Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්මි ඩයස් බාලිකා කේවල දෙවැනි වටයට

ඩිල්මි ඩයස් බාලිකා කේවල දෙවැනි වටයට

ශානුක අරවින්ද - 2019 ජුලි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ සුෂූ නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ බාලිකා කේවල ඉසව්වේ දෙවැනි වයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකාවේ ඩිල්මි ඩයස් සමත් වූවාය. ඇය එම ඉසව්වේ දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස සිංගප්පූරු ක්‍රීඩිකා ලුයි ලොක් ලොක් පරාජයට කරමිනි. 

බාලිකා කේවල ඉවසව්වට සහභාගි වූ සෙසු ශ්‍රී ලංකා ක්‍රීඩිකාව වූ යෙහෙනි කුරුප්පු මූලික වටයේ තරගයකදී වට 2-0 ක් ලෙස කොරියාවේ ඬේ ජෙයොන්ග් චුන් හමුවේ පරාජයට පත්වූවාය. 

බාලක කේවල ඉසව්ව සඳහාද ශ්‍රී ලංකා ක්‍රීඩකයන් දෙදෙනෙක් සහභාගි වූ අතර එහිදී චීන තායිපේහි ලියාඕ ජෝ ෆූ හමුවේ පරාජය වීම නිසා දුමිඳු අබේවික්‍රමටද, ඉන්දියාවේ සතිෂ් කුමාර් හමුවේ පරාජය වීම නිසා ලෝචන ද සිල්වාටද තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූහ. 

ආසියානු බැඞ්මින්ටන් සංගමය සහ චීන බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 228 දෙනෙක් සහභාගිවී සිටිති. 

තරග ප්‍රතිඵල 

බාලක කේවල 
ලියාඕ ජෝ ෆූ (චීන තායිපේ) විසින් වට 2-0 ක් ලෙස දුමිඳු අබේවික්‍රම (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/9, 21/17) 
සතිෂ් කුමාර් (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/9, 21/17) 

බාලිකා කේවල 
ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) විසින් වට 2-1 ක් ලෙස ලුයි ලොක් ලොක් (සිංගප්පූරුව) පරාජය කරන ලදි. (18/21, 21/16, 21/17) 
ඬේ ජෙයොන්ග් චුන් (කොරියාව) විසින් වට 2-0 ක් ලෙස යෙහෙනි කුරුප්පු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/2, 21/6) 

 


අදහස් (0)

ඩිල්මි ඩයස් බාලිකා කේවල දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.