Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අස්ගර් ඇෆ්ගන් යළි නායකත්වයට

අස්ගර් ඇෆ්ගන් යළි නායකත්වයට

editorial - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මතභේදාත්මක ලෙස නායකයත්වයෙන් නෙරපා දැමූ ඇෆ්ඝනිස්තානයේ ක්‍රිකට් නායක අස්ගර් ඇෆ්ගන් මාස අටක් වැනි කෙටි කාලයක් තුළ නැවත නායකත්වයට පත් කළ බව ඇෆ්ඝනිස්තාන් ක්‍රිකට් මණ්ඩලය නිවේදනය කරයි. 

මේ වනවිට 31 හැවිරිදි වියේ පසුවන අස්ගර් ඇෆ්ගන් 2015 ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ජාත්‍යන්තර තරග 104 කදී ඇෆ්ඝනිස්තාන් කණ්ඩායමේ නායකත්වය දැරීය. පසුගිය මැයි මාසයේදී ඔහුව නායකත්වයෙන් ඉවත්කර දැමූ අතර රෂීඞ් ඛාන් සහ මොහොමඞ් නබි ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මෙම තීරණය ප්‍රසිද්ධියේ විවේචනය කළහ.

අස්ගර් ඇෆ්ගන් නායකත්වයෙන් ඉවත් කිරීමෙන් පසු එංගලන්තයේ සහ වේල්සයේ පැවති ලෝක කුසලාන තරගාවලියේදී ගුල්බදීන් නයිබ් නායකත්වයට නම්කරන ලදි. එහෙත් ඇෆ්ගනිස්ථානුවන් සහභාගිවූ මූලික වටයේ තරග නවයම පරාජයට පත්විය.

ලෝක කුසලාන තරගාවලියෙන් පසුව පසුගිය ජූලි මාසයේදී සියළුම ආකාරයේ තරග වලදී නායකත්වය රෂීඞ් ඛාන් භාරගත් අතර ටෙස්ට් තරග දෙකකට නායකත්වය දුන් ඔහු ඉන් එක් තරගයක් ජයග්‍රහණය කරවීමට සමත්විය. 

අස්ගර් ඇෆ්ගන් යළිත් නායකත්වයට පත්වීමත් සමගින් කණ්ඩායමේ උප නායකයා ලෙස රෂීඞ් ඛාන් කටයුතු කරනු ඇත.

“ප්‍රධාන පුහුණුකරු, නායකයා සහ තාක්ෂණික කමිටුවේ සාමාජිකයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව මෙම තීරණය ගත් බව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් මණ්ඩලය පැවසුවේය

 


අදහස් (0)

අස්ගර් ඇෆ්ගන් යළි නායකත්වයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.