Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නවසීලන්තයට කඩුලු 4 ක ජයක්
සජීවී විචාරය

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

editorial - 2019 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(සැකසුම : ශානුක අරවින්ද)

...................................................................................................................................................................................

ශ්‍රී ලංකාව පරදවා කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට නවසීලන්තය සමත් වෙයි. මෙම ජයත් සමගින් තවත් තරගයක් ඉතිරිව තිබියදීම දෙරට අතර පැවැත්වෙන විස්සයි20 තරගාවලිය 2-0 ක් ලෙස ජයගැනීමටද නවසීලන්තය සමත් වෙයි.

...................................................................................................................................................................................

ඕවර 19.4 කදී - 6/165 

(මිචෙල් සෑන්ට්නර් 10, ටිම් සවුති 00, වනිඳු හසරංග 2.4-0-32-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 20 වැනි ඕවරය යැවීම සඳහා වනිඳු හසරංග පැමිණෙයි.

ලකුණු 53 ක් ලබා සිටි ටොම් බෘස් දුවද්දී දවාගැනීමකටට හසුකර ගැනීමට වනිදු හසරංග සමත් වෙයි. (හතරේ පහර 3 යි)

හත්වැනි පිතිකරු ලෙස මිචෙල් සෑන්ට්නර් පිටියට පිවිසෙයි.

වනිඳුගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි ළහිරු මධුෂංක අතට උඩ පන්දුවක් දෙමින් ඩැරල් මිචෙල් එක් ලකුණකට දැවී යයි.

අටවැනි පිතිකරු ලෙස නායත ටිම් සවුති පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 19 කදී - 4/155 

(ටොම් බෘස් 53, ඩැරල් මිචෙල් 01, ඉසුරු උදාන 3-0-18-1)

         

උදානගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපයේ පන්දු රකිමින් සිට අවිෂ්ක ප්‍රනාන්දු අතට උඩ පන්දුවක දෙමින් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලකුණු 59 කට දැවී යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 2 යි)

හයවැනි පිතිකරු ලෙස ඩැරල් මිචෙල් පිටියට පිවිසෙයි.

එම ඕවරයේ තෙවැනි පන්දුවට ටොම් බෘස්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 44 කදී හතරේ පහර 3 ක් සමගින් ටොම් බෘස් සිට දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................................

ඕවර 18 කදී - 3/145 

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 57, ටොම් බෘස් 46, ලසිත් මාලිංග 4-0-39-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 18 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ සිවුවැනි ඕවරයට ලකුණු 9 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 17 කදී - 3/136 

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 56, ටොම් බෘස් 40, ඉසුරු උදාන 2-0-08-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 17 වැනි ඕවරය යැවීම සඳහා ඉසුරු උදාන කැඳවයි.

උදානගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 3/133

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 55, ටොම් බෘස් 38, ලක්ෂාන් සඳකැන් 4-0-16-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 16 වැනි ඕවරය යැවීම සඳහා ලක්ෂාන් සඳකැන් කැඳවයි.

සඳකැන්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 3/130

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 54, ටොම් බෘස් 36, ලසිත් මාලිංග 3-0-31-0)

           

මාලිංගගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් ලෝන් ඕෆ් කළපය හරහා හතරේ පහරක්.

පන්දු 37 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගින් කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් සිය දෙවැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගනී.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 3/119

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 45, ටොම් බෘස් 34, අකිල ධනංජය 4-0-36-3)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 14 වැනි ඕවරය යැවීම සඳහා අකිල ධනංජය කැඳවයි.

ධනංජයගේ සිවුවැනි තෙවැනි පන්දුවේදී කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් ලබාදුන් උඩ පන්දුවක් ඩීප් මිඩ් විකට් කළාපයේ පන්දු රකිමින් සිටි අතිරේක ක්‍රීඩක ළහිරු මධුෂංක අතින් ගිළිහෙයි.

