Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියේ පළමු තරගය සඳහා වන ක්‍රීඩකයන් 15 දෙනාගේ සංචිතයට හිටපු නායක දිනේෂ් චන්දිමාල් ඇතුළත් කර තිබේ. පසුගිය වසර අගදී පැවැති නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියානු සංචාර වලදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දැරූ චන්දිමාල්ට දකුණු අප්‍රිකානු සංචාරයේදී ස්ථානයත් අහිමි විය.
නවසීලන්ත සහ ඕස්ටේ්‍රලියානු සංචාර දෙකේදීම පැවැති ටෙස්ට් තරග 4 කදී චන්දිමාල් ලබාගත්තේ ලකුණු 92 ක් පමණක් වූවද දකුණු අප්‍රිකානු සංචාරයේදී ඔහුට කණ්ඩායමේ ස්ථානය අහිමි වීමට වෙනත් හේතු බලපෑවේය. ඒ වන විට පාදයේ කලව පිටුපස මස්පිඬුවේ අබාධයකට ලක්ව සිටි ඇන්ජලෝ මැතිව්ස්ද දකුණු අප්‍රිකානු සංචාරට එක් නොවූ නමුත් නවසීලන්තයට එරෙහිව පැවැත්වෙන තරගාවලිය සඳහා ඇතුළත් කර තිබේ.
දකුණු අප්‍රිකානු සංචාරයේදී ශ්‍රී ලංකා පිලේ උපනායකයාව සිටියද ලෝක කුසලාන තරගාවලියට එක් නොවූ නිරෝෂන් දික්වැල්ල ද නැවතත් ටෙස්ට් සංචිතයට කැඳවා ඇත.
පළමු ටෙස්ට් තරගය සඳහා වන 15 දෙනකුගෙන් සමන්විත සංචිතය අද (9 වැනිදා) පෙරවරුවේදී නම්කරන ලදි. තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 22 අතරට ඇතුළත්ව සිටි ධනුෂ්ක ගුණතිලක, ඩිල්රුවන් පෙරේරා සහ ෂෙහාන් ජයසූරියට 15 දෙනාගේ සංචිතය මඟහැරී තිබේ.
වමතින් පා දඟ පන්දු යවන්නන් වන ලක්ෂාන් සඳකැන් සහ ලසිත් ඇඹුල්දෙණියට අමතරව පිට දඟ පන්දු යවන්නන් වශයෙන් අකිල ධනංජය මෙන්ම ධනංජය ද සිල්වාත් කණ්ඩායමේ සිටිති. මේ වන විට පාදයේ ආබාධයකට ලක්ව සිටින ඩිල්රුවන් පෙරේරාට පළමු තරගය අහිමි වී ඇතත් දෙවැනි තරගයේදී ස්ථානයක් ලැබීමේ අවස්ථාවක් ඇතැයි කියැවේ.
වේග පන්දු යවන්නන් වශයෙන් සුරංග ලක්මාල්, ළහිරු කුමාර සහ විශ්ව ප්‍රනාන්දු යන තිදෙනාම කණ්ඩායමේ සිටියද නවසීලන්ත පිලට එරෙහිව ගාල්ලේදී පැවැත්වෙන තරගයක් වන බැවින් බොහෝ විට තරගයට යොදාගනු ඇත්තේ වේග පන්දු යවන්නන් දෙදෙනකු පමණි.
පළමු ටෙස්ට් තරගය සඳහා වන සංචිතය
දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ළහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඕෂධ ප්‍රනාන්දු, අකිල ධනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, විශ්ව ප්‍රනාන්දු සහ ළහිරු කුමාර
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.