Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික දැල්පන්දු පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් බාරගැනීමේ දිනය කල්යයි

ජාතික දැල්පන්දු පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් බාරගැනීමේ දිනය කල්යයි

editorial - 2020 ජුනි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික දැල්පන්දු පුහුණුකාරිනි ධුරය සඳහා අයැදුම්පත් බාර ගැනීම අවසන්ව තිබුණත් ඒ සඳහා ඉදිරිපත්වීමට අපේක්‍ෂා කරන්නන් සඳහා ජූලි 1 වැනිදා දක්වා අවස්ථාව ලබාදීමට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය තීරණය කර තිබේ. මෙම තනතුර සඳහා අයැදුම්පත් තුනක් මේ වනවිට ඒ සඳහා ලැබී තිබේ.

රට තුළ උද්ගතව තිබෙන වත්මන් තත්ත්වය සැළකිල්ලට ගෙන අයැදුම්පත් යොමු කිරීමට අපේක්‍ෂාවෙන් සිටින තවත් අය වෙතොත් ඔවුන්ටද අවස්ථාව සළසාදීම සඳහා අයැදුම්පත් බාරගැනීමේ දිනය දීර්ඝ කර තිබේ.

දැල්පන්දු සම්මේලනය නිවේදනය කරන්නේ ඒ සම්බන්ධයෙන් තවදුරටත් උනන්දුවක් දක්වන අයැදුම්කාරියන් වෙතොත් ඔවුන්ට ඒ සඳහා ජූලි 1 වැනිදාට පෙර දුරකථනය මගින් හෝ දැනුම්දීම් කළ හැකි බවයි. දැල්පන්දු සම්මේලනයේ ලේකම් චම්පා ගුණවර්ධන (0773-332400), ටී.එම්.පී. කුමාරිහාමි (0718123516) හෝ සුමිත්‍රා වනසිංහ (0714476916) යන මහත්මීන් ඇමතීමෙන් සිය ඉදිරිපත්වීම සනාථ කළ හැකිය.

සොමිතා ද අල්විස්, මනෝමනී සින්නතම්බි සහ ගනේෂ් තානුෂන් යන මහත්ම මහත්මීහු ජාතික දැල්පන්දු පුහුණුකරු ධුරය අපේක්‍ෂාවෙන් මේ වනවිට අයැදුම්පත් යොමුකර තිබේ. සොමිතා ද අල්විස් මහත්මිය මීට පෙරත් ජාතික දැල්පන්දු පුහුණුකාරිනිය ලෙස  කළ අයෙකි. යාපනයේ හා කිළිනොච්චියේ දැල්පන්දු පුහුණුකරුවන් ලෙස දැනට සින්නතම්බි මහත්මිය හා තානුෂන් මහතා කටයුතු කරති.


අදහස් (0)

ජාතික දැල්පන්දු පුහුණුකාරිනි තනතුරට අයැදුම්පත් බාරගැනීමේ දිනය කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.