එම ඕවරයේ අවසන් පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 3/106

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 36, ටොම් බෘස් 30, ලසිත් මාලිංග 2-0-20-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 13 වැනි ඕවරය යැවීම සඳහා ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 3/100

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 34, ටොම් බෘස් 27, වනිඳු හසරංග 2-0-22-0)

         

වනිඳුගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ටොම් බෘස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් අවසන් පන්දුවට ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 3/84

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 23, ටොම් බෘස් 22, ලක්ෂාන් සඳකැන් 3-0-13-0)

           

සඳකැන්ගේ තෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 3/79

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 20, ටොම් බෘස් 20, වනිඳු හසරංග 1-0-06-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 10 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග කැඳවයි.

වනිඳුගේ පළමු ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 3/73

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 16, ටොම් බෘස් 19, ලක්ෂාන් සඳකැන් 2-0-09-0)

           

සඳකැන්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 3/67

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 14, ටොම් බෘස් 16, ඉසුරු උදන 1-0-05-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 8 වැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන  කැඳවයි.

උදානගේ පළමු ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 3/62

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, ටොම් බෘස් 13, ලක්ෂාන් සඳකැන් 1-0-03-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් 7 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සඳකැන් කැඳවයි.

සඳකැන්ගේ පළමු ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 3/59

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 12, ටොම් බෘස් 10, අකිල ධනංජය 3-0-23-3)

           

ධනංජයගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ටොම් බෘස්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 3/51

(ටිම් සෙයිෆර්ට් 11, ස්කොට් කුගිලීජන් 03, ෂෙහාන් ජයසූරිය 2-0-22-0)

         

ෂෙහාන්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම්ගෙන් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහර්.

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 3/40

(කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් 02, ටොම් බෘස් 01, අකිල ධනංජය 2-0-15-3)

           

ධනංජයගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට ස්කොට් කුගිලීජන්ගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ දෙවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් ස්කොට් කුගිලීජන් ලකුණු 8 කට දැවී යයි. (හයේ පහර 1 යි)

සිවුවැනි පිතිකරු ලෙස කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හෝම් පිටියට පිවිසෙයි.

සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසු වෙමින් ටිම් සෙයිෆර්ට් ලකුණු 15 කට දැවී යයි. (හතරේ පහර 3 යි)

පස්වැනි පිතිකරු ලෙස ටොම් බෘස් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 1/30

(ටිම් සෙයිෆර්ට් 15, ස්කොට් කුගිලීජන් 02, ෂෙහාන් ජයසූරිය 1-0-11-0)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් තෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂෙහාන් ජයසූරිය කැඳවයි.

ෂෙහාන්ගේ පළමු ඕවරයේ පස්වැනි සහ අවසන් පන්දුවලට ටිම් සෙයිෆර්ට් ගෙන් මිඩ් ඕන් සහ එක්ස්ට්‍රා කවර් කළාප හරහා පිට පිට හතරේ පහර 2 ක්.

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 1/19

(ටිම් සෙයිෆර්ට් 06, ස්කොට් කුගිලීජන් 00, අකිල ධනංජය 1-0-05-1)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය කැඳවයි.

ධනංජයගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට කොලින් මුන්රෝගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරය් සිවුවැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි වනිඳු හසරංග අතට උඩ පන්දුවක් දෙමින් කොලින් මුන්රෝ ලකුණු 13 කය දැවී යයි. (හතරේ පහර 3 යි)

තෙවැනි පිතිකරු ලෙස ස්කොට් කුගිලීජන් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 0/14 

(කොලින් මුන්රෝ 09, ටිම් සෙයිෆර්ට් 05, ලසිත් මාලිංග 1-0-14-0)

         

නවසීලන්ත ඉනිම ආරම්භ කිරීම සඳහා කොලින් මුන්රෝ සමගින් ටිම් සෙයිෆර්ට් පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග පැමිණෙයි.

මාලිංගගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ටිම් සෙයිෆර්ට්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි සහ අවසන් පන්දුවලට කොලින් මුන්රෝගෙන් බැක්වඩ් පොයින්ට් සහ එස්ට්‍රා කවර් කළාප හරහා පිට පිට හතරේ පහර 2 ක්.

...................................................................................................................................................................................

නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 162 ක ඉලක්කයක්.

...................................................................................................................................................................................

ඕවර 20 කදී - 9/161

(ලසිත් මාලිංග 00, සෙත් රේන්ස් 4-0-33-2)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 19 වැනි ඕවරය යැවීම සඳහා සෙත් රේන්ස් පැමිණෙයි.

රේන්ස්ගේ සිවුවැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ඉසුරු උදානගෙන් ඩීප් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවේදී ලෝන් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ඩැරල් මිචෙල් අතට උඩ පන්දුවක් දෙමින් ඉසුරු උදාන ලකුණු 13 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

10 වැනි පිතිකරු ලෙස ලසිත් මාලිංග පිටියට පිවිසෙයි.

අවසන් පන්දුවේදී අකිල ධනංජය (0) දුවද්දී දවාගැනීමකට හසුකර ගැනීමට ටිම් සෙයිෆර්ට් සහ සෙත් රේන්ස් සමත් වෙති.

...................................................................................................................................................................................

ඕවර 19 කදී - 7/151

(ඉසුරු උදාන 03, අකිල ධනංජය 00, ටිම් සවුති 4-0-18-2)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 19 වැනි ඕවරය යැවීම සඳහා ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවේදී බැක්වඩ් පොයින්ට් කළාපයේ පන්දු රකිමින් සිටි ඩැරල් මිචෙල් අතට උඩ පන්දුවක් දෙමින් ෂෙහාන් ජයසූරිය ලකුණු 20 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 2 යි)

නමවැනි පිතිකරුවා ලෙස අකිල ධනංජය පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 18 කදී - 6/148

(ෂෙහාන් ජයසූරිය 18, ඉසුරු උදාන 02, ස්කොට් කුගිලීජන් 4-0-38-2)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 18 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට කඩුලු රකින්නාගේ හිසට ඉහළින් හතරේ පහරක් එල්ල කළ ෂෙහාන් ජයසූරියගෙන් දෙවැනි පන්දුවට ඩීප් බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුව කඩුල්ලේ වැදීමෙන් වනිඳු හසරංග ලකුණු 11 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

අටවැනි පිතිකරුවා ලෙස ඉසුරු උදාන පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 17 කදී - 5/135

(ෂෙහාන් ජයසූරිය 07, වනිඳු හසරංග 11, ඉෂ් සෝධි 4-0-34-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 17 වැනි ඕවරය යැවීම සඳහා ඉෂ් සෝධි කැඳවයි.

සෝධිගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට වනිඳු හසරංගගෙන් ඩීප් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 16 කදී - 5/124

(ෂෙහාන් ජයසූරිය 05, වනිඳු හසරංග 02, සෙත් රේන්ස් 3-0-23-2)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 16 වැනි ඕවරය යැවීම සඳහා සෙත් රේන්ස් කැඳවයි. 

රෙන්ස්ගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් නිරෝෂන් දික්වැල්ල ලකුණු 39 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)

හත්වැනි පිතිකරු ලෙස වනිඳු හසරංග පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 15 කදී - 4/116

(නිරෝෂන් දික්වැල්ල 34, ෂෙහාන් ජයසූරිය 04, ස්කොට් කුගිලීජන් 3-0-25-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 15 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් කුගිලීජන් කැඳවයි. 

කුගිලීජන්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දසුන් ශානක ලකුණු නොළබා දැවී යයි.

හයවැනි පිතිකරු ලෙස ෂෙහාන් ජයසූරිය පිටියට පිවිසෙයි.

