Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

editorial - 2019 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලෝක කුසලාන තරගාවලියේ 21 වැනි තරගය ලෙස දකුණු අප්‍රිකාව සහ ඇෆ්ඝනිස්තානය අතර කාර්ඩිෆ්හිදී ඊයේ (15 වැනිදා) පැවැති තරගය ඩක්වත් ලුවිස් න්‍යායට අනුව කඩුලු 9 කින් ජයගැනීමට දකුණු අප්‍රිකාව සමත්විය. ඒ අනුව මෙවර ලෝක කුසාලන තරගාවලියේ තරග 5 කට ක්‍රීඩාකර ඇති දකුණු අප්‍රිකාව පළමු ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 127 ක ඉලක්කයක් හඹාගිය දකුණු අප්‍රිකාව ඕවර 28.4 කදී කඩුල්ලක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

සාර්ථක ආරම්භයක් ලබාගත් හසීම් අම්ලා සහ කුයින්ටන් ඩි‘කොක් පළමු කඩුල්ල සඳහා පන්දු 137 කදී ලකුණු 104 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් දකුණු අප්‍රිකාව ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ. අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දක්වූ ඩි‘කොක් දැවීයන විට පන්දු 72 කදී හතරේ පහර 8 ක් සමගින් ලකුණු 68 ක් රැස්කිරීමට සමත්විය.

නොදැවී කඩුල්ලේ රැඳී සිටි හසීම් අම්ලා පන්දු 83 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත් අතර හයේ පහරකින් ජයග්‍රහණය වාර්තා කළ ඇන්ඩිල් පෙලුක්වායෝ පන්දු 17 කදී හයේ පහර 2 ක් සමගින් නොදැවී ලකුණු 17 ක් ලබාගත්තේය.

කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා ඇෆ්ඝනිස්තානයට ආරාධනා කළ අතර ඕවර 31.4 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 125 ක් පමණි. වර්ෂාව හේතුවෙන් තරගය දෙවරක් නතර කිරීමට සිදුවීම නිසා මිනිත්තු 90 ක් පමණ අහිමිවූ අතර තරගය ඕවර 48 කට සීමාවිය. ඒ අනුව ඩක්වත් ලුවිස් න්‍යායට අනුව දකුණු අප්‍රිකානුවන්ට ඕවර 48 කදී ලකුණු 127 ක ඉලක්කයක් හිමිවිය.

ලකුණු 56 කට කඩුල්ලක් දැවී සාර්ථක පිතිහරඹයක නිරතවූ ඇෆ්ඝනිස්තාන පිතිකරුවන් 6 දෙනෙකු ලකුණු 21 ක් තුළ දවාගැනීමට දකුණු අප්‍රිකානු පන්දු යවන්නෝ සමත්වූහ.

ආරම්භක පිතිකරවන් දෙදෙනා තරමක් දුරට සාර්ථක ආරම්භයක් ලබාදුන්නද සෙසු පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් ඇෆ්ඝනිස්තාන් ඉනිම අඩු ලකුණු සංඛ්‍යාවකට සීමාවිය. හස්රතුල්ලා සසායි පන්දු 23 කදී හතරේ පහර 3 ක් සමගින් ලකුණු 22 ක් රැස්කළ අතර නූර් අලී පන්දු 58 කදී හතරේ පහර 4 ක් සමගින් ලකුණු 32 ක් රැස්කිරීමට සමත්විය.

ලකුණු 77 කට කඩුලු 7 ක් දැවී තිබියදී පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසි රෂීඞ් ඛාන් වේගවත් පිතිහරඹයක නිරත වෙමින් පන්දු 25 කදී හතරේ පහර 6 ක් සමගින් ලකුණු 35 ක් රැස්කරමින් අෆ්ඝනිස්තානය වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරවා බවට පත්විය.

හස්රතුල්ලා සසායි, නූර් අලී සහ රෂීඞ් ඛාන් ලකුණු 20 සීමාව පසුකිරීමට සමත්වූ අතර සෙසු පිතිකරුවන්ට ලකුණු 10 සීමාව පසුකිරීමට අවස්ථාවක් ඉම්රාන් තහීර් සහ ක්‍රීස් මොරිස් ඇතුළු පන්දු යවන්නෝ අවස්ථාවක් ලබානොදුන්හ. ඉම්රාන් තහීර් ලකුණු 29 කට කඩුලු 4 ක් ද ක්‍රීස් මොරිස් ලකුණු 13 කට කඩුලු 3 ක් සහ ඇන්ඩිල් පෙලුක්වායෝ ලකුණු 18 කට කඩුලු 2 ක් දවාගනිමින් ඇෆ්ඝනිස්තාන් පිතිකරුවෝ අසරණ කිරීමට සමත්වූහ.

ඇෆ්ඝනිස්තානය - ඕවර 34.1 කදී සියලුදෙනා දැවී 125
(හස්රතුල්ලා සසායි 22, නූර් අලී 32, රෂීඞ් ඛාන් 35, ඉම්රාන් තහීර් 29/4, ක්‍රීස් මොරිස් 13/3, ඇන්ඩිල් පෙලුක්වායෝ 18/2)

දකුණූ අප්‍රිකාව - ඕවර 28.4 කදී කඩුල්ලක් දැවී 131
(හසීම් අම්ලා නොදැවී 41 , කුයින්ටන් ඩි‘කොක් 68


අදහස් (0)

දකුණු අප්‍රිකාව පළමු ජය ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.