Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක්
සජීවි විචාරය

ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක්

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................................................................

නවසීලන්තය පරදවා ලකුණු 37 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වෙයි.

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 10/88 

(ටිම් සවුති 28, ලක්ෂාන් සඳකැන් 4-0-33-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 16 වැනි ඕවරය යැවීම සඳහා ලක්ෂාන් සඳකැන් කැඳවයි.

සඳකැන්ගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් සෙත් රේන්ස් ලකුණු 8 කට දැවී යයි.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 9/87

(ටිම් සවුති 27, සෙත් රේන්ස් 08, වනිඳු හසරංග 3-0-12-1)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 15 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ තෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 9/83

(ටිම් සවුති 26, සෙත් රේන්ස් 05, ලසිත් මාලිංග 4-1-06-5)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 14 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග කැඳවයි.

මාලිංගගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 9/82 

(ටිම් සවුති 26, සෙත් රේන්ස් 04, ලක්ෂාන් සඳකැන් 3-0-32-0)

             

සඳකැන්ගේ තෙවැනි ඕවරයේදී හයේ පහර 3 ක් සමගින් ලකුණු 20 ක් රැස්කිරීමට ටිම් සවුති සමත් වෙයි.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 9/62

(ටිම් සවුති 08, සෙත් රේන්ස් 04, වනිඳු හසරංග 2-0-08-1)

         

වනිඳුගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 9/57

(ටිම් සවුති 06, සෙත් රේන්ස් 01, ලක්ෂාන් සඳකැන් 2-0-12-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 11 වැනි ඕවරය යැවීම සඳහා ලක්ෂාන් සඳකැන් කැඳවයි.

සඳකැන්ගේ දෙවැනි ඕවරයට ලකණු 5 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 9/52

(ටිම් සවුති 02, සෙත් රේන්ස් 00, වනිඳු හසරංග 1-0-03-1)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 10 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ පළමු ඕවරයේ අවසන් පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ටොඩ් ඇස්ටේල් ලකුණු 3 කට දැවී යයි.

11 වැනි පිතිකරුවා ලෙස සෙත් රේන්ස් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 8/49

(ටිම් සවුති 01, ටොඩ් ඇස්ටල් 01, අකිල ධනංජය 4-0-28-2)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 9 වැනි ඕවරය යැවීම සඳහා අකිල ධනංජය කැඳවයි.

ධනංජයගේ සිවුවැනි ඕවරයේ පළමු ඔවරයේ පළමු පන්දුවේදී ඩැරිල් මිචෙල් (6) දුවද්දී දවාගැනීමට වනිඳු හසරංග සහ කුසල් පෙරේරා සමත් වෙති.

අටවැනි පිතිකරුවා ලෙස ස්කොට් කුගිලීජන් පිටියට පිවිසෙයි.

දෙවැනි පන්දුවට කඩුල්ලේ වැදීමෙන් ස්කොට් කුගිලීජන් ලකුණු නොළබා දැවී යයි.

නමවැනි පිතිකරුවා ලෙස ටිම් සවුති පිටියට පිවිසෙයි.

තෙවැනි පන්දුවේදී කුසල් ජනිත්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමින් මිචෙල් සෑන්ට්නර් ලකුණු 16 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

10 වැනි පිතිකරුවා ලෙස ටොඩ් ඇස්ටල් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 5/45

(ඩැරිල් මිචෙල් 05, මිචෙල් සෑන්ට්නර් 16, ධනුෂ්ක ගුණතිලක 1-0-07-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් 8 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක කැඳවයි.

ධනුෂ්කගේ පළමු ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 5/38

(ඩැරිල් මිචෙල් 03, මිචෙල් සෑන්ට්නර් 11, ලක්ෂාන් සඳකැන් 1-0-07-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 7 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි.

සඳකැන්ගේ පළමු ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 5/31

(ඩැරිල් මිචෙල් 01, මිචෙල් සෑන්ට්නර් 07, අකිල ධනංජය 3-0-25-0)

           

ධනංජයගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට මිචෙල් සෑන්ට්නර්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 5/25  

(ඩැරිල් මිචෙල් 00, මිචෙල් සෑන්ට්නර් 02, ලසිත් මාලිංග 3-1-05-5)

           

මාලිංගගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ස්ලිප්හි පන්දු රකිමින් සිටි ධනුෂ්ක ගුණතිලක අතට උඩ පන්දුවක් දෙමින් ටිම් සෙයිෆර්ට් ලකුණු 8 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

හත්වැනි පිතිකරු ලෙස මිචෙල් සෑන්ට්නර් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 4/22

(ටිම් සෙයිෆර්ට් 08, ඩැරිල් මිචෙල් 00, අකිල ධනංජය 2-0-19-0)

           

ධනංජයගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ටිම් සෙයිෆර්ට්ගෙන් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 4/15  

(ටිම් සෙයිෆර්ට් 01, ඩැරිල් මිචෙල් 00, ලසිත් මාලිංග 2-1-02-4)

         

මාලිංගගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් කොලින් මුන්රෝ ලකුණු 12 කට දැවී යයි. (හයේ පහර 1 යි,  හතරේ පහර 1 යි)

තෙවැනි පිතිකරු ලෙස හමීෂ් රදර්ෆර්ඩ් පිටියට පිවිසෙයි.

සිවවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් හමීෂ් රදර්ෆර්ඩ් ලකුණු නොළබා දැවී යයි.

සිවුවැනි පිතිකරු ලෙස කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසෙයි.

පස්වැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලකුණු නොළබා දැවී යයි.

පස්වැනි පිතිකරු ලෙස රොස් ටේලර් පිටියට පිවිසෙයි.

හයවැනි පන්දුවේදී කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් රොස් ටේලර් ලකුණු නොළබා දැවී යයි.

හයවැනි පිතිකරු ලෙස ඩැරිල් මිචෙල් පිටියට පිවිසෙයි.

කොලින් මුන්රෝ දවාගැනීමත් සමගම විස්සයි-20 අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාවේදී කඩුලු 100 ක් ලබාගත් ලෝකයේ පළමුවැනි පන්දු යවන්නා ලෙසින් ක්‍රිකට් ඉතිහාසයට එක් වූ ලසිත් මාලිංග, විස්සයි20 තරගයක පිට පිටම යැවූ පන්දු 4 කදී කඩුලු 4 ක් දවාගනිමින් තවත් ලෝක වාර්තාවක්ද පිහිටුවීය.

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 0/15

(කොලින් මුන්රෝ 12, ටිම් සෙයිෆර්ට් 01, අකිල ධනංජය 1-0-12-0)

           

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවයි.

ධනංජයගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට ලොන් ඕෆ් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ කොලින් මුන්රෝගෙන් සිවුවැනි පන්දුවට ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 0/3  

(කොලින් මුන්රෝ 01, ටිම් සෙයිෆර්ට් 01, ලසිත් මාලිංග 1-0-02-0)

         

නවසීලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා කොලින් මුන්රෝ සමගින් ටිම් සෙයිෆර්ට් පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

නවසීලන්තට ජයග්‍රහණය සඳහා ලකුණු 126 ක ඉලක්කයක් හිමිවෙයි.

...................................................................................................................................................................................

ඕවර 20 කදී - 8/125 

(වනිඳු හසරංග 14, ලසිත් මාලිංග 06, ස්කොට් කුගිලීජන් 4-0-21-1)

           

කුගිලීජන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 9 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 19 කදී - 8/116 

(වනිඳු හසරංග 08, ලසිත් මාලිංග 04, ටිම් සවුති 4-0-16-0)

             

පන්දු යැවීමේ වෙනසක් කරමින් 19 වැනි ඕවරය යැවීම සඳහා ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවේදී වනිඳු හසරංග (7) ලබාදුන් උඩ පන්දුවක් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් අතින් ගිළිහි ගියේය.

...................................................................................................................................................................................

ඕවර 18 කදී - 8/111 

(වනිඳු හසරංග 07, ලසිත් මාලිංග 02, ස්කොට් කුගිලීජන් 3-0-11-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 18 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් අකිල ධනංජය ලකුණු නොළබා දැවී යයි.

නමවැනි පිතිකරු ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 17 කදී - 7/109

(වනිඳු හසරංග 07, අකිල ධනංජය 00, සෙත් රේන්ස් 3-0-29-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 17 වැනි ඕවරය යැවීම සඳහා සෙත් රේන්ස් කැඳවයි.

රෙන්ස්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවේදී ඉසුරු උදාන (2) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට මිචෙල් සෑන්ට්නර් සහ ටිම් සෙයිෆර්ට් සමත් වෙති.

නමවැනි පිතිකරු ලෙස අකිල ධනංජය පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 6/101

(වනිඳු හසරංග 01, ඉසුරු උදාන 00, මිචෙල් සෑන්ට්නර් 4-1-12-3)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 16 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

ඇස්ට්ල්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ළහිරු මධුෂංක ලකුණු 20 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

අටවැනි පිතිකරු ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 5/100

(ළහිරු මධුෂංක 20, වනිඳු හසරංග 00, ටොඩ් ඇස්ට්ල් 4-0-28-3)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 15 වැනි ඕවරය යැවීම සඳහා ටොඩ් ඇස්ට්ල් කැඳවයි.

ඇස්ට්ල්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට දසුන් ශානකගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ඩරිල් මිචෙල් අතට උඩ පන්දුවක් දෙමින් දසුන් ශානක ලකුණු 7 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

හත්වැනි පිතිකරු ලෙස වනිඳු හසරංග පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 4/91

(ළහිරු මධුෂංක 16, දසුන් ශානක 02, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 1-0-10-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 14 වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් කැඳවයි.

