Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ඩයලොග් වෙරළ පාපන්දු පළමු අදියර හෙට

ඩයලොග් වෙරළ පාපන්දු පළමු අදියර හෙට

editorial - 2021 අප්‍රේ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ඩයලොග් වෙරළ පාපන්දු තරගාවලියට අනුග්‍රහය දක්වමින් ඩයලොග් ආසියාටා සමාගම වෙනුවෙන් එහි ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරි (මාධ්‍ය හා ලාංඡන) හර්ෂ සමරනායක මහතා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතාට අනුග්‍රාහකය නිල වශයෙන් ප්‍රදානය කළ  අයුරු.


‘ඩයලොග්’ ශූරතා වෙරළ පාපන්දු තරගමාලාවේ පළමු අදියර  තරගාවලිය හෙට (03) හම්බන්තොට වෙරළ තීරයේදී පැවැත්වේ. ඒ සඳහා කණ්ඩායම් 12ක් තරග වදියි.

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහයෙන් මෙම තරග මාලාව සංවිධානය කරයි. මෙම තරගාවලියේ තවත් අදියර තුනක් වැල්වැටිතුරෙයි, කල්මුණේ හා මීගමුවේදී පැවැත්විමට කටයුතු යොදා තිබේ.

පාපන්දු  සම්මේලනයේ වෙරළ පාපන්දු කමිටුව හා ෆුට්සාල් කමිටුව තරගාවලියේ සංවිධාන කටයුතුවලට සහය දක්වයි.

පසුගිය වසරේදී පැවැත්වීමට තිබූ මෙම තරගාවලිය කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කල්දැමීමට සිදුවිය.

 

හම්බන්තොට තරගාවලියට සහභාගි වන කණ්ඩායම්
හම්බන්තොට කිංග්ස්, හම්බන්තොට හෝෆ්ට්ස්, මාතර මැරිනර්ස්, මාතර ඊගල්ස්, මාතර ගෝල්ඩ් ස්ටැන්ලියන්ස්, මාතර ගෝල් ජයන්ඩ්ස්, අම්බලන්ගොඩ ටයිටන්ස්, අම්බලන්ගොඩ ඇවෙන්ජර්ස්, බේරුවල බ්ලූස්, බේරුවල ලයන්ස්, කළුතර රෝයල්ස් සහ කළුතර නයිට්ස්.

 

- 223

 


අදහස් (0)

ඩයලොග් වෙරළ පාපන්දු පළමු අදියර හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.