Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International කෝලි යළිත් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණට

කෝලි යළිත් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2019 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් අද (4 වැනිදා) නිකුත් කරන ලද නවතම ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පෙරමුණේ සිටි ඕස්ට්‍රේලියාවේ ස්ටීවන් ස්මිත් පසුපසට ඇද දමමින් ඉදිරියට පැමිණීමට ඉන්දීය නායක විරාට් කෝලී සමත්විය.  ඒ අනුව විරාට් කෝලීට ප්‍රසාද ලකුණු 928 ක් හිමිවී ඇති අතර ස්ටීවන් ස්මිත්ගේ ප්‍රසාද ලකුණු මට්ටම 923 දක්වා පහත වැටුණි.

අද නිකුත් කළ  ශ්‍රේණිගත කිරීම් වලට පෙර ස්ටීවන් ස්මිත් ප්‍රසාද ලකුණු 931 සහ විරාට් කෝලී ප්‍රසාද ලකුණු 928 ක් ලබාගනිමින් පළමු සහ දෙවැනි ස්ථාන වල පසුවූ අතර පාකිස්තානයට එරෙහිව පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ස්ටීවන් ස්මිත් ලකුණු 36 කට දැවීයාම හේතුවෙන් ප්‍රසාද ලකුණු 8 ක් ඔහුට අහිමිවිය.

පාකිස්තානයට එරෙහිව ඇඩිලේඩ්හිදී පැවැති ටෙස්ට් තරගයේදී විශිෂ්ට පිතිහරඹයක නිරතවූ ඬේවිඞ් වෝනර් ත්‍රිත්ව ශතකයක් (නොදැවී 335) ලබාගැනීමත් සමගින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 12 ක් ඉදිරියට පැමිණීමට සමත්විය. ඒ අනුව වසරක තරග තහනමෙන් පසුව පළමු වරට හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණි වෝනර් පස්වැනි ස්ථානය දක්වා ඉහළ පැමිණියේය.

මේ වසර ආරම්භයේදී ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී 110 වන ස්ථානයේ පසුවු මානස් ලැබුස්චේන්ජ් පළමු වරට හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණිමට සමත්විය. ඒ අනුව ඔහු 8 වැනි ස්ථානට හිමිකර ගත්තේය.

ඕස්ටේ්‍රලියාවට එරෙහිව ඇඩ්ලේඩ්හිදී පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී සටන්කාමී ඉනිමක් ක්‍රීඩාකරමින් ලකුණු 97 ක් ලබාගත් බාබර් අසාම් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 2 ක් ඉදිරියට පැමිණෙමින් 13 වැනි ස්ථානයට පැමිණියේය. එම තරගයේ දෙවැනි ඉනිමේදී අර්ධ ශතකයක් (68) ලබාගත් ශාන් මසූඞ් 47 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

නවසීලන්තයට එරෙහිව පැවැති තරගයේදී ද්විත්ව ශතකයක් (226) ලබාගත් එංගලන්ත නායක ජෝ රූට් සතියකට පසු නැවතත් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම්හී හොඳම පිතිකරුවන් 10 දෙනා අතරට පැමිණියේය. 11 වැනි ස්ථානයේ පසුවූ රූට් 7 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය. රොරී බර්න්ස්ගේ දෙවැනි ටෙස්ට් ශතකය ඔහුව පළමු 40 දෙනා අතරට තල්ලු කරමින් 36 දක්වා පැමිණ තිබේ.

පිතිකරුවන් ශ්‍රේණිගත කිරිම්හී 7 වැනි ස්ථානයේ සිටි දිමුත් කරුණාරත්න නවතම ශ්‍රේණිගත කිරීම් වලට අනුව ස්ථාන 3 ක් පහත වැටී ඇත. එු අනුව ඔහුට හිමිවී ඇත්තේ 10 වැනි ස්ථානයයි.

බටහිර ඉන්දීය කොදෙව් නායක ජේසන් හෝල්ඩර් ඇෆ්ඝනිස්තානයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී කඩුලු 5 ක් දවාගැනීමත් සමගින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී එක් ස්ථානයක් ඉදිරියට පැමිණෙමින් 3 ස්ථානයට පැමිණි අතර ප්‍රසාද ලකුණු 830 ක් ලබාගත් ඔහු ටෙස්ට් දිවියේ ලබාගත් ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාවද වන්නේය. එමෙන්ම තුන්ඉරියව් ක්‍රීඩකයන් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණ හිමිවන්නේද ජේසන් හෝල්ඩර්ටය.

බටහිර ඉන්දීය කොදෙව්හී පිටදඟ පන්දු යවන ක්‍රීඩක රඛීම් කෝන්වෝල් ඇෆ්ඝනිස්තානයට එරෙහිව ලබාගත් කඩුලු 10 ත් සමගින් ටෙස්ට් පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හී ස්ථාන 63 ක් ඉදිරියට පැමිණියේය. ඒ අනුව ශ්‍රේණිගත කිරීම්හී 47 වැනි ස්ථානය දක්වා ඔහු ඉදිරියට පැමිණියේය.


අදහස් (0)

කෝලි යළිත් ශ්‍රේණිගත කිරීම්හී පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.