Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්මිත් තරගයේ වාසිය උදුරාගනී

ස්මිත් තරගයේ වාසිය උදුරාගනී

editorial - 2019 අගෝ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


වසරක තහනමකට මුහුණ දීමෙන් පසුව, ටෙස්ට් පිටිය කරා ඇදහිය නොහැකි පුනරාගමනයක යෙදුණු ස්ටීවන් ස්මිත් දෙවැනි ඉනිමේදීත් ලබාගත් ශතකය හේතුවෙන් පළමු වැනි අළුබඳුන  තරගයේ වාසිය තමන් වෙත ඇද ගත්හ. තරගයේ තුන්වැනි දිනය වන අද (4 වැනිදා) තේ පානය සඳහා ක්‍රීඩාව නරත කරන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි  ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 356 ක් ලබා සිටි අතර එංගලන්තයට වඩා ලකුණු 266 ක් පෙරමුණ ගෙන සිටියේය.

බර්මින්හැම් නුවර, එජ්බැස්ටන් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේ මුල් ඉනිමේදී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් හුදෙකළා සටනක නිරත වූ ස්ටීවන් ස්මිත් ලබාගත් ලකුණු 144 හේතුවෙන් ඕස්ට්‍රේලියානුවෝ ලකුණු 284 ක් ලබාගත්හ.

කෙසේ වෙතත් එංගලන්ත පිල ලකුණු 374 ක් ලබාගැනීම හේතුවෙන් මුල් ඉනිමේදී ලකුණු 90 ක අවාසියකට මුහුණ දුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායම දෙවැනි ඉනිමේදීත් ලකුණු 75 කට කඩුලු 3 ක් අහිමි කරගත්තේය. එහෙත් ට්‍රැවිස් හෙඞ් සමගින් එක්ව සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130 ක සම්බන්ධතාවක් ගොඩනැංවූ ස්මිත් පිට පිටම දෙවැනි ඉනිමේදීත් ශතකයක් ලබාගත්තේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් තවත් ලකුණු 126 ක සම්බන්ධතාවක් ගෙඩනඟමිනි.

මුලු ලකුණු සංඛ්‍යාව 331 දී ස්මිත් පිටියෙන් ඉවත් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායම කඩුලු 5 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 241 ක් ඉදිරියෙන් සිටියේය.

අද පෙරවරුවේදී තරගය ආරම්භ කරන විට ඕස්ට්‍රේලියානුවෝ කඩුලු 3 ක් දැවී ලකුණු 124 ක් ලබා සිටියහ. දිනයේ සිව්වැනි ඕවරයේදීම සිය අර්ධ ශතකය ලබාගත් ස්මිත් සිය 119 වැනි ටෙස්ට් ඉනිමේදී 25 වැනි ශතකය සම්පූර්ණ කළේය. අසහාය පිතිකරු ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් හැරුණු විට අඩුම ඉනිම සංඛ්‍යාවකදී ටෙස්ට් ශතක 25 ක් ලබා ඇත්තේ ස්ටීවන් ස්මිත්ය.

අඩුම ඉනිම සංඛ්‍යාවකින් ටෙස්ට් ශතක 25 ක් සම්පූර්ණ කළ පිතිකරුවෝ පහත දැක්වේ.

ශ්‍රීමත් ඩොනල්ඞ් බ්‍රැඞ්මන් (68), ස්ටීවන් ස්මිත් (119), විරාට් කෝලි (126), සචින් තෙන්ඩුල්කාර් (130), සුනිල් ගවස්කාර් (138), මැතිව් හේඞ්න් (139)

වසර 2015 දී ට්‍රෙන්ට්බ්‍රිජ් ටෙස්ට් තරගයෙන් පසුව මේ දක්වාම ස්ටීවන් ස්මිත් ලකුණු 50 ක් ලබාගැනීමට පෙර දවාගැනීමට එංගලන්ත පිතිකරුවෝ අපොහොසත්ව සිටිති. ස්මිත්ගේ අවසන් ටෙස්ට් ඉනිම 10 දී ලකුණු වාර්තා වන්නේ 143, නොදැවී 141, 40, 6, 239, 76, නොදැවී 102, 83, 144 සහ 142 ක් වශයෙනි.

ස්මිත්ගේ වික්‍රමාන්විත පිතිහරඹයට අති විශිෂ්ට සහයෝගයක් දුන් ට්‍රැවිස් හෙඞ් (51) සහ මැතිව් වේඞ් (නොදැවී 86) එංගලන්ත පන්දු යවන්නන් මහත් වෙහෙසට පත්කළහ. එංගලන්ත පිලට සිදුව ඇති බරපතළම අවාසිය වන්නේ ඔවුන්ගේ පළපුරුදුම පන්දු යවන්නා වන ජේම්ස් ඇන්ඩසන්ට කලව මස්පිඬුවේ ආබාධයක් නිසා පන්දු යැවිය නොහැකි වීමයි. මේ හේතුවෙන් එංගලන්තයට පන්දු යවන්නකු අඩුවෙන් තරග කිරීමට සිදුව තිබේ.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 284 යි
(උස්මන් කවාජා 13, ස්ටීවන් ස්මිත් 144, ට්‍රැවිස් හෙඞ් 35, පීටර් සිඞ්ල් 44, නේතන් ලයන් 12, ස්ටුවර්ට් බ්‍රෝඞ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3)

එංගලන්තය  - පළමු ඉනිම 374
(රෝරි බර්න්ස් නොදැවී 133, ජේසන් රෝයි 10, ජෝ රූට් 57, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් 50 ක්‍රිස් වෝක්ස් 37, ස්ටුවර්ට් බ්‍රෝඞ් 29, පැට් කමින්ස් 84/3, ජේම්ස් පැටින්සන් 82/2, පීටර් සිඞ්ල් 52/2, නේතන් ලයන් 112/3)

ඕස්ට්‍රේලියාව - දෙවැනි ඉනිම කඩුලු 5 ට 356
(උස්මන් කවාජා 40, ස්ටීවන් ස්මිත් 142, ට්‍රැවිස් හෙඞ් 51, මැතිව් වේඞ් නොදැවි 86, බෙන් ස්ටෝක්ස් 49/2)

..


අදහස් (0)

ස්මිත් තරගයේ වාසිය උදුරාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.