Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවට දැවැන්ත ජයක්

ඉන්දියාවට දැවැන්ත ජයක්

editorial - 2019 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැකසුම - ශානුක අරවින්ද

...................................................................................................................................................................

මෙම තරගය ජයගැනීමත් සමග ප්‍රසාද ලකුණු 7 ක් ලැබූ ඉන්දියාව ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයේ සිට තෙවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණි අතර ප්‍රසාද ලකුණු 3 ක් ලබා සිටින පාකිස්තානය එහි 8 වැනි ස්ථානයේ සිට 9 වැනි ස්ථානයට ඇද වැටුණේය.

...................................................................................................................................................................

ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තානය පරදා ලකුණු 89 ක් ලබාගැනීමට ඉන්දියාව සමත් වෙයි. තරගයේ වීරයා රෝහිත් ශර්මා.

...................................................................................................................................................................

ඕවර 40 කදී - 212/6

(ඉමාඩ් වසීම් 46, ශදාබ් ඛාන් 20, හර්දීක් පාණ්ඩ්‍යා 8-0-44-2)

          

40 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉමාඩ් වසීම් සූදානම්.

පාණ්ඩ්‍යාගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 39 කදී - 208/6

(ඉමාඩ් වසීම් 44, ශදාබ් ඛාන් 18, ජස්ප්‍රීට් බුම්රා 8-0-52-0)

           

බුම්රාගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක් එල්ල කළ ඉමාඩ් වසීම්ගෙන් අවසන් පන්දුවට අපර් කට් පහරක්.

...................................................................................................................................................................

ඕවර 38 කදී - 196/6

(ඉමාඩ් වසීම් 34, ශදාබ් ඛාන් 17, යුස්වේන්ද්‍ර චාහල් 7-0-53-0)

           

චාහල්ගේ හත්වැනි ඕවරයේදී හතරේ පහරක් සමගින් ලකුණු 14 ක් රැස්කිරීමට වසීම් සහ ශදාබ් සමත් වෙති.

චාහල්ගේ හත්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ලකුණු 13 ක් ලබා සිටි ශදාබ් ඛාන් ලබාදුන් උඩ පන්දුවක් ඩීප් මිඩ්විකට්හි පන්දු රකිමින් සිටි ලොකේෂ් රාහුල් අතින් ගිළිහෙයි.

...................................................................................................................................................................

ඕවර 37 කදී - 182/6

(ඉමාඩ් වසීම් 27, ශදාබ් ඛාන් 11, ජස්ප්‍රීට් බුම්රා 7-0-40-0)

           

37 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ශදාබ් ඛාන් සූදානම්.

බුම්රාගේ හත්වැනි ඕවරයේ අවසන් පන්දුවට ශදාබ් ඛාන්ගෙන් ලෝන් ඕෆ් කළපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 36 කදී - 172/6

(ඉමාඩ් වසීම් 24, ශදාබ් ඛාන් 04, යුස්වේන්ද්‍ර චාහල් 6-0-39-0)

           

36 වැනි ඕවරය යැවීම සඳහා යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ශදාබ් ඛාන් සූදානම්.

චාහල්ගේ හයවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 40 කට සීමා කරමින් තරගය නැවතත් ආරම්භ කෙරෙයි. ඩක්වත් ලුවිස් න්‍යායට අනුව පාකිස්තානයට 302 ක නව ඉලක්කයක්. ඒ අනුව ඔවුන් තරගය ජයගැනීමට නම් පන්දු 30 කදී ලකුණු 136 ක් රැස්කළ යුතුයි.

...................................................................................................................................................................

යළිත් තරගයට වැස්සෙන් බාධා එල්ල වෙයි. ඒ හේතුවෙන් ඕවර 35 ක් අවසානයේ තරගය තාවකාලිකව නතර කිරීමට විනිසුරුවෝ පියවර ගනිති. නැවත තරගය ආරම්භ කිරීමට නොහැකි වුවහොත් ඩක්වත් ලුවිස් න්‍යායට අනුව ඉන්දියාවට ලකුණු 86 ක ජයක් හිමිවනු ඇත.

...................................................................................................................................................................

ඕවර 35 කදී - 166/6

(ඉමාඩ් වසීම් 22, ශදාබ් ඛාන් 01, විජේ ශංකර් 5.2-0-22-2)

           

ශංකර්ගේ පස්වැනි ඕවරයේ පළමු පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 12 ක් ලබා සිටි සර්ෆරාස් අහමඩ් දැවී යයි.

අටවැනි පිතිකරු ලෙස ශදාබ් ඛාන් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................

