Last Update  :  2024-03-28 18:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ලෝක ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරක දීමනාව අවලංගු කරයි

ලෝක ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරක දීමනාව අවලංගු කරයි

යොහාන් භාසුර - 2019 ඔක් මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව (අයි.සී.සී.) මෙහෙයවන තරගාවලිවල සත්කාරත්වය වෙනුවෙන් මෙතෙක් ලබාදුන් සත්කාරක දීමනාව අවංලගු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක තීරණය කර තිබේ. දින තුනක් පුරා ඩුබායිහිදී පැවැති අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ විධායක කමිටුවේදී මෙම තීරණයට එළඹ තිබේ.

මෙම තීරණයත් සමඟ අන්තර්ජාතික ක්‍රිකට් සභාව 2023 වසරේ සිට මෙහෙයවන තරගාවලිවල සත්කාරත්වය පිරිනැමීම ටෙන්ඩර් පටිපාටියකට අනුව සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

“ඉදිරියේදී අයි.සී.සී. තරගාවලිවල සත්කාරත්වය ලබාගැනීම සාමාජික රටවල්වලට ඒ සඳහා වටිනාමක් ලබාදී ඉල්ලීම් කළ හැකියි. එහිදී ඉහළ ඉල්ලුමට සත්කාරත්වය පිරිනැමීම වෙයි”

“මෙම ක්‍රමය අපි වගේ රටවල්වලටත් හොඳයි. මොකද අපිටත් අනුග්‍රහකයන් සොයාගෙන සත්කාරත්වය ඉල්ලන්න පුළුවන්” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

මීට පෙර ලෝක කුසලාන තරගාවලියක හෝ වෙනත් තරගාවලියක සත්කාරත්වය ඉල්ලා සිටි රටකට හෝ රටවල් කීපයකට ලබාදීමය. එසේත් නැත්නම් සත්කාරත්වය මාරුවෙන් මාරුවට පිරිනැමීමයි. එවැනි සක්තාරත්වයක් සඳහා අන්තර්ජාතික ක්‍රිකට් සභාව සංවිධාන දීමනාවක් ලෙස දැවැන්ත මුදලක් ද ප්‍රදානය කළේය.

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සංවිධානයෙන් 2023 වසරේ සිට 2031 වසර දක්වා වසර අටක කාලය තුළ පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි අට බැගින් ද, වයස 19 න් පහළ පිරිමි සහ කාන්තා ලෝක කුසලාන තරගාවලි හතර බැගින් ද, පැවැත්වීමට නියමිතය.  
 


අදහස් (0)

ලෝක ක්‍රිකට් තරගාවලි සඳහා සත්කාරක දීමනාව අවලංගු කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.