Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International මාලි කාන්තාවෝ ලකුණු 06 කට දැවී යති

මාලි කාන්තාවෝ ලකුණු 06 කට දැවී යති

editorial - 2019 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

රුවන්ඩා අගනුවර කීගලි නගරයේදී පැවැති ක්විබුකා විස්සයි20 කාන්තා ක්‍රිකට් තරගයකදී මාලි කාන්තා ක්‍රිකට් කණ්ඩායම ලකුණු 6 කට දවාගනිමින් නව ලෝක වාර්තාවක් තැබීමට රුවන්ඩා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත්විය. කාන්තා විස්සයි20 ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකදී කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව ලෙස මෙම තරගය ඉතිහාසගත විය.

මින් පෙර පැවැති වාර්තාව වූයේ එක්සත් ආරාබී එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම විසින් චීන කාන්තා කණ්ඩායම ලකුණු 14 කට දවාගනිමින් තබා තිබූ වාර්තාවය. මේ වසර ආරම්භයේදී බැංකොක් නුවර පැවැති කාන්තා විස්සයි20 තරගාවලියකදී පළමුව පන්දුවට පහරදුන් එක්සත් ආරාබී එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ඕවර 20 අවසානයේදී කඩුලු 3 ක් දැවී ලකුණු 203 ක් රැස්කළ අතර ඊට පිළිතුරු ලෙස චීන කාන්තා කණ්ඩායමට ඕවර 10 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 14 ක් පමණි.

ලකුණු 189 ක ජයක් හිමිකරගත් එක්සත් ආරාබී එමීර් රාජ්‍ය කාන්තා කණ්ඩායම වැඩිම ලකුණු පරතරයකින් තරගයක් ජයගත් කණ්ඩායම ලෙස වාර්තා පොත් අතරට එක්වන විට පන්දු 116 ක් ඉතිරිව ජයගත් රුවන්ඩා කණ්ඩායම වැඩිම පන්දු ගණනකින් තරගයක් ජයගත් කණ්ඩායම ලෙස වාර්තා අතරට එක්වීය.

මාලි කණ්ඩායම් ඉනිම ඕවර 9 කදී අවසන්වූ අතර ඔවුන් ලබාගත් ලකුණු 6 න් පිත්තේ වැදී ලබාගත්තේ ආරම්භක පිතිකාරිණි මාරියම් සමාක් ලබාගත් ලකුණ පමණි. ඉතිරි ලකුණු 5 අතිරේක ලකුණු ලෙස සටහන් විය. අනෙක් පිතිකාරියන් 10 දෙනාටම ලකුණු ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවීය.

19 හැවිරිදි මඳවේග පන්දු යවන ක්‍රිඩිකා ජොසියානී යිරුන්කුන්දිනේසා ඕවර 2 ක් යවමින් නිලකුණු ඕවර 2 ක් සමගින් කඩුලු 3 ක් සහ පාදඟ පන්දු යවන ක්‍රීඩිකා මාග්‍රට් වුමිලියා ඕවර 3 ක් යවමින් නිලකුණු ඕවර 3 ක් සමගින් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ. මඳවේග පන්දු යවන්නියක්වූ මාරී බිමෙන්යිමානා ඕවර 2 ක් යවමින් නිලකුණු ඕවර 2 ක් සමගින් ලකුණු 2 කට කඩුලු 2 ක් දවාගත්තාය. ඇය ලබාදුන් ලකුණු 2 ට මාරියම් සමාක් ලබාගත් ලකුණත් එක් වයිඞ් ලකුණක් අයත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 7 ක ඉලක්කයක් හඹාගිය රුවන්ඩා ක්‍රිඩිකාවෝ පන්දු 4 කදී ලකුණු 8 ක් ලබාගනිමින් ජයග්‍රහණය කළහ.

...


අදහස් (0)

මාලි කාන්තාවෝ ලකුණු 06 කට දැවී යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.