ඕවර 34 කදී - 165/5

(සර්ෆරාස් අහමඩ් 12, ඉමාඩ් වසීම් 22, ජස්ප්‍රීට් බුම්රා 6-0-30-0)

           

බුම්රාගේ හයවැනි ඕවරයයේ දෙවැනි පන්දුවට ඉමාඩ් වසීම්ගෙන් ස්ට්‍රේට් ඩ්‍රයිව් පහරක්.

...................................................................................................................................................................

ඕවර 33 කදී - 157/5

(සර්ෆරාස් අහමඩ් 11, ඉමාඩ් වසීම් 16, විජේ ශංකර් 4.2-0-21-1)

           

33 වැනි ඕවරය යැවීම සඳහා විජේ ශංකර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා සර්ෆරාස් අහමඩ් සූදානම්.

ශංකර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 32 කදී - 154/5

(සර්ෆරාස් අහමඩ් 10, ඉමාඩ් වසීම් 15, ජස්ප්‍රීට් බුම්රා 5-0-23-0)

           

32 වැනි ඕවරය යැවීම සඳහා ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉමාඩ් වසීම් සූදානම්.

බුම්රාගේ පස්වැනි ඕවරයයේ අවසන් පන්දුවට ඉමාඩ් වසීම්ගෙන් ඩීප් මිඩ් විකට් කළපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 31 කදී - 146/5

(සර්ෆරාස් අහමඩ් 08, ඉමාඩ් වසීම් 09, හර්දීක් පාණ්ඩ්‍යා 7-0-40-2)

           

පාණ්ඩ්‍යාගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර ඕවර 30 කදී - 140/5

(සර්ෆරාස් අහමඩ් 05, ඉමාඩ් වසීම් 06, කුල්දීප් යාදව් 9-1-32-2)

           

යාදව්ගේ නමවැනි ඕවරයටද ලකුණු 3 ක් පමණයි.
...................................................................................................................................................................

ඕවර 29 කදී - 137/5

(සර්ෆරාස් අහමඩ් 03, ඉමාඩ් වසීම් 05, හර්දීක් පාණ්ඩ්‍යා 6-0-34-2)

           

පාණ්ඩ්‍යාගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුවට ඉමාඩ් වසීම්ගෙන් ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 28 කදී - 132/5

(සර්ෆරාස් අහමඩ් 02, ඉමාඩ් වසීම් 01, කුල්දීප් යාදව් 8-1-29-2)

           

යාදව්ගේ අටවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 27 කදී - 129/5

(සර්ෆරාස් අහමඩ් 00, ඉමාඩ් වසීම් 00, හර්දීක් පාණ්ඩ්‍යා 5-0-29-2)

           

27 වැනි ඕවරය යැවීම සඳහා හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීමට මොහොමඩ් හෆිස් සූදානම්.

පාණ්ඩ්‍යාගේ පස්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ඩීප් ස්කුවෙයාර් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි විජේ ශංකර් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 9 ක් ලබා සිටි මොහොමඩ් හෆීස් දැවී යයි.

හයවැනි පිතිකරු ලෙස ෂොයිබ් මලික් පිටියට පිවිසෙයි. 

පාණ්ඩ්‍යාගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුව පිත්තේ දාරයේ වැදී කඩුල්ල තුළට ඇදී ඒමෙන් ෂොයිබ් මලික් ලකුණු නොළබාම දැවී යයි.

හත්වැනි පිතිකරු ලෙස ඉමාඩ් වසීම් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................

ඕවර 26 කදී - 126/3

(මොහොමඩ් හෆීස් 07, සර්ෆරාස් අහමඩ් 00, කුල්දීප් යාදව් 7-1-26-2)

           

යාදව්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි යුස්වේන්ද්‍ර චාහල් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 62 ක් ලබා සිටි ෆකාර් සමාන් දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 7 යි)

පස්වැනි පිතිකරු ලෙස සර්ෆරාස් අහමඩ් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................

ඕවර 25 කදී - 126/2

(ෆකාර් සමාන් 62, මොහොමඩ් හෆීස් 07, යුස්වේන්ද්‍ර චාහල් 5-0-33-0)

         

චාහල්ගේ පස්වැනි ඕවරයේ අවසන් පන්දුවට මොහොමඩ් හෆීස්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 24 කදී - 117/2

(ෆකාර් සමාන් 60, මොහොමඩ් හෆීස් 00, කුල්දීප් යාදව් 6-0-26-1)

           

යාදව්ගේ හයවැනි ඕවරයේ අවසන් පන්දුව කඩුල්ලේ දැවටීමෙන් ලකුණු 48 ක් ලබා සිටි බාබර් අසාම් දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 3 යි)

සිවුවැනි පිතිකරු ලෙස මොහොමඩ් හෆීස් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................

