Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩිල්මි ඩයස් දෙවැනි වටයෙන් නවතී

ඩිල්මි ඩයස් දෙවැනි වටයෙන් නවතී

ශානුක අරවින්ද - 2019 ජුලි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

චීනයේ සුෂූ නුවරදී පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඞ්මින්ටන් තරගාවලියේ බාලිකා කේවල ඉසව්වේ දෙවැනි වටයේදී මැලේසියාවේ ලෙට්ෂානා කරුපතේවන් හමුවේ වට 2-1 ක් ලෙස ශ්‍රී ලංකාවේ ඩිල්මි ඩයස්ට පරාජයට පත්වූවාය.  

එම තරගයේ පළමු වටය ලකුණු 21-14 ක් ලෙස ජයගැනීමට ඩිල්මි ඩයස් සමත් වුවද, දෙවැනි සහ තෙවැනි වට පිළිවෙලින් ලකුණු 21-13 ක් සහ 21-17 ක් ලෙස ලෙට්ෂානා හමුවේ පරාජයට පත්වීම නිසා ඩිල්මිට තරගාවලියෙන් ඉවත් වීමට සිදුවූවාය. 

එම ඉසව්වේ මූලික වටයේ තරගයකදී වට 2-1 ක් ලෙස සිංගප්පූරු ක්‍රීඩිකා ලුයි ලොක් ලොක් පරාජයට කරමින් ඩිල්මි දෙවැනි වටයට සුදුසුකම් ලබාගත් අතර ලෙට්ෂානා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්තේ මූලික වටයේදී නිතරග ජයක් ලබමිනි. 

තරගාවලියේ මිශ්‍ර යුගල ඉසව්ව සඳහා ලෝචන ද සිල්වා සමග එක්ව තරග වැදුණ ඩිල්මි, එහිදී වට 2-0 ක් ලෙස තායිලන්තයේ රට්චපෝල් මාකසසිතෝන් සහ පීරයා කන්තුරුසකුල් හමුවේ පරාජයට පත් වූවාය. 

ඉන්දියාවේ මන්ජිත් සිං සහ ඩින්කු සිං හමුවේ පරාජය වීම නිසා චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි බාලක යුගල ඉසව්වෙන්ද, ඉන්දුනීසියාවේ ෆැබි්‍රනා කුසුමා සහ ඇමීලියා චායා හමුවේ පරාජය වීම නිසා ජනනුවනි අමන්දා සහ යෙහෙනි කුරුප්පු බාලිකා යුගල ඉසව්වෙන්ද ඉවතට විසි වූහ. 

ආසියානු බැඞ්මින්ටන් සංගමය සහ චීන බැඞ්මින්ටන් සංගමය එක්ව සංවිධානය කරන මෙම තරගාවලිය සඳහා රටවල් 14 ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 228 දෙනෙක් සහභාගි වූහ. 

තරග ප්‍රතිඵල 
බාලිකා කේවල 
ලෙට්ෂානා කරුපතේවන් (මැලේසියාව) විසින් වට 2-1 ක් ලෙස ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (14/21, 21/13, 21/17) 

බාලක යුගල
මන්ජිත් සිං සහ ඩින්කු සිං (ඉන්දියාව) විසින් වට 2-0 ක් ලෙස චමත් ඩයස් සහ චරිත් ඉලේපෙරුමාරච්චි (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/10, 21/11) 

බාලිකා යුගල
ෆැබ්‍රිනා කුසුමා සහ ඇමීලියා චායා (ඉන්දුනීසියාව) විසින් වට 2-0 ක් ලෙස ජනනුවනි අමන්දා සහ යෙහෙනි කුරුප්පු (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/6, 21/9) 

මිශ්‍ර යුගල
රට්චපෝල් මාකසසිතෝන් සහ පීරයා කන්තුරුසකුල් (තායිලන්තය) විසින් වට 2-0 ක් ලෙස ලෝචන ද සිල්වා සහ ඩිල්මි ඩයස් (ශ්‍රී ලංකාව) පරාජය කරන ලදි. (21/12, 21/11) 

 


අදහස් (0)

ඩිල්මි ඩයස් දෙවැනි වටයෙන් නවතී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.