ජයවර්ධන 29/2)

 

එන්.සී.සී පිලට කඩුලු 6 ක ජයක්
ද්‍රවිඩ සංගමය සහ එන්.සී.සී කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
ද්‍රවිඩ සංගමය - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 130
(දක්ෂිත ප්‍රනාන්දු නොදැවී 65, යොහාන් මෙන්ඩිස් 38, සචිඳු කොළඹගේ 31/2, සචින්ත පිරීස් 33/2)
එන්.සී.සී - ඕවර 15.4 කදී කඩුලු 4 ක් දැවී 135
(පැතුම් නිස්සංක 60, උපුල් තරංග 30, මහේල උඩවත්ත 31, ප්‍රමෝද් මදුශාන් 27/2)

 

සැරසන්ස් පිලට කඩුලු 6 ක ජයක්
නාවික හමුදාව සහ සැරසන්ස් කණ්ඩායම් අතර බී.ආර්.සී ක්‍රීඩාංගණයේදී
නාවික හමුදාව - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 129
(බුද්ධික මදුශාන් 40, රොෂාන් අතුකෝරල නොදැවී 24, රවීන් සේයර් 22/2, සාලිය සමන් 26/2)
සැරසන්ස් - ඕවර 13.2 කදී කඩුලු 4 ක් දැවී 134
(සිතාර ගිම්හාන් 59, රවීන් සේයර් 35, මිලින්ද සිරිවර්ධන නොදැවී 20, සුරංග පරණවිතාන 07/2)

 

ගුවන් හමුදා පිලට ලකුණු 38 ක ජයක්
කළුතර නාගරික සහ ගුවන් හමුදා කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ගුවන් හමුදාව - ඕවර 20 කදී සියලුදෙනා දැවී 108
(චාමර ප්‍රනාන්දු 22, සචිත ජයතිලක 15/2, ඉන්සක සිරිවර්ධන 21/2)
කළුතර නාගරික - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 70
(එරංග රත්නායක නොදැවී 28, සංජය රණවීර 11/3, මාධව නිමේෂ් 15/2)

 

බී.ආර්.සී පිලට කඩුලු 8 ක ජයක්
වරාය අධිකාරිය සහ බී.ආර්.සී කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
වරාය අධිකාරිය - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 127
(සුපුන් කාවින්ද 23, යොහාන් ද සිල්වා 58, හෂේන් රාමනායක 27/3)
බී.ආර්.සී - ඕවර 15 කදී කඩුලු 2 ක් දැවී 128
(ලසිත් ලක්ෂාන් 21, දේශාන් ඩයස් නොදැවී 38, රමින්ද විජේසූරිය 58)

 

යුද හමුදා පිලට ලකුණු 31 ක ජයක්
හලාවත මේරියන්ස් සහ යුද හමුදා කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
යුද හමුදාව - ඕවර 20 කදී කඩුලු 7 ක් දැවී 180
(තුලින දිල්ෂාන් 53, ලක්ෂාන් එදිරිසිංහ 48, අසිත ප්‍රනාන්දු 32/2)
හලාවත මේරියන්ස් - ඕවර 18.1 කදී සියලුදෙනා දැවී 149
(ශෙහාන් ජයසූරිය 72, ජනිත් සිල්වා 23/5, ජනක සම්පත් 28/2)

 

මූවර්ස් පිලට ලකුණු 5 ක ජයක්
මූවර්ස් සහ කෝල්ට්ස් කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
මූවර්ස් - ඕවර 18.3 කදී සියලුදෙනා දැවී 108
(අදීෂ තිලංචන 37, අයන සිරිවර්ධන 28, අකිල ධනංජය 11/3, ප්‍රභාත් ජයසූරිය 16/2, නිසල තාරක 21/2, මහීෂ් තීක්‍ෂණ 36/2)
කෝල්ට්ස් - ඕවර 19.1 කදී සියලුදෙනා දැවී 103
(අවිෂ්ක ප්‍රනාන්දු 43, ප්‍රවීන් ජයවික්‍රම 14/3)

 