ඕවර 23 කදී - 113/1

(ෆකාර් සමාන් 58, බාබර් අසාම් 46, යුස්වේන්ද්‍ර චාහල් 4-0-24-0)

         

චාහල්ගේ සිවුවැනි ඕවරයේ දෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 22 කදී - 103/1

(ෆකාර් සමාන් 56, බාබර් අසාම් 38, කුල්දීප් යාදව් 5-0-22-0)

           

යාදව්ගේ පස්වැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී ෆකාර් සමාන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 21 කදී - 95/1

(ෆකාර් සමාන් 51, බාබර් අසාම් 35, යුස්වේන්ද්‍ර චාහල් 3-0-14-0)

         

චාහල්ගේ තෙවැනි ඕවරයේ පළමු පන්දුවට ෆකාර් සමාන්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

පන්දු 59 කදී හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමගින් ෆකාර් සමාන් සිය 10 වැනි එක්දින අර්ධ ශතක සම්පූර්ණ කරයි.

...................................................................................................................................................................

ඕවර 20 කදී - 87/1

(ෆකාර් සමාන් 44, බාබර් අසාම් 34, කුල්දීප් යාදව් 4-0-14-0)

           

යාදව්ගේ සිවුවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 19 කදී - 86/1

(ෆකාර් සමාන් 43, බාබර් අසාම් 34, යුස්වේන්ද්‍ර චාහල් 2-0-06-0)

         

චාහල්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 18 කදී - 84/1

(ෆකාර් සමාන් 42, බාබර් අසාම් 33, කුල්දීප් යාදව් 3-0-13-0)

           

යාදව්ගේ තෙවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 17 කදී - 79/1

(ෆකාර් සමාන් 40, බාබර් අසාම් 30, යුස්වේන්ද්‍ර චාහල් 1-0-04-0)

         

17 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක යුස්වේන්ද්‍ර චාහල් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆකාර් සමාන් සූදානම්.

චාහල්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 16 කදී - 75/1

(ෆකාර් සමාන් 38, බාබර් අසාම් 25, හර්දීක් පාණ්ඩ්‍යා 4-0-26-0)

         

පාණ්ඩ්‍යාගේ සිවුවැනි ඕවරයේදී හතරේ පහර 2 ක් සමගින් ලකුණු 11 ක් රැස්කිරීමට සමාන් සහ අසාම් සමත් වූහ.

...................................................................................................................................................................

ඕවර 15 කදී - 64/1

(ෆකාර් සමාන් 28, බාබර් අසාම් 27, කුල්දීප් යාදව් 2-0-08-0)

           

යාදව්ගේ දෙවැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 14 කදී - 58/1

(ෆකාර් සමාන් 24, බාබර් අසාම් 25, හර්දීක් පාණ්ඩ්‍යා 3-0-15-0)

         

පාණ්ඩ්‍යාගේ තෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ෆකාර් සමාන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 13 කදී - 51/1

(ෆකාර් සමාන් 19, බාබර් අසාම් 23, කුල්දීප් යාදව් 1-0-02-0)

           

13 වැනි ඕවරය යැවීම සඳහා චයිනමන් පන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කැඳවයි. පන්දුව පිළිගැනීමට ෆකාර් සමාන් සූදානම්.

යාදව්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 12 කදී - 49/1

(ෆකාර් සමාන් 18, බාබර් අසාම් 22, විජේ ශංකර් 3.2-0-18-1)

           

ශංකර්ගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට බාබර් අසාම්ගෙන් ස්වීපර් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 11 කදී - 41/1

(ෆකාර් සමාන් 17, බාබර් අසාම් 15, හර්දීක් පාණ්ඩ්‍යා 2-0-08-0)

         

පාණ්ඩ්‍යාගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 10 කදී - 38/1

(ෆකාර් සමාන් 16, බාබර් අසාම් 13, විජේ ශංකර් 2.2-0-10-1)

           

ශංකර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 9 කදී - 34/1

(ෆකාර් සමාන් 15, බාබර් අසාම් 11, හර්දීක් පාණ්ඩ්‍යා 1-0-05-0)

         

නමවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක හර්දීක් පාණ්ඩ්‍යා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා බාබර් අසාම් සූදානම්.

