Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ෆවාඩ් අලාම් පාකිස්තානු සංචිතයට

ෆවාඩ් අලාම් පාකිස්තානු සංචිතයට

editorial - 2019 දෙසැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාවට එරෙහිව පැවැත්වෙන තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය සඳහා වසර 10 කට පසුව වමත් පිතිකරු ෆවඞ් අලාම් කැදවිමට පාකිස්තාන තේරීම් කමිටුව තීරණය කර තිබේ. මේ වනවිට 34 වැනි වියෙහි පසුවන අලාම් මංගල ටෙස්ට් ශතකය ශ්‍රී ලංකාවට එරෙහිව ලබාගෙන ඇති අතර ටෙස්ට් තරග 3 කට ක්‍රීඩාකළ ඔහුට 2009 නොවැම්බර් මාසයෙන් පසුව ටෙස්ට් සංචිතයට කැඳවීමන් නොලැබුණි.

පාකිස්තානයේ ප්‍රධානතම දේශීය ක්‍රිකට් තරගාවලිය වන ක්වාඞ් ඊ අසාම් තරගාවලියේදී ශතක 4 ක් සමගින් ලකුණු 781 ක් රැස්කර ඇති ෆවාඞ් අලාම් පළමු පෙළ තරග වලදී ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය 56.84 ක් දක්වා ඉහළ දමාගැනීමට සමත්විය. ඒ අනුව ලකුණු ලබාගැනීමේ සාමාන්‍යය ඉහළම පිතිකරුවන් අතර 22 වැනි ස්ථානය ඔහුට හිමි වී තිබේ.

අලාම්ගේ ලකුණු ලබාගැනීමේ ස්භාවය වසරක් පුරා ව්‍යාප්ත නොවන බව තේරීම් කමිටු ප්‍රධානී මිස්බා උල් හක් මහතා පැවසීය. එමෙන්ම අලාම් දේශීය මට්ටමින් ඉතා හොඳින් ක්‍රීඩා කර ඇති නිසා ඔහුට අවස්ථාවක් දුන් බවත් ඔහු හොඳින් එම අවස්ථාව ලබාගනී තමන් බලාපොරොත්තු වන බවත් පාකිස්තානු පිලේ ප්‍රධාන පුහුණුකරුවද වන මිස්බා උල් හක් වැඩිදුරටත් පැවසීය.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැති තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස පරාජය විම නිසා පුහුණුකරු මිස්බා මෙන්ම නායක අසාර් අලීද පීඩනයට ලක්ව සිටිති.

ඉනිම 4 කදී ලකුණු 44 ක් ලබාගත් මැදපෙළ පිතිකරු ඉෆ්තිකාර් අහ්මඞ් සහ නවක ක්‍රීඩක මොහොමඞ් මූසා ඛාන්ට අලුතින් නම්කරන ලද සංචිතයේ ඉඩක් හිමි වී නැත.

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පළමු ටෙස්ට් තරගය ලබන බදාදා (11 වැනිදා) රාවල්පිණ්ඩිහිදී ආරම්භවන අතර එය වසර 10 කට පසුව ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාව පාකිස්තානයට පැමිණීම සනිටුහන් කරයි.

වසර 2009 දී සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව ඔවුන් සත්කාරකත්වය දරන තරග එක්සත් අරාබී එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට සිදුවිය. 2015 -2019 අතර කාලයේදී එක්දින ජාත්‍යන්තර තරග පැවැත්වුවද දින පහේ තරග පැවැත්වීමට සෙසු කණ්ඩායම් එකඟ නොවූහ. සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස වලදී එක්දින තරග 3 කට සහ විස්සයි20 තරග 3 කට පාකිස්තානයේදී ක්‍රීඩාකළ ශ්‍රී ලංකා කණ්ඩායම අද (8 වැනිදා) පාකිස්තානය බලා යෑමට නියමිතය.

වමතින් වේගපන්දු යවන 25 හැවිරිදි උස්මාන් ශින්වාරීද පාකිස්තානු සංචිතයට ඇතුළත් කර ඇති අතර පළමු වරට ටෙස්ට් තරගයකට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට හිමිවේ.

දකුණතින් වේගපන්දු යවන 16 හැවිරිදි නසීම් ෂා ලබන මස දකුණු අප්‍රිකාවේදී පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලානය සංචිතයට තේරී සිටියද ඔහුව ටෙස්ට් සංචිතයේ රඳවා ගැනීමට තේරීම් කමිටුව තීරණය කර තිබේ.

ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත ටෙස්ට් සංචිතයේ දඟපන්දු යවන්නන් ලෙස යසීර් ෂා සහ තවමත් ටෙස්ට් වරම් හිමිකර නොගත් කෂීෆ් භට්ටි ඇතුළත්ව සිටිති.

දෙවැනි ටෙස්ට් තරගය 19 වැනිදා සිට කරච්චිහිදී පැවැත්වීමට නියමිතව ඇත.


පාකිස්තාන ටෙස්ට් සංචිතය
අසාර් අලී (නායක), අබිද් අලී, අසාද් ශාෆික්, බාබර් අසාම්, ෆවාඞ් අලාම්, හැරිස් සොහෙල්, ඉමාම් උල් හක්, ඉම්රාන් ඛාන්, කෂීෆ් භට්ටි, මොහොමඞ් අබ්බාස්, මොහොමඞ් රිස්වාන්, නසීම් ෂා, ශාන් මසූඞ්, යසීර් ෂා, උස්මාන් ශින්වාරී.

...


අදහස් (0)

ෆවාඩ් අලාම් පාකිස්තානු සංචිතයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.