Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ඉන්දියානුවෝ තරගාවලිය දිනති

ඉන්දියානුවෝ තරගාවලිය දිනති

දමින්ද විජේසූරිය - 2019 ඔක් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලියේදී කල්තබාම සිය ජයග්‍රහණය තහවුරු කරගත් දකුණු අප්‍රිකානුවෝ පූනේ නුවරදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වූ අද (13 වැනිදා) ඉනිමක සහ ලකුණු 137 ක දැවැන්ත ජයක් වාර්තා කළහ. මෙම ජයග්‍රහණයත් සමගින් මව්බිමේදී පිට පිටම ටෙස්ට් තරගාවලි 11 ක් ජයගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමටද ඉන්දියානුවෝ සමත් වූහ. තරගාවලියේ තරගයක් ඉතිරිව තිබියදීම ඉන්දීය පිල 2-0 ක් ලෙසින් පෙරමුණ ගෙන සිටී.
 
මෙම තරගාවලි 11 න් තරගාවලි 9 ක් විරාට් කෝලිගේ නායකත්වය යටතේ ලබාගත් ඒවා වන අතර තරගාවලි දෙකක් ජයගත්තේ හිටපු නායක මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වය යටතේදීය.
 
මව්බිමේදී පැවැති ටෙස්ට් තරගාවලි වැඩිම ගණනක් (10 ක්) නොකඩවා ජයගනිමින් ලෝක වාර්තාව පිහිටුවා තිබුණේ ඕස්ට්‍රේලියානු නායකයන් වන මාක් ටේලර් සහ ස්ටීවන් වෝ (1994 - 2000) සහ රිකී පොන්ටිං (2004 - 2008) විසිනි.
 
ඉන්දියාව අවසන් වරට මව්බිමේදී ටෙස්ට් තරගාවලියකින් පරාජය වූයේ 2012 දී එංගලන්තය හමුවේදීය. ඉන්දියාවේ ජයග්‍රාහී ගමන ආරම්භ වූයේ සචින් තෙන්ඩුල්කාර්ගේ අවසන් ටෙස්ට් තරගාවලියෙනි.
 
පූනේ තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දීය පිල කඩුලු 5 ක් දැවී ලකුණු 601 ක් ලබාගත් අතර දකුණු අප්‍රිකානු පළමු ඉනිම ලකුණු 275 කට සීමා විය. පිට පිටම දෙවැනි වරටත් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානුවෝ ලකුණු 189 කට දැවී ගියහ.

ඉන්දියාව - පළමු ඉනිම කඩුලු 5 ට 601 යි
(විරාට් කෝලි නොදැවී 254, කගීසෝ රබාඩා 93/3)

දකුණු අප්‍රිකාව - පළමු ඉනිම 275
(කේෂව් මහාරාජ් 72, ෆෆ් ඩු ප්ලෙසි 64, රවිචන්ද්‍රන් අශ්වින් 69/4)

දකුණු අප්‍රිකාව - දෙවැනි ඉනිම 189
(ඩීන් එල්ගා 48, ටෙම්බා බවුමා 38, උමේෂ් යාදව් 22/3, රවිචන්ද්‍රන් අශ්වින් 45/2, රවීන්ද්‍ර ජදේජා 52/3)

 

 


අදහස් (0)

ඉන්දියානුවෝ තරගාවලිය දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.