Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International පුහුණුකරුවන් නැතිව පුහුණුවෙති

පුහුණුකරුවන් නැතිව පුහුණුවෙති

යොහාන් භාසුර - 2019 අගෝ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ටෙස්ට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද (07) පෙරවරුවේ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පුහුණුවීම් ආරම්භ කළ ද එම අවස්ථාවට ප්‍රධාන පුහුණුකරුවකු සහභාගි නොවූ බව වාර්තා වේ. ශ්‍රී ලංකා පිලේ නිත්‍ය පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා හෝ තාවකාලික පුහුණුකරු වශයෙන් පත්කිරීමට නියමිතව සිටි ජෙරම් ජයරත්න මහතා හෝ මේ අවස්ථාවට සහභාගි නොවූ බව දැනගන්නට තිබේ.

හතුරුසිංහ මහතා නිලවශයෙන් පුහුණුකරු ධූරයෙන් මේ දක්වා ඉවත්කර නොමැති බව දැනගන්නට ඇති අතර ඔහුට චෝදනා පත්‍රයක් යොමු කර තිබේ.   

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 14 වැනිදා ආරම්භ වන පළමු ටෙස්ට් තරගය සඳහා නම් කර ඇති ක්‍රීඩකයන් 22 න් දිනේෂ් චන්දිමාල් හැර සෙසු ක්‍රීඩකයෝ පුහුණුවීම්වලට සහභාගි වූහ. චන්දිමාල් මේ වන විට කැනඩාවේ ලීග් තරගාවලියකට සහභාගි වෙමින් සිටින අතර ඔහු හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇති බව වාර්තා වේ.
 


අදහස් (0)

පුහුණුකරුවන් නැතිව පුහුණුවෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.