Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International අන්ත දෙකක දෙපිලක් එක පිටියක

අන්ත දෙකක දෙපිලක් එක පිටියක

editorial - 2019 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

-----------------------------------------------------------------------------------------------------------------------------
“විස්සයි-20 ක්‍රිකට් හින්දා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් වෙලා. අවසන් ඕවරයේ ලකුණු 6 ක් නෙමේ 12 ක් ගහන්න තිබුණත් ගහන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙන්නේ.....මා නම් හිතන්නේ එක්දින ක්‍රිකට් කියන්නේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේම දිගුවක් කියලයි”
“ඉනිම අතර මැදදී ලකුණු 17 ක් හෝ 18 ක් ලබාගන්නා ඕවර කිහිපයක් ලකුණු 12 ඕවර කිහිපයක් බවට පත්කරගන්න පුළුවන් වුණොත් මා හිතන්නේ අපට මේ තරගාවලියේදී බොහෝ දුරක් යන්න පුළුවන්”

- ට්‍රෙන්ට් බෝල්ට්
-----------------------------------------------------------------------------------------------------------------------------

අවසන් වරට පැවැති ලෝක කුසලාන තරගාවලියේ අනුශූරයන් වූවත් මෙවර ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයේ සිටම විමසිලිමත්ව ක්‍රීඩා කිරීමට නවසීලන්තය සූදානමින් සිටී. 2019 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කරමින් නවසීලන්තය මුහුණ දෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටයි.

2019 ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහ නවසීලන්තය  අතර තරගය හෙට (සෙනසුරාදා) කාඩීෆ්හිදී පැවැත්වෙයි. දිවා තරගයක් වන මෙම තරගය ශ්‍රී ලංකාවේ වේලාවෙන් පස්වරු 3.00 ට ආරම්භ වීමට නියමිතය.

වසර 4 කට පෙර ඕස්ට්‍රේලියාවේදී සහ නවසීලන්තයේදී පැවැති තරගාවලියේ අවසන් මහ තරගයට නවසීලන්තය සුදුසුකම් ලබාගත්තේ අවසන් පූර්ව තරග හයකදී ලද පරාජයන්ගෙන් පසුවය. පසුව මෙල්බර්න් නුවරදී පැවැති අවසන් මහ තරගයේදී ඕස්ට්‍රේලියානුවන් හමුවේ නවසීලන්තය පරාජය විය.

නවසීලන්ත පිලේ නායකයාව සිටි ප්‍රහාරාත්මක පිතිකරුවකු වූ බ්‍රෙන්ඩන් මැකලම් ක්‍රිකට් පිටියෙන් සමුගෙන ගියද වසර 4 කට පෙර සිටි ක්‍රීඩකයෝ බහුතරයක් නවසීලන්ත පිලේ සිටිති. කේන් විලියම්ස් නායකත්වය දරන අතර නවසීලන්ත පිල මේ වන විට එක්දින ශ්‍රේණිගත කිරීම් අතරේ 2 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ සිටී.
 
නවසීලන්ත පිලේ හිටපු වේග පන්දු යවන්නකු වන ජේම්ස් ෆ්‍රෑන්ක්ලින් පවසන්නේ නවසීලන්ත කණ්ඩයමට මෙවර තරගාවලියේදී තමන්ගේ පළමුවැනි ලෝක කුසලානය දිනාගත හැකි බවයි.

“අපි ඉන්නේ හොඳ තැනක. කවුරුවන් අපි ගැන කතා කරන්නේ නෑ”

“අනෙක හැමදාම අපි ලෝක කුසලාන තරගාවලියක් ආරම්භ කළේ අවාසියට මුහුණ දී සිටින කණ්ඩායම ලෙයසි. ඒක අපේ ක්‍රීඩා රටාවට හොඳින්ම ගැලපෙනවා....නවසීලන්ත පිල මේ ලෝක කුසලාන තරගාවලිය දිනා නොගන්නට කිසිම හේතුවක් නෑ” යයිද ෆ්‍රෑන්ක්ලින් පැවසීය.

නවසීලන්තයේ ප්‍රබලතම පිතිකරුවකු වන රොස් ටේලර් වසර 2017 සිටම එක්දින තරග වලදී ලකුණු 60 කට වැඩි සාමාන්‍යයක් පවත්වාගෙන යයි. පසුගිය වසරේදී ඔහුගේ එක්දින ඉනිමක සාමාන්‍යය 90 ආසන්නයේ පැවතිණ.

එක්දින පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම අතරේ නවසීලන්ත නායක විලියම්සන් 12 වැනි ස්ථානයේ සිටින අතර ආරම්භක පිතිකරු මාටින් ගප්ටිල් 10 වැනි ස්ථානයේ සිටී. මේ දෙදෙනාම දිගු ඉනිම කරා යාමේ මනා පරිචයක් ඇති පිතිකරුවෝ වෙති.