පාණ්ඩ්‍යාගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට බාබර් අසාම්ගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 8 කදී - 29/1

(ෆකාර් සමාන් 15, බාබර් අසාම් 06, ජස්ප්‍රීට් බුම්රා 4-0-15-0)

         

බුම්රාගේ සිවුවැනි ඕවරයේ අවසන් පන්දුවට අසම්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 7 කදී - 25/1

(ෆකාර් සමාන් 11, බාබර් අසාම් 06, විජේ ශංකර් 1.2-0-06-1)

        

ශංකර්ගේ පළමු ඕවරයේ පළමු පන්දුවට සමාන්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 6 කදී - 20/1

(ෆකාර් සමාන් 06, බාබර් අසාම් 06, ජස්ප්‍රීට් බුම්රා 3-0-11-0)

         

බුම්රාගේ තෙවැනි ඕවරයේ අවසන් පන්දුවට අසම්ගෙන් කවර් පොයින් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 5 කදී - 14/1

(ෆකාර් සමාන් 05, බාබර් අසාම් 01, විජේ ශංකර් 0.2-0-01-1)

        

විජේ ශංකර් යැවූ පළමු පන්දුවේදීම කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවෙමින් ලකුණු 7 ක් ලබා සිටි ඉමාම් උල් හක් දැවී යයි.

තෙවැනි පිතිකරු ලෙස බාබර් අසාම් පිටියට පිවිසෙයි. 

...................................................................................................................................................................

ඕවර 4.4 කදී - 13/0

(ඉමාම් උල්හක් 07, ෆකාර් සමාන් 05, බුවනේෂ්වර් කුමාර් 2.4-0-08-0)

        

සිය තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුව යැවීමෙන් අනතුරුව කළවේ අබාධයක් හේතුවෙන් බුවනේෂ්වර් කුමාර් පිටියෙන් ඉවත්ව යයි. එම ඕවරයේ ඉතිරි පන්දු දෙක යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක විජේ ශංකර් පැමිණෙයි.

...................................................................................................................................................................

ඕවර 4 කදී - 13/0

(ඉමාම් උල්හක් 07, ෆකාර් සමාන් 05, ජස්ප්‍රීට් බුම්රා 2-0-05-0)

         

බුම්රාගේ දෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 3 කදී - 12/0

(ඉමාම් උල්හක් 06, ෆකාර් සමාන් 05, බුවනේෂ්වර් කුමාර් 2-0-08-0)

         

බුවනේෂ්වර්ගේ දෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ඉමාම්ගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 2 කදී - 06/0

(ඉමාම් උල්හක් 01, ෆකාර් සමාන් 05, ජස්ප්‍රීට් බුම්රා 1-0-04-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක ජස්ප්‍රීට් බුම්රා කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ෆකාර් සමාන් සූදානම්.

බුම්රාගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට සමාන්ගෙන් ඩීප් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 1 කදී - 02/0

(ඉමාම් උල්හක් 01, ෆකාර් සමාන් 01, බුවනේෂ්වර් කුමාර් 1-0-02-0)

         

පළමු ඕවරය යැවීම සඳහා දකුණතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක බුවනේෂ්වර් කුමාර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ඉමාම් උල්හක් සූදානම්.

බුවනේෂ්වර්ගේ පළමු ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ජයග්‍රහණය සඳහා පාකිස්තානයට ලකුණු 337 ක ඉලක්කයක්.

...................................................................................................................................................................

ඕවර 50 කදී - 336/5

(විජේ ශංකර් 15, කේදර් ජාදව් 09, මොහොමඩ් අමීර් 10-1-47-3)

           

අමීර්ගේ 10 වැනි ඕවරයේ සිවුවැනි පන්දුවට ශංකර්ගෙන් එක්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 49 කදී - 327/5 

(විජේ ශංකර් 09, කේදර් ජාදව් 07, වහබ් රියාස් 10-0-71-1)

            

රියාස්ගේ 10 වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ජාදව්ගෙන් මිඩ් ඕන් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 48 කදී - 315/5

(විජේ ශංකර් 05, කේදර් ජාදව් 01, මොහොමඩ් අමීර් 9-1-38-3)

           

අමීර්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 77 ක් ලබා සිටි විරාට් කෝලි දැවී යයි. (හතරේ පහර 7 යි)

හත්වැනි පිතිකරුවා ලෙස කේදර් ජාදව් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 47 කදී - 311/4 

(විරාට් කෝලි 75, විජේ ශංකර් 04, වහබ් රියාස් 9-0-59-1)

            

රියාස්ගේ නමවැනි ඕවරයේ අවසන් පන්දුවට කෝලිගෙන් කඩුලු රකින්නා සහ තර්ඩ් මෑන් කළාපයේ පන්දුරකින් අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................

එක් ඕවරයක් හෝ අඩු නොකරම තරගය යළිත් අාරම්භ කරයි. ඉනිම් දෙක අතර විවේකය පමණක් විනාඩි 15 කට අඩු කරයි.

...................................................................................................................................................................

