Last Update  :  2024-03-28 16:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක හඹායෑමක

ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක හඹායෑමක

editorial - 2019 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පස්වැනි අළුබඳුන ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (13 වැනිදා) තේ පානය සඳහා තරගය නතර කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි ඕස්ට්‍රේලියාව කඩුලු 4 ක් දැවී ලකුණු 147 ක් ලබා සිටියේය.

ඒ අනුව ඕස්ට්‍රේලියාව තවත් කඩුලු 6 ක් අතැතිව එංගලන්තයට වඩා ලකුණු 147 ක් පසුපසින් සිටියි. තේ පානය සඳහා තරගය නතර කරන විට ස්ටීවන් ස්මිත් ලකුණු 59 ක්ද, මිචෙල් මාෂ් ලකුණු 12 ක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

තරගාවලිය පුරා දැඩි අසාර්ථකත්වයක් පෙන්නුම් කළ ඕස්ට්‍රේලියානු අාරම්භක පිතිකරු ඬේවිඞ් වෝනර් මෙම තරගයේදීත් ලකුණු 5 ක් ලබා සිටියදී ජොෆ්රා ආචර්ගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක ජොනී බෙයාස්ටෝ අතට උඩ පන්දුවක් දෙමින් පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්ව ගියේය.

ඉන් නොනැවතුන ආචර්, ඕස්ට්‍රේලියානු ලකුණු පුවරුවේ මුලු ලකුණු සංඛ්‍යාව 14 ක් ලෙස සටහන් වන විට සෙසු ආරම්භක පිතිකරුවා වූ මාකස් හැරිස්ද (3) ආපසු ක්‍රීඩාගාරය වෙත හරවා යැවීය. එතැන් පටන් මානස් ලැබුචේන් (48) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 71 ක සම්බන්ධතාවක් ගොඩගැනීමට ස්ටීවන් ස්මිත් සමත් වුවද, ආචර්ගේම පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් ලැබුවේන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාවද නිමාවට පත් විය.

ඉන් අනතුරුව පිටියට පිවිසි මැතිව් වේඞ්ට වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට සෑම් කරන් ඉඩක් ලබා නොදුන් අතර කරන්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් දැවීයන විට වේඞ් ලබා සිටියේ ලකුණු 19 ක් පමණි.

පළමු දිනය වූ ඊයේ (12 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 8 ක් දැවී ලකුණු 271 ක් ලබා සිටි එංගලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 23 ක් පමණි. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් මාෂ් ලකුණු 46 කට කඩුලු 5 ක් බිඳහෙළමින් එංගලන්ත ඉනිම අඩ පණ කළේය.


එංගලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 294
(රොරී බර්න්ස් 47, ජෝ රූට් 57, බෙන් ස්ටෝක්ස් 20, ජොනී බෙයාර්ස්ටෝ 22, ජොස් බට්ලර් 70, ජැක් ලීච් 21, අළුබඳුන ක්‍රිකට් 46/5, පැට් කමින්ස් 84/3, ජොෂ් හෙසල්වුඞ් 76/2)

ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 147
(මානස් ලැබුචේන් 48, ස්ටීවන් ස්මිත් 59, මැතිව් වේඞ් 19, ජොෆ්රා ආචර් 30/3)

-036

 


අදහස් (0)

ඕස්ට්‍රේලියානුවෝ සාර්ථක හඹායෑමක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.