Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තරග තහනමටත් හිස නොනමයි

තරග තහනමටත් හිස නොනමයි

යොහාන් භාසුර - 2020 මාර් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙහෙයවන අන්තර් සමාජ පළමු කොටසේ ‘බී’ කාණ්ඩයේ ක්‍රීඩා කරන කළුතර නාගරික ක්‍රීඩා සමාජයේ (කේ.ටී.සී.) පිතිකරු ගිහාන් රූපසිංහ විනිසුරුවන්ට අසභ්‍ය වචනයෙන් කථා කළේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් තරගයක තහනමක් පනවා තිබේ. එසේ තහනමක් පනවා තිබියදීත් පසුගිය සති අන්තයේ හොරණදී පැවැති තරගයකදී ගිහාන් රූපසිංහ කළුතර නාගරික කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ බව වාර්තා වේ.

ක්‍රිකට් නීති රීතිවලට අනුව ක්‍රීඩකයකුට තරගයක් තහනම් කර තිබේ නම් ඔහුට අදාල තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයට හෝ ඇතුළ්වීම තහනම් වේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි20 අන්තර්ජාතික තරග දෙකකටද ක්‍රීඩා කළ 2010 දශකයේ අන්තර් සමාජ මට්ටමේ ප්‍රබල ක්‍රීඩකයකුව සිටි ගිහාන් රූපසිංහට තරගයක් තහනම් කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරියෙක් තහවුරු කළේය.

කොළඹ බ්ලූම්ෆීල්ඞ් ක්‍රීඩාංගණයේදී බ්ලූම්ෆීල්ඞ් පිලට එරෙහිව පැවැති තරගයේ පන්දු රකිමින් සිටියදී දැවී යෑමක් සම්බන්ධයෙන් ගිහාන් රූපසිංහ විනිසුරුවන්ට අසභ්‍ය වචනයෙන් බැන වැදී ඇති බවට චෝදනා එල්ල වී තිබුණි. ගිහාන් රූපසිංහ එම තරගයේ දෙවැනි ඉනිමේදී ලකුණු 132 ක් රැස්කර තිබේ.

බ්ලූම්ෆීල්ඩ් පිල එම තරගයෙන් කඩුලු 5ක ජයක් ලබාගත්තේය.   

 


අදහස් (0)

තරග තහනමටත් හිස නොනමයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.