 

වර්ෂාව හේතුවෙන් තරගය තාවකාලිකව නතර කරයි.

...................................................................................................................................................................

ඕවර 46.4 කදී - 305/4 

(විරාට් කෝලි 71, විජේ ශංකර් 03, වහබ් රියාස් 8.4-0-53-1)

          

47 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

රියාස්ගේ නමවැනි ඕවරයේ සිවුවැනි පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් විජේ ශංකර් දැවී ගිය බවට ප්‍රධාන විනිසුරුවරයා සංඥා කරයි. ඒ සමගම විනිසුරු තීරණ විමසීමේ ක්‍රමවේදය ලබාගැනීමට ශංකර් පියවර ගන්නා  අතර තෙවැනි විනිසුරුවරයා ඔහු නොදැවුණ ක්‍රීඩකයකු බව තහවුරු කරයි.

...................................................................................................................................................................

ඕවර 46 කදී - 302/4

(විරාට් කෝලි 70, විජේ ශංකර් 01, මොහොමඩ් අමීර් 8-1-34-2)

           

අමීර්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවේදී කඩුලු රකින ක්‍රීඩක සර්ෆරාස් අහමඩ් අතට උඩ පන්දුවක් දෙමින් එක් ලකුණක් ලබා සිටි මහේන්ද්‍ර සිං දෝනි දැවී යයි.

හයවැනි පිතිකරුවා ලෙස විජේ ශංකර් පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 45 කදී - 298/3

(විරාට් කෝලි 67, මහේන්ද්‍ර සිං දෝනි 01, හසන් අලී 9-0-84-1)

           

අලීගේ නමවැනි ඕවරයේ දෙවැනි සහ තෙවැනි පන්දුවලට කෝලිගෙන් ෆයින් ලෙග් කළාපය හරහා පිට පිට හතරේ පහර දෙකක්.

...................................................................................................................................................................

ඕවර 44 කදී - 286/3

(විරාට් කෝලි 56, මහේන්ද්‍ර සිං දෝනි 00, මොහොමඩ් අමීර් 7-1-30-1)

           

44 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

අමීර්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට කෝලිගෙන් ලෝන් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්. එම ඕවරයේ සිවුවැනි පන්දුවට පාණ්ඩ්‍යාගෙන් ඩීප් එක්ස්ට්‍රා කවර් කළාපය හරහා හතරේ පහරක්.

පන්දු 51 කදී හතරේ පහර 3 ක් සමග විරාට් කෝලි සිය 50 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි. 

අමීර්ගේ හත්වැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී ලෝන් ඕන් කළාපයේ පන්දු රකිමින් සිටි බාබර් අසාම් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 26 ක් ලබා සිටි හර්දීක් පාණ්ඩ්‍යා දැවී යයි. (හයේ පහර 1යි, හතරේ පහර 2 යි)

පස්වැනි පිතිකරුවා ලෙස මහේන්ද්‍ර සිං දෝනි පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 43 කදී - 274/2

(විරාට් කෝලි 48, හර්දීක් පාණ්ඩ්‍යා 22, හසන් අලී 8-0-72-1)

           

අලීගේ අටවැනි ඕවරයේ දෙවැනි පන්දුවට තර්ඩ් මෑන් කළාපයට ඉහළින් හයේ පහරක් එල්ල කළ හර්දීක් පාණ්ඩ්‍යාගෙන් එම ඕවරයේ සිව්වැනි පන්දුවට බැක්වඩ් ස්කුවෙයාර් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 42 කදී - 261/2

(විරාට් කෝලි 47, හර්දීක් පාණ්ඩ්‍යා 10, වහබ් රියාස් 8-0-50-1)

           

42 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

රියාස්ගේ අටවැනි ඕවරයේ පළමු පන්දුවට කෝලිගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 41 කදී - 254/2

(විරාට් කෝලි 41, හර්දීක් පාණ්ඩ්‍යා 09, හසන් අලී 7-0-59-1)

           

අලීගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 40 කදී - 248/2

(විරාට් කෝලි 39, හර්දීක් පාණ්ඩ්‍යා 05, ශදාබ් ඛාන් 9-0-61-0)

           

40 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

ශදාබ්ගේ නමවැනි ඕවරයේ පළමු පන්දුවට කෝලිගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 39 කදී - 238/2

(විරාට් කෝලි 30, හර්දීක් පාණ්ඩ්‍යා 04, හසන් අලී 6-0-53-1)

           

39 වැනි ඕවරය යැවීම සඳහා හසන් අලී කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

අලීගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ෂෝට් ෆයින් ලෙග් කළාපයේ පන්දු රකිමින් සිටි වහබ් රියාස් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 140 ක් ලබා සිටි රෝහිත් ශර්මා දැවී යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 14 යි)

