Last Update  :  2024-04-19 17:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International රෂීඩ් ඛාන් බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කරයි

රෂීඩ් ඛාන් බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කරයි

editorial - 2019 සැප් මස 06 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රෂීඞ් ඛාන් (47/4) ඇතුළු ඇෆ්ඝනිස්තාන් පන්දු යවන්නන්ගේ දක්ෂ පන්දු යැවීම හමුවේ චට්ටෝග්‍රාම්හිදී පැවැත්වෙන එකම ටෙස්ට් තරගයේ දෙවැනි දිනයවූ අද (6 වැනිදා) අවසන් වනවිට පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි බංග්ලාදේශයට කඩුලු 8 ක් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 194 ක් පමණී.

මොසැඩෙක් හුසේන් ලකුණු 44 ක් සහ තයිජුල් ඉස්ලාම් ලකුණු 14 ක් ලබාගනිමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිති. ලකුණු 146 කට කඩුලු 8 ක් අහිමිකරගත් බංග්ලාදේශය වැටී තිබූ අගාධයෙන් ගොඩගනිමින් 9 වැනි කඩුල්ල සඳහා ලකුණු 48 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට මොසැඩෙක් හුසේන් සහ තයිජුල් ඉස්ලාම් සමත්වූහ.

මොමිනුල් හක් ලකුණු 52 ක් සහ ලිටන් දාස් ලකුණු 33 ක් රැස්කිරීමට සමත්වුවද සෙසු පිතිකරුවන්ට ලකුණු අතරට පැමිණිමට ඇෆ්ඝනිස්තානු පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ.

රෂීඞ් ඛාන් ලකුණු 47 කට කඩුලු 4 ක් දවාගත් අතර මොහොමඞ් නබී ලකුණු 53 කට කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

පළමු දිනය අවසන් වනවිට පළමු ඉනිම සඳහා කඩුලු 5 ක් දැවී ලකුණු 271 ක් රැස්කර සිටි ඇෆ්ඝනිස්තානය අද දිනයේදී තවත් ලකුණු 71 ක් තුළ ඉතිරි කඩුලු 5 අහිමිකර ගත්තේය.

ඊයේ දිනය අවසන් වනවිට ලකුණු 88 ක් රැස්කරමින් කඩුල්ලේ රැඳී සිටි අස්ඝර් ඇෆ්ඝන්ට අද දිනයේදී ලබාගැනීමට හැකිවූයේ තවත් ලකුණු 4 ක් පමණි. තයිජුල් ඉස්ලාම්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක මුෂ්ෆිකූර් රහීම් අතට උඩපන්දුවක් දෙමින් අස්ඝර් ඇෆ්ඝන් දැවීයන විට ලකුණු 92 ක් රැස්කර සිටියේය. පන්දු 174 ක් පුරා කඩුල්ලේ රැඳී සිටි ඔහුගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

ඊයේ දිනයේ ලකුණු 35 ක් රැස්කරමින් අනෙක් අනෙක් අන්තයේ පන්දුවට පහරදෙමින් සිටි අෆ්සාර් සසායි ලකුණු 41 කට දවාගැනීමට තයිජුල් ඉස්ලාම් සමත්විය. අස්ඝර් ඇෆ්ඝන් සමගින් හයවැනි කඩුල්ල සඳහා ලකුණු 81 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට අෆ්සාර් සසායි සමත්විය.

සිය මංගල අර්ධ ශතකය ලබාගත් නායක රෂීඞ් ඛාන් පන්දු යැවූ මෙහෙදි හසන් අතට උඩපන්දුවක් දෙමින් දැවීගිය අතර පන්දු 75 කට මුහුණදුන් ඔහුගේ ඉනිමට හයේ පහර 3 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය.
ටයිජුල් ඉස්ලාම් කඩුලු 4 ක් ද, නයීම් හසන් සහ සකීබ් අල් හසන් කඩුලු 2 බැගින් ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.


ඇෆ්ඝනිස්තාන පළමු ඉනිම - සියලුදෙනා දැවී 342
(ඉබ්‍රාහිම් සඩ්‍රාන් 21, රහ්මට් ෂා 102, අස්ඝර් ඇෆ්ඝන් 92, අෆ්සාර් සසායි 41, රෂීඞ් ඛාන් 51, ටයිජුල් ඉස්ලාම් 116/4, නයීම් හසන් 43/2, සකීබ් අල් හසන් 43/2)

බංග්ලාදේශ පළමු ඉනිම - කඩුලු 8 ක් දැවී 194
(ලිටන් දාස් 33, මොමිනුල් හක් 52, මොසැඩෙක් හුසේන් නොදැවී 44, රෂීඞ් ඛාන් 47/4, මොහොමඞ් නබී 53/2)

...


අදහස් (0)

රෂීඩ් ඛාන් බංග්ලාදේශ පිතිකරුවෝ මෙල්ල කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.