Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ පුරප්පාඩු වී ඇති ආසන්තම සභාපතිවරයාගේ අසුනට ජයන්ත ධර්මදාස මහතා පත්කිරීමේ යෝජනාව එහි විධායක කමිටුව ප්‍රතික්ෂේප කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව පසුගිය සති අන්තයේ ක්‍රිකට් මූලස්ථානයේදී රැස්වූ අතර එහිදී ධර්මදාස මහතා ආසන්තම සභාපතිවරයාගේ අසුනට පත්කිරීමේ යෝජනාව විවාදයකින් තොරව ප්‍රතික්ෂේප විය.
ධර්මදාස මහතා විධායක සභාවට පත්කිරීම සම්බන්ධයෙන් විධායක කමිටු සාමාජිකයන් කීපදෙනකු විරෝධය පළ කරමින් අදහස් දක්වා ඇති අතර ඊට ප්‍රතිවිරුද්ධ අදහසක් නොමැති වීම හේතුවෙන් යෝජනාව ඉවත්කිරීමට තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව මීට පෙර මෙම යෝජනාව නීති අංශයට යොමු කළේය. ඒ අනුව නීති අංශයේ නිර්දේශ වූයේ විධායක කමිටුවෙන් ධර්මදාස මහතා පත්කළ ද ඒ සඳහා විශේෂ මහ සභාවකදී සාමාජිකයන්ගේ අනුමැතිය ලබාගත යුතු බවයි.
තිලංග සුමතිපාල මහතාට ක්‍රීඩා නීතියට අනුව ක්‍රීඩා පරිපාලනය තහනම් කිරීමත් සමඟ මාස තුනට ආසන්න කාලයක් ආසන්තම සභාපතිවරයාගේ විධායක කමිටු ධූරය හිස්ව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකුගෙන් මේ පිළිබඳව කළ විමසුමේදී පැවසුවේ නැවත නිලවරණයක් පවත්වන තෙක් ආසන්තම සභාපතිවරයාගේ විධායක කමිටු අසුන හිස්ව තැබීමට සිදුවන බවයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.