Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරග 15 දා සිට

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරග 15 දා සිට

Nisanka Sandeepani - 2019 පෙබ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල 10 වැනි වරටත් සංවිධානය කරන ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරගාවලිය මේ මස 15 වැනිදා සිට 17 වැනිදා දක්වා කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. 

ශ්‍රී ලංකා ජාත්‍යන්තර පාසල් සම්මේලනයට අයත් ප්‍රධාන පෙලේ ජාත්‍යන්තර පාසල් 21 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000 කට අධික පිරිසක් සහභාගි වන මෙම තරගාවලියේදී අවුරුදු 7 න් පහළ, වයස 9 න් පහළ, වයස 11 න් පහළ, වයස 13 න් පහළ, වයස 15 න් පහළ, වයස 17 න් පහළ, වයස 19 න් පහළ, වයස 20 න් පහළ යන වයස් කාණ්ඩ සඳහා බාලක සහ බාලිකා තරග ඉසව් 130 ක් පැවැත්වේ. 

ජාත්‍යන්තර ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ තරග නීති සහ ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා සම්මේලනයේ රෙගුලාසි යටතේ විද්්‍යුත් කාල සහ මිනුම් ගණනයන් සහිතව මෙවර තරගාවලිය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය කටයුතු යොදා තිබේ. තරගාවලියේ තාක්ෂණික කටයුතු සඳහා ශ්‍රී ලංකා ආධුනික මලල ක්‍රීඩා සම්මේලනයේ සුදුසුකම්ලත් තාක්ෂණික නිලධාරීන් 200 ක් පමණ සහභාගි වීමට නියමිතය. 

තරගාවලියේ සමාරම්භක උළෙල 16 වැනිදා පෙරවරු 8.00 ට ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ කළමනාකරන අධ්‍යක්ෂිකා රෝහිණි අලස් මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර සමාප්ති උළෙල 17 වැනිදා පස්වරු 3.00 ට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක කුමාර් සංගක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය. 

මෙවර තරගාවලියේ ප්‍රධාන අනුග්‍රාහකයන් ලෙස පියසන් එඩෙක්සෙල් සමාගම සහ සිලෝන් බිස්කට් සමාගම කටයුතු කරති. 

තරගාවලියට සහභාගිවන ජාත්‍යන්තර පාසල් 

ආසියානු ජාත්‍යන්තර පාසල, ඇලීතියා ජාත්‍යන්තර පාසල, බීවර් ජාත්‍යන්තර පාසල, බ්‍රිතාන්‍ය ජාත්‍යන්තර පාසල, කොළඹ ජාත්‍යන්තර පාසල (කොළඹ), කොළඹ ජාත්‍යන්තර පාසල (මහනුවර), එලිසබස් මෝයර් ජාත්‍යන්තර පාසල, ගේට්වේ ජාත්‍යන්තර පාසල (කොළඹ), ගේට්වේ ජාත්‍යන්තර පාසල (මහනුවර), ලීඞ්ස් ජාත්‍යන්තර පාසල, ලයිසියම් ජාත්‍යන්තර පාසල (නුගේගොඩ), ලයිසියම් ජාත්‍යන්තර පාසල (වත්තල), ලයිසියම් ජාත්‍යන්තර පාසල (පානදුර), ලයිසියම් ජාත්‍යන්තර පාසල (රත්නපුර), ඕ.කේ.අයි. ජාත්‍යන්තර පාසල, ඕවර්සීස් ජාත්‍යන්තර පාසල, රීජන්ට් ජාත්‍යන්තර පාසල, රෝයල් ඉන්ස්ටිටියුට් ජාත්‍යන්තර පාසල, ස්ටැෆර්ඞ් ජාත්‍යන්තර පාසල, ශාන්ත නිකලස් ජාත්‍යන්තර පාසල සහ චිචර්ලි ජාත්‍යන්තර පාසල 

මංචි සමාගමේ සාමාන්‍යාධිකාරී (අළෙවිකරණ) සුරනි සහබන්දු මහත්මිය විසින් ගේට්වේ ජාත්‍යන්තර පාසල් සමූහයේ සභාපති ආචාර්ය හර්ෂ අලස් මහතාට අනුග්‍රාහක චෙක්පත පිරිනමන ලද අවස්ථාව ඡායාරූපයෙහි දැක්වේ. මංචි සමාගමේ සහකාර අළෙවි කලමණාකාර රොමේෂ් ජයතිලක මහතාද ඡායාරූපයේ සිටියි. 

 


අදහස් (0)

ජාත්‍යන්තර පාසල් මලල ක්‍රීඩා තරග 15 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.