එම ඕවරයේ පස්වැනි පන්දුවට ෂෙහාන් ජයසූරියගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 14 කදී - 3/110

(නිරෝෂන් දික්වැල්ල 33, දසුන් ශානක 00, ටිම් සවුති 3-0-15-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 14 වැනි ඕවරය යැවීම සඳහා ටිම් සවුති  කැඳවයි. 

සවුතිගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 37 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)

පස්වැනි පිතිකරු ලෙස දසුන් ශානක පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 13 කදී - 2/103

(අවිෂ්ක ප්‍රනාන්දු 33, නිරෝෂන් දික්වැල්ල 30, මිචෙල් සෑන්ට්නර් 4-0-34-0)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 13 වැනි ඕවරය යැවීම සඳහා මිචෙල් සෑන්ට්නර් කැඳවයි. 

සෑන්ට්නර්ගේ සිවුවැනි ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලෝන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 12 කදී - 2/89

(අවිෂ්ක ප්‍රනාන්දු 22, නිරෝෂන් දික්වැල්ල 27, ඉෂ් සෝධි 3-0-23-1)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 12 වැනි ඕවරය යැවීම සඳහා ඉෂ් සෝධි කැඳවයි. 

සෝධිගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් ලෝන් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 11 කදී - 2/80

(අවිෂ්ක ප්‍රනාන්දු 19, නිරෝෂන් දික්වැල්ල 21, ස්කොට් කුගිලීජන් 2-0-20-0)

          

පන්දු යැවීමේ වෙනසක් කරමින් 11 වැනි ඕවරය යැවීම සඳහා ස්කොට් කුගිලීජන් කැඳවයි. 

කුගිලීජන්ගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ පස්වැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් ලොන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 10 කදී - 2/69

(අවිෂ්ක ප්‍රනාන්දු 13, නිරෝෂන් දික්වැල්ල 17, මිචෙල් සෑන්ට්නර් 3-0-20-0)

          

සෑන්ට්නර්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් ලොන් ඕන් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 9 කදී - 2/59

(අවිෂ්ක ප්‍රනාන්දු 12, නිරෝෂන් දික්වැල්ල 08, ඉෂ් සෝධි 2-0-14-1)

          

සෝධිගේ දෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට අවිෂ්ක ප්‍රනාන්දුගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ සිවුවැනි පන්දුවට නිරෝෂන් දික්වැල්ලගෙන් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 8 කදී - 2/48

(අවිෂ්ක ප්‍රනාන්දු 07, නිරෝෂන් දික්වැල්ල 03, මිචෙල් සෑන්ට්නර් 2-0-10-0)

          

සෑන්ට්නර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 7 කදී - 2/42

(අවිෂ්ක ප්‍රනාන්දු 03, නිරෝෂන් දික්වැල්ල 01, ඉෂ් සෝධි 1-0-04-1)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් හත්වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ඉෂ් සෝධි කැඳවයි.

සෝධිගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුව පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ල මතට පතිත වීම නිසා කුසල් පෙරේරා ලකුණු 11 කට දැවී යයි.

සිවුවැනි පිතිකරු ලෙස නිරෝෂන් දික්වැල්ල පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 6 කදී - 1/38

(කුසල් පෙරේරා 09, අවිෂ්ක ප්‍රනාන්දු 02, මිචෙල් සෑන්ට්නර් 1-0-04-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් හයවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක මිචෙල් සෑන්ට්නර් කැඳවයි.

සෑන්ට්නර්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 5 කදී - 1/34

(කුසල් පෙරේරා 07, අවිෂ්ක ප්‍රනාන්දු 00, සෙත් රේන්ස් 2-0-15-1)

         

පන්දු යැවීමේ වෙනසක් කරමින් පස්වැනි ඕවරය යැවීම සඳහා සෙත් රේන්ස් කැඳවයි.

රෙන්ස්ගේ දෙවැනි ඕවරයේ පළමු පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් තර්ඩ් මෑන් කළාපය හරහා හතරේ පහරක්.

