ජාතික රග්බි පුහුණුකරු ගෙදර යවයි
ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ නවසීලන්ත ජාතික මැතිව් ලී මහතාගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා රග්බි සංගමය පියවර ගෙන තිබේ. මැතිව් ලී මහතා නැවත නවසීලන්තය බලා පිටත්ව යෑමට ගුවන් යානයක් ලැබෙන තෙක් පමණක් තව දුරටත් ශ්‍රී ලංකාවේ රැදී සිටියි.
ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති ලසිත ගුණරත්න මහතා පැවසුවේ මැතිව් ලී මහතාගේ සේවා ගිවිසුම පසුගිය මාර්තු මස අවසන් වූ බවත් ජාතික කණ්ඩායමට ආසන්නයේ ජාත්‍යන්තර තරගාවලියක් නොමැතිවීම හේතුවෙන් ගිවිසුම දීර්ඝ නොකළ බවයි.
“ආසියානු තරගාවලිය දක්වා ඒ මහතාගේ සේවය දීර්ඝ කිරීමට අපි සැළසුම් කරලයි තිබුණෙ. ‘කොරෝනා’ ප්‍රශ්නය නිසා තරගාවලි අවලංගු කිරීමෙන් පුහුණුකරු තියා ගැනීමේ ප්‍රයෝජනයක් නෑ”
“ඔහුව නිකන් තියාගෙන වැටුප් ගෙවන්න බෑනේ. ඒ නිසා අපි කොන්ත්‍රාත්තුව දීර්ඝ කළේ නෑ. ගුවන් යානයක් ලැබුණු ගමන් ඒ මහතා නවසීලන්තයට යයි” යැයි ගුණරත්න මහතා වැඩි දුරටත් පැවසීය.
ආසියානු කුසලාන පළමු කොටසේ රග්බි තරගාවලිය කොළඹදී පසුගිය අප්‍රේල් මස 29 සහ මැයි මස 2 වැනිදා යන දෙදින පැවැත්වීමට සැළසුම් කර තිබුණ ද ‘කොරෝනා’ වයිරස් අවදානම හේතුවෙන් එම තරගාවලිය සැප්තැම්බර් දක්වා කල්දැමීය. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමට සැප්තැම්බර් දක්වා ජාත්‍යන්තර තරගාවලියක් නොමැත