ග්‍රෑන්ඩ්හෝම්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට ළහිරු මධුෂංකගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 4/81

(ළහිරු මධුෂංක 08, දසුන් ශානක 01, මිචෙල් සෑන්ට්නර් 3-1-11-2)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 13 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

සෑන්ට්නර්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි කොලින් මුන්රෝ අතට උඩ පන්දුවක් දෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 24 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

හයවැනි පිතිකරු ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 3/76

(නිරෝෂන් දික්වැල්ල 24, ළහිරු මධුෂංක 04, ටිම් සවුති 3-0-11-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 12 වැනි ඕවරය යැවීම සඳහා ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 3/69

(නිරෝෂන් දික්වැල්ල 20, ළහිරු මධුෂංක 03, ටොඩ් ඇස්ටල් 3-0-19-2)

           

ඇස්ටල්ගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක් එල්ල කළ නිරෝෂන් දික්වැල්ලගෙන් සිවුවැනි පන්දුවට ෆයින් ලෙග් කළාපය හරහා තවත් හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 3/56

(නිරෝෂන් දික්වැල්ල 08, ළහිරු මධුෂංක 02, මිචෙල් සෑන්ට්නර් 2-1-06-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 10 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

සෑන්ට්නර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 3/50

(නිරෝෂන් දික්වැල්ල 04, ළහිරු මධුෂංක 00, ටොඩ් ඇස්ටල් 2-0-06-2)

           

ඇස්ටල්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 30 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

පස්වැනි පිතිකරු ලෙස ළහිරු මධුෂංක පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 2/46

(ධනුෂ්ක ගුණතිලක 29, අවිෂ්ක ප්‍රනාන්දු 03, ස්කොට් කුගිලීජන් 2-0-10-0)

           

කුගිලීජන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 2/41

(ධනුෂ්ක ගුණතිලක 25, නිරෝෂන් දික්වැල්ල 02, ටොඩ් ඇස්ටල් 1-0-04-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් හත්වැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ  වේග පන්දු යවන ක්‍රීඩක ටොඩ් ඇස්ටල් කැඳවයි.

ඇස්ටල්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 6 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

සිවුවැනි පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 1/36

(ධනුෂ්ක ගුණතිලක 25, අවිෂ්ක ප්‍රනාන්දු 04, ස්කොට් කුගිලීජන් 1-0-05-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් හයවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ  වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 1/31

(ධනුෂ්ක ගුණතිලක 24, අවිෂ්ක ප්‍රනාන්දු 00, මිචෙල් සෑන්ට්නර් 1-1-00-1)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් පස්වැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

සෑන්ට්නර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි ටොඩ් ඇස්ට්ල් අතට උඩ පන්දුවක් දෙමින් කුසල් පෙරේරා ලකුණු 3 කට දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 0/31

(ධනුෂ්ක ගුණතිලක 24, කුසල් පෙරේරා 03, සෙත් රේන්ස් 2-0-21-0)

         

රෙන්ස්ගේ දෙවැනි ඕවරයේදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 18 ක් රැස්කිරීමට ධනුෂ්ක ගුණතිලක සමත් වෙයි.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 0/13

(ධනුෂ්ක ගුණතිලක 06, කුසල් පෙරේරා 03, ටිම් සවුති 2-0-06-0)

         

සවුතිගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 0/09

(ධනුෂ්ක ගුණතිලක 03, කුසල් පෙරේරා 02, සෙත් රේන්ස් 1-0-03-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෙත් රේන්ස් කැඳවයි.

රෙන්ස්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 0/06

(ධනුෂ්ක ගුණතිලක 01, කුසල් පෙරේරා 01, ටිම් සවුති 1-0-02-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා ධනුෂ්ක ගුණතිලක සමගින් කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුව කුසල් පෙරේරාගේ පාදයේ වැදී හතරේ සීමාව කරා ඇදී යයි.

...................................................................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ළහිරු මධුෂංක, අකිල ධනංජය, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන්

නවසීලන්ත කණ්ඩායම

ටිම් සවුති (නායක), හමීෂ් රදර්ෆර්ඩ්, කොලින් මුන්රෝ, රොස් ටේලර්, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හොම්, ඩැරල් මිචෙල්, මිට් සෙයිෆර්ට්, මිචෙල් සෑන්ට්නර්, සෙත් රේන්ස්, ටොඩ් ඇස්ටේල් සහ ස්කොට් කුගිලීජන්

...................................................................................................................................................................................

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීී අද (6 වැනිදා) පැවැත්වෙන තෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


අදහස් (0)

ශ්‍රී ලංකාවට ලකුණු 37 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.