සිවුවැනි පිතිකරු ලෙස හර්දීක් පාණ්ඩ්‍යා පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 38 කදී - 230/1

(රොහිත් ශර්මා 136, විරාට් කෝලි 30, වහබ් රියාස් 7-0-43-1)

           

රියාස්ගේ හත්වැනි ඕවරයේ දෙවැනි පන්දුවට ශර්මාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 37 කදී - 220/1

(රොහිත් ශර්මා 128, විරාට් කෝලි 29, ඉමාඩ් වසීම් 10-0-49-0)

           

වසීම්ගේ 10 වැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 36 කදී - 215/1

(රොහිත් ශර්මා 126, විරාට් කෝලි 26, වහබ් රියාස් 6-0-34-1)

           

36 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

රියාස්ගේ හයවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ශර්මාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 35 කදී - 206/1

(රොහිත් ශර්මා 119, විරාට් කෝලි 24, ඉමාඩ් වසීම් 9-0-44-0)

           

වසීම්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ශර්මාගෙන් කඩුලු රකින්නා සහ ෂොට් තර්ඩ් මෑන් කළාපයේ පන්දු රකින්නා අතරින් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 34 කදී - 199/1

(රොහිත් ශර්මා 113, විරාට් කෝලි 23, ශදාබ් ඛාන් 8-0-51-0)

           

ශදාබ්ගේ අටවැනි ඕවරයේ පස්වැනි පන්දුවට ශර්මාගෙන් ඩීප් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 33 කදී - 191/1

(රොහිත් ශර්මා 106, විරාට් කෝලි 22, ඉමාඩ් වසීම් 8-0-37-0)

           

33 වැනි ඕවරය යැවීම සඳහා ඉමාඩ් වසීම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා විරාට් කෝලි සූදානම්.

වසීම්ගේ අටවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 32 කදී - 187/1

(රොහිත් ශර්මා 104, විරාට් කෝලි 20, ශදාබ් ඛාන් 7-0-43-0)

           

ශදාබ්ගේ හත්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 31 කදී - 181/1

(රොහිත් ශර්මා 102, විරාට් කෝලි 16, මොහොමඩ් අමීර් 6-1-18-0)

           

අමීර්ගේ හයවැනි ඕවරයේ දෙවැනි පන්දුවට කෝලිගෙන් කවර් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 30 කදී - 172/1

(රොහිත් ශර්මා 100, විරාට් කෝලි 09, ශදාබ් ඛාන් 6-0-37-0)

           

30 වැනි ඕවරය යැවීම සඳහා ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

පන්දු 85 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 9 ක් සමගින් රෝහිත් ශර්මා සිය 24 වැනි එක්දින ශතකය සම්පූර්ණ කරයි.

...................................................................................................................................................................

ඕවර 29 කදී - 165/1

(රොහිත් ශර්මා 95, විරාට් කෝලි 07, මොහොමඩ් අමීර් 5-1-09-0)

           

29 වැනි ඕවරය යැවීම සඳහා මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

අමීර්ගේ පස්වැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 28 කදී - 164/1

(රොහිත් ශර්මා 94, විරාට් කෝලි 07, වහබ් රියාස් 5-0-25-1)

           

රියාස්ගේ පස්වැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 27 කදී - 160/1

(රොහිත් ශර්මා 92, විරාට් කෝලි 06, හසන් අලී  5-0-45-0)

           

අලීගේ පස්වැනි ඕවරයේ තෙවැනි පන්දුවට ශර්මාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 26 කදී - 151/1

(රොහිත් ශර්මා 85, විරාට් කෝලි 04, වහබ් රියාස් 4-0-21-1)

           

රියාස්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 5 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 25 කදී - 146/1

(රොහිත් ශර්මා 81, විරාට් කෝලි 03, හසන් අලී  4-0-36-0)

           

24 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

අලීගේ සිවුවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ශර්මාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 24 කදී - 136/1

(රොහිත් ශර්මා 75, විරාට් කෝලි 00, වහබ් රියාස් 3-0-16-1)

           

24 වැනි ඕවරය යැවීම සඳහා වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

රියාස්ගේ තෙවැනි ඕවරයේ පස්වැනි පන්දුවේදී කවර් කළාපයේ පන්දු රකිමින් සිටි බාබර් අසාම් අතට උඩ පන්දුවක් දෙමින් ලකුණු 57 ක් ලබා සිටි ලොකේෂ් රාහුල් දැවී යයි. (හයේ පහර 2 යි,  හතරේ පහර 3 යි)

තෙවැනි පිතිකරුවා ලෙස නායක විරාට් කෝලි පිටියට පිවිසෙයි.