බ්ලූම්ෆීඞ්ල් පිලට ලකුණු 29 ක ජයක්
බ්ලූම්ෆීඞ්ල් සහ යුනිචෙලා කණ්ඩායම් අතර කටුනායක මේරියන්ස් ක්‍රීඩාංගණයේදී
බ්ලූම්ෆීඞ්ල් - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී 133
(නිපුන ගමගේ 20, හර්ෂ විතාන නොදැවී 47, මිෂේන් සිල්වා 24, කවිඳු බණ්ඩාර 17/2, ධනුෂ්ක රණසිංහ 23/2)
යුනිචෙලා - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 104
(නුවන් චානක 35, උෂාන්ත පෙරේරා 28, ගයාන් සිරිසෝම 11/3, මදුශාන් රවිචන්ද්‍රකුමාර් 18/3, සචින් ජයවර්ධන 13/2)

 

බදුරලිය පිලට ලකුණු 6 ක ජයක්
පානදුර සහ බදුරලිය කණ්ඩායම් අතර සී.සී.සී ක්‍රීඩාංගණයේදී
බදුරලිය - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 161
(ළහිරු සමරකෝන් 66, ළහිරු මිලන්ත 26, තිලකරත්න සම්පත් 31, චලන ද සිල්වා 21/2)
පානදුර - ඕවර 20 කදී කඩුලු 3 ක් දැවී 155
(විශ්ව චතුරංග 23, මින්හාජ් ජලීල් 31, හර්ෂ කුරේ නොදැවී 56, උමේෂ් කරුණාරත්න නොදැවී 33, අලංකාර අසංක 04/2)


සී.සී.සී පිලට කඩුල්ලක තියුණු ජයක්
සී.සී.සී සහ ලන්කන් කණ්ඩායම් අතර එස්.එස්.සී ක්‍රීඩාංගණයේදී
ලන්කන්  - ඕවර 19.4 කදී සියලුදෙනා දැවී 109
(ප්‍රිමෝෂ් පෙරේරා 27, ගීත් කුමාර 29, මාලින්ද පුෂ්පකුමාර 17/3, නුවන් තුෂාර 22/3, අෂාන් ප්‍රියංජන් 11/2)
සී.සී.සී - ඕවර 19.3 කදී කඩුලු 9 ක් දැවී 111
(ශාලික කරුණානායක 22, මනෙල්ක ද සිල්වා 21, කේෂාන් විජේරත්න 15/5, උදිත් මධුශාන් 29/2)

 

නුගේගොඩ පිලට කඩුලු 9 ක ජයක්
මහනුවර කස්ටම්ස් සහ නුගේගොඩ කණ්ඩායම් අතර මොරටුව ද සොයිසා ක්‍රීඩාංගණයේදී
මහනුවර කස්ටම්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 151
(නිම්නක රත්නායක 50, අකීල් ඉන්හාම් 30, සම්පත් පෙරේරා 25, පූර්ණ වන්නිතිලක 29/3)
නුගේගොඩ - ඕවර 16 කදී කඩුල්ලක් දැවී 156
(ඉරෝෂ් සමරසූරිය නොදැවී 108, ප්‍රමුද් හෙට්ටිවත්ත නොදැවී 43)

 

මීගමුව පිලට ලකුණු 17 ක ජයක්
මීගමුව සහ කුරුණෑගල යොවුන් කණ්ඩායම් අතර මග්ගොන සරේ ක්‍රීඩාංගණයේදී
මීගමුව - ඕවර 20 කදී කඩුලු 5 ක් දැවී 169
(ඩිල්ශාන් මුණවීර 55, ඇන්ජලෝ ජයසිංහ 20, මාධව වර්ණපුර 33, පසිඳු ලක්ෂංක 36, රංදීර රණසිංහ 33/2)
කුරුණෑගල යොවුන් - ඕවර 20 කදී කඩුලු 9 ක් දැවී 152
(කළිඳු සිරිවර්ධන 43, විනෝද් පෙරේරා 39, ඩිල්ෂාන මුණවීර 35/4, මාධව වර්ණපුර 19/3)

 


අදහස් (0)

තරිඳුගේ පිතිහරඹය එස්.එස්.සී පිල අ.අ.පූ වටයට ගෙනයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.