Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International එංගලන්තය තරගයේ වාසිය අතට ගනී

එංගලන්තය තරගයේ වාසිය අතට ගනී

editorial - 2019 අගෝ මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආරම්භක පිතිකරු රෝරි බර්න්ස් දිනය පුරාම කඩුල්ල රැකගත් හෙයින් පළමු වැනි අළු බඳුන ටෙස්ට් තරගයේ වාසිය අල්ලා ගත් එංගලන්ත කණ්ඩයම තරගයේ දෙවැනි දිනය වූ අද (2 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට කඩුලු 4 ක් දැවී ලකුණු 267 ක් ලබා සිටියේය. පැය හය හමාරකට වැඩියෙන් පිටියේ රැඳුණු බර්න්ස් ලෝක කුසලාන අවසන් මහ තරගයේ වීරයා වූ බෙන් ස්ටෝක්ස් සමගින් එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 73 ක් එක් කළේය.

එය රෝරි බර්න්ස්ගේ පළමු අළු බඳුන තරගයයි. මංගල අළු බඳුන තරගයේදීම ශතකයක් ලබාගත් බර්න්ස්ගේ ඉනිම නිසා තරගයේ දෙවැනි දිනයේදීම එංගලන්තය ඕස්ට්‍රේලියානුවන්ට වඩා ලකුණු 17 ක් ඉදිරියට පැනගත්තේය.

ජේසන් රෝයි ලකුණු 10 කට දැවී යාමෙන් පසුව පිටියට පිවිසි ජෝ රූට්ට ලැබුණේ  කදිම වාසනාවකි. ජේම්ස් පැටින්සන්ගේ අලංකාර පන්දුවක් රූට්ගේ පිත්ත පසුකර ඇවිදින් කඩුල්ලේ වැදුණද බේල ඉවත් නොවීම නිසා ඔහුට කඩුල්ලේ රැඳීසිටීමේ අවස්ථාව ලැබිණ. මෙවර අළු බඳුන තරගාවලියේ පළමු වැනි ශතක සම්බන්ධතාව සම්පූර්ණ කළ රූට් සහ බර්න්ස් දෙදෙනා වෙන්වූයේ පීටර් සිඞ්ල් තමාගේම පන්දුවකින් රැකගත් උඩපන්දුවක් හේතුවෙනි.

ලකුණු 99 සිට ශතකය ලබාගැනිම සඳහා පන්දු 9 ක් බලා සිටියද බර්න්ස් ශතකය ලබාගත්තේය.


ඕස්ට්‍රේලියාව - පළමු ඉනිම 284 යි
(උස්මන් කවාජා 13, ස්ටීවන් ස්මිත් 144, ට්‍රැවිස් හෙඞ් 35, පීටර් සිඞ්ල් 44, නේතන් ලයන් 12, ස්ටුවර්ට් බ්‍රෝඞ් 86/5, ක්‍රිස් වෝක්ස් 58/3)

එංගලන්තය  - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 267 යි
(රෝරි බර්න්ස් නොදැවී 125, ජේසන් රෝයි 10, ජෝ රූට් 57, ජෝ ඩෙන්ලි 18, බෙන් ස්ටෝක්ස් නොදැවී 38, ජේම්ස් පැටින්සන් 57/2)

..


අදහස් (0)

එංගලන්තය තරගයේ වාසිය අතට ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.