Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මාලිංග ආයෙමත් ගෙදර එයි

මාලිංග ආයෙමත් ගෙදර එයි

editorial - 2019 ජුනි මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(යොහාන් භාසුර, ලන්ඩන් නුවර සිට...)
එංගලන්තයේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියට සහභාගි වෙමින් සිටින ලසිත් මාලිංග දෙවැනි වරටත් ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් තිබේ.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව ලන්ඩන්හිදී පසුගිය සෙනසුරාදා (15 වැනිදා) පැවැති තරගයට ක්‍රීඩා කළ මාලිංග ඉරිදා නැවත ශ්‍රී ලංකාවට පිටත්ව ගියේය. මාලිංග ලබන බදාදා (19 වැනිදා) නැවත කණ්ඩායමට එක්වීමට නියමිත බව කණ්ඩායම් ආරංචි මාර්ග සඳහන් කරයි.

මාලිංග සිය නැන්දනියගේ දානමය පිංකමට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාව බලා පිටත්ව ගොස් ඇති අතර ඒ සඳහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුමැතිය ලැබී තිබේ.

මාලිංග මෙම තරගාවලිය අතරතුරදී සිය නැන්දනියගේ අවමංගල්‍යයට සහභාගි වීම සඳහා පසුගිය 12 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණ 14 වැනිදා රාත්‍රීයේ නැවතත් ලන්ඩන් නුවරට පැමිණියේය.

 


අදහස් (0)

මාලිංග ආයෙමත් ගෙදර එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.