Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 27 ක ජයක්

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 27 ක ජයක්

editorial - 2019 දෙසැ මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා, එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් වයස 19 න් පහළ කණ්ඩායම් අතර බටහිර ඉන්දීය කොදෙව් දූපත්හිදී පැවැත්වෙන තුන් කොන් යොවුන් එක්දින ජාත්‍යන්තර තරගාවලියේ සිවුවැනි තරගයේදී එංගලන්ත වයස 19 න් පහළ කණ්ඩායමට එරෙහිව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 27 ක ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයෝ ඊයේ (11 වැනිදා) සමත් වූහ.

ජයග්‍රහණය සඳහා ඕවර 45 කදී ලකුණු 150 ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා යොවුන් පිල වර්ෂාව හේතුවෙන් තරගය නතර කරනවිට ඕවර 37 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 143 ක් රැස්කර සිටියේය. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඒ අවස්ථාව වනවිටදී ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා යොවුන් පිලට රැස්කිරීමට අවශ්‍ය වූයේ ලකුණු 116 ක් පමණි.

ලකුණු 23 කට කඩුලු 3 ක් දැවී තිබියදී සිවුවැනි කඩුල්ල සඳහා එක්වූ කමිල් මිෂාර සහ අහන් වික්‍රමසිංහ පන්දු 109 කදී ලකුණු 71 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් ජයග්‍රහණය අවශ්‍ය අඩිතාලම දැමූහ.

අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අහන් වික්‍රමසිංහ වර්ෂාව හේතුවෙන් තරගය නතර කරන තෙක් කඩුල්ලේ රැඳී සිටිමින් පන්දු 83 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 70 ක් ලබාගැනීමට සමත්විය. කමිල් මිශාර පන්දු 76 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 33 ක් රැස්කරමින් අහන්ට අනගි සහයක් ලබාදුන්නේය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත යොවුන් පිලට ඕවර 45 කදී කඩුලු 4 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 149 ක් පමණි.

එහිදී ජෝයි එවිසන් පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 43 ක් රැස්කළ අතර ගෙවිස් ගෝල්ඞ්වර්ති පන්දු 65 කදී නොදැවී ලකුණු 34 ක් රැස්කිරීමට සමත්විය. ඔවුන් දෙදෙනා එක්ව පස්වැනි කඩුල්ල සඳහා පන්දු 83 කදී ලකුණු 66 ක නොබිඳුණු සම්බන්ධතාවයක්ද ගොඩනැගීමට සමත්වූහ.

කවිඳු නදීෂාන් කඩුලු 2 ක් දවාගත් අතර චමිඳු වික්‍රමසිංහ සහ සුධීර තිලකරත්න කඩුල්ල බැගින් දවාගැනීමට සමත්වූහ.


එංගලන්ත යොවුන් පිල - ඕවර 45 කදී කඩුලු 4 කට 149
(ජෝයි එවිසන් නොදැවී 43, ඩෑන් මොවුස්ලි 38, ගෙවිස් ගෝල්ඞ්වර්ති නොදැවී 34, කවිඳු නදීෂාන් 30/2)

ශ්‍රී ලංකා යොවුන් පිල - ඕවර 37 කදී කඩුලු 4 කට 143
(අහන් වික්‍රමසිංහ නොදැවී 70, කමිල් මිෂාර 33, ජෝර්ජ් බල්ඩර්සන් 20/2)

...

 


අදහස් (0)

ශ්‍රී ලංකා යොවුන් පිලට ලකුණු 27 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.