Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International බංග්ලාදේශ නැඟීඑන පිලට කඩුලු 2 ක ජයක්

බංග්ලාදේශ නැඟීඑන පිලට කඩුලු 2 ක ජයක්

editorial - 2019 අගෝ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නජ්මුල් හුසේන් (77) සහ යසීර් අලී (85) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පැවැත්වූ ලකුණු 120 ක සම්බන්ධතාවය හේතුවෙන් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමට එරෙහිව සාවර්හිදී අද (21 වැනිදා) පැවැති දෙවැනි නිලනොවන එක්දින තරගය කඩුලු 2 කින් ජයගැනීමට බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම සමත්විය. ඒ අනුව තරග 3 කින් සමන්විත නිලනොවන එක්දින තරගාවලිය 1-1 ක් ලෙස සමකර ගැනීමට බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 274 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය.

අර්ධ ශතක ලබාගනිමින් බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගිය නජ්මුල් හුසේන් පන්දු 88 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් ලකුණු 77 ක් රැස්කළ අතර යසීර් අලී පන්දු 93 කදී හයේ පහර 5 ක් සහ හතරේ පහර 3 ක් සමගින් ලකුණු 85 ක් රැස්කිරීමට සමත්වූහ.

ශිරාන් ප්‍රනාන්දු සහ ජෙහාන් ඩැනියල් කඩුලු 2 බැගින් දවාගැනීමට සමත්වූහ.

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායමේ නායකයා පළමුව පන්දුවට පහරදිමට තීරණය කළ අතර ඕවර 49.4 කදී සියලුදෙනා දැවී ලකුණු 273 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ.

පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් අර්ධ ශතක රැස්කරමින් ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම් ලකුණු පුවරුව ඉහළ දැමීමට සමත්වූහ. පන්දු 57 කදි හතරේ පහර 8 ක් සමගින් ලකුණු 55 ක් රැස්කිරීමට පැතුම් නිස්සංක සමත්වූ අතර කමිඳු මෙන්ඩිස් පන්දු 81 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 65 ක් රැස්කිරීමට සමත්විය.

චරිත් අසංලක පන්දු 45 කදී හතරේ පහර 5 ක් සමගින් ලකුණු 45 ක් රැස්කළ අතර ජෙහාන් ඩැනියල් පන්දු 41 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 43 ක් රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වීය.

දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට පැතුම් නිස්සංක සහ චරිත් අසංලක සමත්වූ අතර 7 වැනි කඩුල්ල සඳහා ලකුණු 57 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට කමිඳු සහ ජෙහාන් ඩැනියල් සමත්වූහ.

ෆිකුල් ඉස්ලාම් කඩුලු 3 ක් සහ නයීම් හසන් කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.


ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම - ඕවර 49.4 කදී සියලුදෙනා දැවී 273
(පැතුම් නිස්සංක 55, චරිත් අසංලක 45, සම්මු අශාන් 21, කමිඳු මෙන්ඩිස් 65, ජෙහාන් ඩැනියල් 43, ශෆිකුල් ඉස්ලාම් 51/3, නයීම් හසන් 35/2)

බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායම- ඕවර 49.3 කදී කඩුලු 8 ක් දැවී 274
(සයිෆ් හසන් 27, නජ්මුල් හුසේන් 77, යසීර් අලී 85, ශිරාන් ප්‍රනාන්දු 30/2, ජෙහාන් ඩැනියල් 46/2)

...


අදහස් (0)

බංග්ලාදේශ නැඟීඑන පිලට කඩුලු 2 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.