...................................................................................................................................................................

ඕවර 23 කදී - 134/0

(ලොකේෂ් රාහුල් 57, රොහිත් ශර්මා 74, මොහොමඩ් හෆීස් 1-0-11-0)

         

23 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් හෆීස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

මලික්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට රාහුල්ගෙන් ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 22 කදී - 123/0

(ලොකේෂ් රාහුල් 51, රොහිත් ශර්මා 69, ෂොයිබ් මලික් 1-0-11-0)

         

22 වැනි ඕවරය යැවීම සඳහා පිට දඟ පන්දු යවන ක්‍රීඩක ෂොයිබ් මලික් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

මලික්ගේ පළමු ඕවරයේ සිවුවැනි පන්දුවට රාහුල්ගෙන් ඩීප් මිඩ්විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලොකේෂ් රාහුල් සිය තෙවැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

...................................................................................................................................................................

ඕවර 21 කදී - 112/0

(ලොකේෂ් රාහුල් 43, රොහිත් ශර්මා 66, ඉමාඩ් වසීම් 7-0-33-0)

         

වසීම්ගේ හත්වැනි ඕවරයට ලකුණු 7 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 20 කදී - 105/0

(ලොකේෂ් රාහුල් 39, රොහිත් ශර්මා 63, ශදාබ් ඛාන් 5-0-30-0)

         

ශදාබ්ගේ පස්වැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 19 කදී - 103/0

(ලොකේෂ් රාහුල් 38, රොහිත් ශර්මා 62, ඉමාඩ් වසීම් 6-0-26-0)

         

වසීම්ගේ හයවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 18 කදී - 101/0

(ලොකේෂ් රාහුල් 37, රොහිත් ශර්මා 61, ශදාබ් ඛාන් 4-0-28-0)

         

ශදාබ්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 17 කදී - 99/0

(ලොකේෂ් රාහුල් 36, රොහිත් ශර්මා 60, ඉමාඩ් වසීම් 5-0-24-0)

         

වසීම්ගේ පස්වැනි ඕවරයට ලකුණු 6 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 16 කදී - 93/0

(ලොකේෂ් රාහුල් 33, රොහිත් ශර්මා 58, ශදාබ් ඛාන් 3-0-26-0)

         

ශදාබ්ගේ තෙවැනි ඕවරයේ පලමු පන්දුවට ශර්මාගෙන් බැක්වඩ් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 15 කදී - 87/0

(ලොකේෂ් රාහුල් 32, රොහිත් ශර්මා 53, ඉමාඩ් වසීම් 4-0-18-0)

         

වසීම්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 14 කදී - 83/0

(ලොකේෂ් රාහුල් 30, රොහිත් ශර්මා 51, ශදාබ් ඛාන් 2-0-20-0)

         

ශදාබ්ගේ දෙවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 13 කදී - 80/0

(ලොකේෂ් රාහුල් 28, රොහිත් ශර්මා 50, ඉමාඩ් වසීම් 3-0-14-0)

       

වසීම්ගේ තෙවැනි ඕවරයට එක් ලකුණක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 12 කදී - 79/0

(ලොකේෂ් රාහුල් 27, රොහිත් ශර්මා 50, ශදාබ් ඛාන් 1-0-17-0)

         

12 වැනි ඕවරය යැවීම සඳහා පා දඟ පන්දු යවන ක්‍රීඩක ශදාබ් ඛාන් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

ශදාබ්ගේ පළමු ඕවරයේදී හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 17 ක් රැස්කිරීමට ශර්මා සහ රාහුල් සමත් වෙති.

පන්දු 34 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 6 ක් සමගින් රොහිත් ශර්මා සිය 43 වැනි එක්දින අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

...................................................................................................................................................................

ඕවර 11 කදී - 62/0

(ලොකේෂ් රාහුල් 22, රොහිත් ශර්මා 38, ඉමාඩ් වසීම් 2-0-13-0)

         

වසීම්ගේ දෙවැනි ඕවරයේ පලමු පන්දුවට රාහුල්ගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 10 කදී - 53/0

(ලොකේෂ් රාහුල් 14, රොහිත් ශර්මා 37, වහබ් රියාස් 2-0-14-0)

         

රියාස්ගේ දෙවැනි ඕවරයේ අවසන් පන්දුවට ශර්මාගෙන් පොයින්ට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 9 කදී - 46/0

(ලොකේෂ් රාහුල් 12, රොහිත් ශර්මා 32, ඉමාඩ් වසීම් 1-0-04-0)

           

නමවැනි ඕවරය යැවීම සඳහා වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ඉමාඩ් වසීම් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

