Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

යොහාන් භාසුර - 2019 සැප් මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ටෙස්ට් ලෝක ශූරතාවලිය යටතේ ඉන්දියාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර කිංග්ස්ටන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් තරගය ලකුණු 257 කින් ජය ගැනීමට ඉන්දියාව සමත්විය. ඒ අනුව තරග 2 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය 2-0 ක් ලෙස ජයගත් ඉන්දියාව ප්‍රසාද ලකුණු 120 ක් හිමිකර ගනිමින් ටෙස්ට් ලෝක ශූරතාවලි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 468 ක ඉලක්කයක් හඹාගිය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සියලුදෙනා දැවී සිය දෙවැනි ඉනිමට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 210 ක් පමණි.

ශෙමාර් බෲක් අර්ධ ශතකයක් (50) ක් ලබාගැනීමට සමත්වූ අතර ජර්මෙයින් බ්ලැක්වුඞ් ලකුණු 38 ක් සහ ජේසන් හෝල්ඩර් ලකුණු 39 ක් රැස්කිරීමට සමත්වූහ.

මොහොමඞ් ශාමී සහ රවින්ද්‍ර ජඬේජා කඩුලු 3 බැගින් සහ ඉශාන්ත් ශර්මා කඩුලු 2 ක් දවාගනිමින් කොදෙව් පිල අඩපණ කිරීමට සමත්වූහ.

තෙවැනි දිනට පෙරේදා (1 වැනිදා) තරගය නතර කරනවිට සිය දෙවැනි ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් කණ්ඩායම ලකුණු 45 කට කඩුලු 2 ක් අහිමිකරගෙන සිටියේය.

තරගයේ සිවුවැනි දිනයවූ ඊයේ (2 වැනිදා) ඉතිරි කඩුලු 8 ලකුණු 165 ක් තුල දවාගත් ඉන්දීය පන්දු යවන්නෝ තවත් දිනක් ඉතිරිව තිබියදීම තරගය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

ඉන්දීය පළමු ඉනිම - සියලුදෙනා දැවී 416

බ.ඉ.කොදෙව් පළමු ඉනිම - සියලුදෙනා දැවී 117

ඉන්දීය දෙවැනි ඉනිම - කඩුලු 4 ක් දැවී 168

බ.ඉ.කොදෙව් දෙවැනි ඉනිම - සියලුදෙනා දැවී 210
(ඩැරන් බ්‍රාවෝ 23, ශෙමාර් බෲක් 50, ර්මෙයින් බ්ලැක්වුඞ් 38, ජේසන් හෝල්ඩර් 39, මොහොමඞ් ශාමී 65/3, රවින්ද්‍ර ජඬේජා 58/3, ඉශාන්ත් ශර්මා 37/2)

...


අදහස් (0)

ඉන්දියාවට 2-0 ක තරගාවලි ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.