Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දීය යොවුන් පිලට කඩුලු 7 ක ජයක්

ඉන්දීය යොවුන් පිලට කඩුලු 7 ක ජයක්

editorial - 2019 සැප් මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ආසියානු කුසලාන යොවුන් ක්‍රිකට් තරගාවලිය යටතේ සී.සී.සී ක්‍රීඩාංගණයේදී අද (5 වැනිදා) පැවැති පළමු තරගයේදී කුවේට් රාජ්‍යයට එරෙහිව කඩුලු 7 ක ජයක් හිමිකර ගැනීමට ඉන්දියාව සමත්විය.

ජයග්‍රහණය සදහා ඕවර 23 කදී ලකුණු 111 ක ඉලක්කයක් හඹාගිය ඉන්දීය යොවුන් කණ්ඩායම ඕවර 19.1 කදී කඩුලු 3 ක් පමණක් දැවී ඉලක්කය පහසුවෙන් ජය ගැනීමට සමත්විය.

ආරම්භ පිතිකරු අර්ජුන් අසාඞ් පන්දු 58 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් නොදැවී ලකුණු 60 ක් රැස්කරමින් ඉන්දීය යොවුන් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

කුවේට් යොවුන් පිලේ නායකයා පන්දු යවන්නන් 7 දෙනෙකු යොදාගත්තද ඉන්දීය පිලේ ජයග්‍රහණය වැලැක්වීමට අපොහොසත් විය.

කාසියේ වාසිය දිනූ ඉන්දීය යොවුන් පිලේ නායකයා පළමුව පන්දුවට පහරදීම සඳහා කුවේට් යොවුන් පිල ආරාධනා කළ අතර ඕවර 23 අවසානයේ කඩුලු 7 ක් දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 110 ක් පමණි. අද උදෑසන ඇතිවූ වර්ෂාව හේතුවෙන් තරග ආරම්භය ප්‍රමාදවූ අතර තරගය ඕවර 23 කට සීමාවිය.

මීට් භවුසර් (28) සහ ගෝකුල් කුමාර් (25) පළමු කඩුල්ල සඳහා ලකුණු 54 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට සමත්වුවද ඉතිරි කඩුලු 9 ලකුණු 56 ක් තුල දවාගැනීමට ඉන්දීය පන්දු යවන්නෝ සමත්වූහ.

ආකාෂ් සිං සහ පූර්නන්ක් ත්‍යාගී කඩුලු 3 බැගින් දවාගනිමින් කුවේට් යොවුන් පිලේ පිතිකරුවන් මෙල්ල කිරීමට සමත්වූහ.

කුවේට් යොවුන් පිල - ඕවර 23 කදී කඩුලු 7 ක් දැවී 110
(මීට් භවුසර් 28, ගෝකුල් කුමාර් 25, ආකාෂ් සිං 22/3, පූර්නන්ක් ත්‍යාගී 28/3)

ඉන්දීය යොවුන් පිල - ඕවර 19.1 කදී කඩුලු 3 ක් දැවී 114
(අර්ජුන් අසාඞ් නොදැවී 60)


අදහස් (0)

ඉන්දීය යොවුන් පිලට කඩුලු 7 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.