Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල අතර කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (08) ආරම්භ වූ පුහුණු තුන්දින ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු හයක් දැවී ලකුණු 323 ක් රැස්කර සිටියේය.
නායක අෂාන් ප්‍රියංජන් (නොදැවී 56) සහ මිනෝද් භානුක (නොදැවී 14) අද පස්වරුවේ ක්‍රීඩාව අවසන් කරන විට පන්දුවට පහර දෙමින් සිටියහ.
ශ්‍රී ලංකා පිලේ ආරම්භක පිතිකරු වූ ටෙස්ට් ක්‍රීඩකයන් වන ධනුෂ්ක ගුණතිලක (98) සහ සදීර සමරවික්‍රම (80) ශතක පෙනෙන මානයේ සිටියදී දැවී ගියහ.
ධනුෂ්ක වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 97 කදී හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 98 ක් රැස්කිරීමට සමත් විය. සදීර පන්දු 90 කින් හතරේ පහර 13 ක් සමගින් ලකුණු 80 ක් රැස් කළේය.
නවසීලන්ත පිලේ වමතින් දඟ පන්දු යවන අජාෂ් පටෙල් ලකුණු 41 කට කඩුලු පහක් දවාගත්තේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිවරයාගේ පිලේ නායක අෂාන් ප්‍රියංජන් කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීම තෝරාගත්තේය.
වර්ෂාව හේතුවෙන් මෙම තරගය ආරම්භ වීම පැය දෙකකට අධික කාලයක් ප්‍රමාද කිරීමට සිදුවිය.
හෙට (09) තරගයේ දෙවැනි දිනයයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ පිල පළමු ඉනිම - ඕවර 65.5 කදී කඩුලු 6 ට 323
(ධනුෂ්ක ගුණතිලක 98, සදීර සමරවික්‍රම 80, ඇන්ජලෝ පෙරේරා 32, අෂාන් ප්‍රියංජන් නොදැවී 56, පැතුම් නිස්සංක 35, මිනෝද් භානුක නොදැවී 14, අජාෂ් පටෙල් 41/5)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.