වසීම්ගේ පළමු ඕවරයට ලකුණු 4 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 8 කදී - 42/0

(ලොකේෂ් රාහුල් 10, රොහිත් ශර්මා 31, වහබ් රියාස් 1-0-07-0)

         

අටවැනි ඕවරය යැවීම සඳහා වමතින් මඳ වේග පන්දු යවන ක්‍රීඩක වහබ් රියාස් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

රියාස්ගේ පළමු ඕවරයේ අවසන් පන්දුවට ශර්මාගෙන් ෆයින් ලෙග් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 7 කදී - 35/0

(ලොකේෂ් රාහුල් 08, රොහිත් ශර්මා 26, මොහොමඩ් අමීර් 4-1-08-0)

         

අමීර්ගේ සිවුවැනි ඕවරයට ලකුණු 3 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 6 කදී - 32/0

(ලොකේෂ් රාහුල් 07, රොහිත් ශර්මා 25, හසන් අලී 3-0-26-0)

         

අලීගේ තෙවැනි ඕවරයේ සිවුවැනි පන්දුව කවර් කළාපය හරහා හතරේ සීමාව වෙත යැවූ ශර්මාගෙන්, එම ඕවරයේ අවසන් පන්දුවට ඩීප් මිඩ් විකට් කළාපයට ඉහළින් හයේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 5 කදී - 20/0

(ලොකේෂ් රාහුල් 06, රොහිත් ශර්මා 14, මොහොමඩ් අමීර් 3-1-06-0)

         

අමීර්ගේ තෙවැනි ඕවරයේ දෙවැනි පන්දුවට රාහුල්ගෙන් මිඩ් විකට් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 4 කදී - 16/0

(ලොකේෂ් රාහුල් 02, රොහිත් ශර්මා 14, හසන් අලී 2-0-14-0)

         

අලීගේ දෙවැනි ඕවරයේ තෙවැනි පන්දුවට ශර්මාගෙන් මිඩ් ඕෆ් කළාපය හරහා හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 3 කදී - 11/0

(ලොකේෂ් රාහුල් 01, රොහිත් ශර්මා 10, මොහොමඩ් අමීර් 2-1-02-0)

        

අමීර්ගේ දෙවැනි ඕවරයට ලකුණු 2 ක් පමණයි.

...................................................................................................................................................................

ඕවර 2 කදී - 09/0

(ලොකේෂ් රාහුල් 00, රොහිත් ශර්මා 09, හසන් අලී 1-0-09-0)

         

දෙවැනි ඕවරය යැවීම සඳහා දකුණතින්මඳ වේග පන්දු යවන ක්‍රීඩක හසන් අලී කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා රෝහිත් ශර්මා සූදානම්.

අලීගේ පළමු ඕවරයේ තෙවැනි පන්දුවට ශර්මාගෙන් හතරේ පහරක්.

...................................................................................................................................................................

ඕවර 1 කදී - 00/0

(ලොකේෂ් රාහුල් 00, රොහිත් ශර්මා 00, මොහොමඩ් අමීර් 1-1-00-0)

         

පළමු ඕවරය යැවීම සඳහා වමතින් වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් අමීර් කැඳවයි. පන්දුව පිළිගැනීම සඳහා ලොකේෂ් රාහුල් සූදානම්.

අමීර්ගේ පළමු ඕවරය නිලකුණු ඕවරයක් බවට පත්වෙයි.

...................................................................................................................................................................

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 22 වැනි තරගය ලෙස ඉන්දියාව සහ පාකිස්තානය අතර මැන්චෙස්ටර් ක්‍රීඩාංගණයේදී අද (16 වැනිදා) පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ පාකිස්තාන කණ්ඩායමේ නායක සර්ෆරාස් අහමඞ් පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළේය.

ඉන්දීය කණ්ඩායම
විරාට් කෝලි (නායක), රෝහිත් ශර්මා, ලොකේෂ් රාහුල්, විජේ ශංකර්, මහේන්ද්‍ර සිං දෝනි, කේදර් ජාදව්, හර්දීක් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, කුල්දීප් යාදව්, යුස්වේන්දර් චාහල් සහ ජස්ප්‍රීට් බුම්රා

පාකිස්තාන කණ්ඩායම
සර්ෆරාස් අහමඞ් (නායක), ඉමාම් උල්හක්, ෆකාර් සමාන්, බාබර් අසාම්, මොහොමඞ් හෆීස්, ෂොයිබ් මලික්, ඉමාඞ් වසීම්, ෂඩාබ් ඛාන්, හසන් අලී, වහබ් රියාස් සහ මොහොමඞ් අමීර්


අදහස් (0)

ඉන්දියාවට දැවැන්ත ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.