එම ඕවරයේ අවසන් පන්දුවේදී මිඩ් ඕෆ් කළාපයේ පන්දු රකිමින් සිටි ටිම් සවුති අතට උඩ පන්දුවක් දෙමින් කුසල් මෙන්ඩිස් ලකුණු 26 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 2 යි)

තෙවැනි පිතිකරු ලෙස අවිෂ්ක ප්‍රනාන්දු පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................................

ඕවර 4 කදී - 0/28 

(කුසල් මෙන්ඩිස් 22, කුසල් පෙරේරා 06, ස්කොට් කුගිලීජන් 1-0-10-0)

           

පන්දු යැවීමේ වෙනසක් කරමින් සිවුවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ  වේග පන්දු යවන ක්‍රීඩක ස්කොට් කුගිලීජන් කැඳවයි.

කුගිලීජන්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ෆයින් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 3 කදී - 0/18

(කුසල් මෙන්ඩිස් 15, කුසල් පෙරේරා 03, ටිම් සවුති 2-0-08-0)

         

සවුතිගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................................

ඕවර 2 කදී - 0/14

(කුසල් මෙන්ඩිස් 13, කුසල් පෙරේරා 01, සෙත් රේන්ස් 1-0-10-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක සෙත් රේන්ස් කැඳවයි.

රෙන්ස්ගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................................

ඕවර 1 කදී - 0/04

(කුසල් මෙන්ඩිස් 04, කුසල් පෙරේරා 00, ටිම් සවුති 1-0-04-0)

         

ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීම සඳහා කුසල් මෙන්ඩිස් සමගින් කුසල් පෙරේරා පිටියට පිවිසෙති.

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති පැමිණෙයි.

සවුතිගේ පළමු ඕවරයේ දෙවැනි පන්දුවට කුසල් මෙන්ඩිස්ගෙන් මිඩ් ඕන් සහ මිඩ් විකට් කළාප අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................................

පළමු තරගයේ වීරයා බවට පත්වූ රොස් ටේලර්ට සිය වම් ඇලපතේ මස්පිඩු පෙරළීමක් හේතුවෙන් මෙම තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී ඇත.

...................................................................................................................................................................................

කණ්ඩායම් දෙකම එක් වෙනස්කම බැගින් සිදුකරමින් දෙවැනි තරගයට පිවිසෙන අතර ශ්‍රී ලංකා කණ්ඩායමට කසුන් රාජිත වෙනුවට ලක්ෂාන් සඳකැන්ද, නවසීලන්ත කණ්ඩායමට රොස් ටේලර් වෙනුවට ටොම් බෘස්ද ඇතුළත්ව සිටිති.

...................................................................................................................................................................................

ශ්‍රී ලංකා කණ්ඩායම

ලසිත් මාලිංග (නායක), කුසල් පෙරේරා, අවිෂ්ක ප්‍රනාන්දු, කුසල් මෙන්ඩිස්, නිරෝෂන් දික්වැල්ල, දසුන් ශානක, ෂෙහාන් ජයසූරිය, අකිල ධනංජය, ඉසුරු උදාන, වනිඳු හසරංග සහ ලක්ෂාන් සඳකැන්

නවසීලන්ත කණ්ඩායම

ටිම් සවුති (නායක), මාටින් ගප්ටිල්, කොලින් මුන්රෝ, ටොම් බෘස්, කොලින් ඩි‘ග්‍රෑන්ඩ්හොම්, ඩැරල් මිචෙල්, මිට් සෙයිෆර්ට්, මිචෙල් සෑන්ට්නර්, සෙත් රේන්ස්, ස්කොට් කුගිලීජන් සහ ඉෂ් සෝධි

...................................................................................................................................................................................

ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීී අද (3 වැනිදා) පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.


අදහස් (0)

නවසීලන්තයට කඩුලු 4 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.