වමතින් වේග පන්දු යවන ටේ‍රන්ට් බෝල්ට් පෙරමුණ ගෙන සිටින වේග පන්දු බලඇණියට කොලින් ඩි’ග්‍රැන්ඞ්හෝම් ටිම් සවුති එක්ව සිටිති. ඉෂ් සෝදි සහ මිචෙල් සෑන්ට්නර් මෙවර ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සකස් කර ඇති එංගලන්තයේ තණතීරු සඳහාම ගැලපෙන ක්‍රීඩකයෝ වෙති.

“විස්සයි-20 ක්‍රිකට් හින්දා එක්දින ක්‍රිකට් ක්‍රීඩාවත් වෙනස් වෙලා. අවසන් ඕවරයේ ලකුණු 6 ක් නෙමේ 12 ක් ගහන්න තිබුණත් ගහන්න පුළුවන් තත්ත්වයක් දැන් තියෙන්නේ.....මා නම් හිතන්නේ එක්දින ක්‍රිකට් කියන්නේ විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාවේම දිගුවක් කියලයි”

“ඉනිම අතර මැදදී ලකුණු 17 ක් හෝ 18 ක් ලබාගන්නා ඕවර කිහිපයක් ලකුණු 12 ඕවර කිහිපයක් බවට පත්කරගන්න පුළුවන් වුණොත් මා හිතන්නේ අපට මේ තරගාවලියේදී බොහෝ දුරක් යන්න පුළුවන්” යයි ටේ‍රන්ට් බෝල්ට් කියයි.

එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමේ තත්ත්වය හාත්පසින්ම වෙනස් වී තිබේ. එදා කණ්ඩායමේ සිටි මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, තිලකරත්න ඩිල්ෂාන්, වැනි ක්‍රීඩකයෝ මේ වන විට කෙළිබිමෙන් සමුගෙන ගොසිනි. අවසන් වරට සහභාගි වූ එක්දින තරග 9 න් 8 ක්ම පරාජය වී සිටින ශ්‍රී ලංකා කණ්ඩායම ශ්‍රේණිගත ලයිස්තුවේ 9 වැනි ස්ථානය දක්වා පහළට වැටී සිටී.

නව නායක දිමුත් කරුණාරත්න එක්දින තරගාවලියකට සහභාගි වන්නේ වසර හතරකට පසුවය.

කෙසේ වෙතත් ලෝක  කුසලාන තරගාවලි සම්බන්ධයෙන් නම් ශ්‍රී ලංකා කණ්ඩායමට සාඩම්බර ඉතිහාසයක් තිබේ. 1979 දී ටෙස්ට් වරම් නොලද කණ්ඩායමක් වශයෙන් එවකට සිටි ටෙස්ට් කණ්ඩායමක් වූ ඉන්දීය පිල පරාජය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ 1996 දී ලෝක කුසලානය දිනාගත්හ. පසුව 2003 දී අවසන් පූර්ව වටයට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම 2007 දී සහ 2011 දී අවසන් මහ තරග දෙකේදීම ක්‍රීඩා කළහ. 2015 දී අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

1996 දී ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ඉතාමත් පහසුවෙන් තරගය ජයගත හැකි කණ්ඩායම බවට නවසීලන්ත පිල පත්වී තිබේ.

“නායකයා වන දිමුත් කලකින් එක්දින තරග ක්‍රීඩා කරලා නැති වුණත් ඔහු ඉතාමත් දක්‍ෂ ක්‍රීඩකයෙක්....ඔවුන් උත්සාහ කරන්නේ කණ්ඩායම කිසියම් ස්ථාවර මට්ටමකට ගෙන එන්නයි. ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා හා කුසල් ජනිත් වගේ ක්‍රීඩකයන් එක්ක ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග දිනවන්නන් ඉන්නවා” යයි ශ්‍රී ලංකා පිලේ හිටපු නායක මහේල ජයවර්ධන කියයි.

“මේ තරගාවලියේදී තරග 4 ක් හෝ 5 ක් දිනාගත්තොත් අවසන් පූර්ව වටයට එන්න පුළුවන්. ශ්‍රී ලංකා කණ්ඩායමේ උත්සාහය ඒකයි. මා හිතන්නේ අපට තවමත් හොඳ අවස්ථාවක් තියෙනවා” යයිද මහේල ජයවර්ධන පැවසීය.

(ප්‍රංශ පුවත් සේවය ඇසුරිනි : සැකසුම - දමින්ද විජේසූරිය)


අදහස් (0)

අන්ත දෙකක දෙපිලක් එක පිටියක

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.