Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International සිම්බාබ්වේ පළමු ඉනිම 406

සිම්බාබ්වේ පළමු ඉනිම 406

editorial - 2020 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

.......................................................................................................................

ඕවර 115.3 කදී - 406/10

ලසිත් ඇඹුල්ද‍ෙණියගේ පන්දුවක් හමුවේ ධනංජය ද සිල්වා අතට උඩපන්දුවක් දෙමින් වික්ටර් නයුචි ලකුණු 6 කට දැවී ගියේය. (පන්දු 10, හතරේ පහර 1 යි)

.......................................................................................................................

ඕවර 112 කදී - 394/9

ලසිත් ඇඹුල්ද‍ෙණියගේ පන්දුවක් හමුවේ සුරංග ලක්මාල් අතට උඩපන්දුවක් දෙමින් ඩොනල්ඩ් ටිරිපානෝ ලකුණු 13 කට දැවී ගියේය. (පන්දු 47, හතරේ පහර 1 යි)

.......................................................................................................................

ඕවර 111 කදී - 386/8

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවූ ටිනෝටෙන්ඩා මුටොම්බොඩ්සි ලකුණු 33 කට දැවී ගියේය. (පන්දු 99, හතරේ පහර 4 යි)

.......................................................................................................................

ඕවර 96 කදී - 362/7

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ නිරෝෂන් දික්වැල්ල අතට උඩපන්දුවක් දෙමින් රෙජිස් චකබ්වා ලකුණු 31 කට දැවී ගියේය. (පන්දු 69, හතරේ පහර 3 යි)

.......................................................................................................................

ඕවර 90 කදී - 352/6

පළමු දිනය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 352 ක් ලබා සිටි අතර ඒ වන විට රේගිස් චකබ්වා හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 31 ක්ද, ටිනෝටෙන්ඩා මුටොම්බොඩ්සි හතරේ පහරක් සමග ලකුණු 10 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

.......................................................................................................................

ඕවර 85 කදී - 333/6

ඕවර 85 ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 333 ක් ලබා සිටි අතර ඒ වන විට රේගිස් චකබ්වා හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 24 ක්ද, ටිනෝටෙන්ඩා මුටොම්බොඩ්සි ලකුණු 2 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.

.......................................................................................................................

ඕවර 79 කදී - 324/6

ධනංජය ද සිල්වාගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් ෂොන් විලියමස් ලකුණු 107 කට දැවී යයි. (හයේ පහර 3 යි, හතරේ පහර 10 යි)

.......................................................................................................................

ඕවර 77.1 කදී - 311/5

පන්දු 131 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමගින් නායක ෂොන් විලියමස් සිය දෙවැනි ටෙස්ට් ශතකය සම්පූර්ණ කරයි.

.......................................................................................................................

ඕවර 72 කදී - 292/5

ලසිත් ඇඹුල්දෙණියගේ පන්දුවක් හමුවේ ඇන්‍ජලෝ මැතිව්ස් අතට උඩ පන්දුවක් දෙමින් සිකන්දර් රාසා ලකුණු 72 කට දැවී යයි. (හයේ පහර 2 යි, හතරේ පහර 4 යි)

ඔහුගේ දැවී යෑමත් සමග ඔහු සහ ‍නායක ෂොන් විලියම්ස් (නොදැවී 93) එක්ව සිම්බාබ්වේ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 159 කට සීමා විය.

.......................................................................................................................

ඕවර 67 කදී - 268/4

පන්දු 79 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් සිකන්දර් රාසා සිය 7 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.......................................................................................................................

ඕවර 65 කදී - 255/4

ඕවර 65 ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 255 ක් ලබා සිටි අතර ඒ වන විට නායක ෂොන් විලියම්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 8 ක් සමග නොදැවී 80 ක්ද, සිකන්දර් රාසා හතරේ පහර 4 ක් සමග නොදැවී ලකුණු 48 ක්ද ලබා සිටියහ.

ඔවුන් දෙදෙනා එක්ව මේ දක්වා සිම්බාබ්වේ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 128 කි.

.......................................................................................................................

ඕවර 56 කදී - 214/4

තේ පානය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 214 ක් ලබා සිටි අතර ඒ වන විට නායක ෂොන් විලියම්ස් හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමග නොදැවී ලකුණු 57 ක්ද, සිකන්දර් රාසා හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 30 ක්ද ලබා සිටියහ.

ඔවුන් දෙදෙනා එක්ව මේ දක්වා සිම්බාබ්වේ ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා ඇති නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 81 කි.

.......................................................................................................................

ඕවර 54 කදී - 202/4

පන්දු 63 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 4 ක් සමගින් නායක ෂොන් විලියම්ස් සිය තෙවැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.......................................................................................................................

ඕවර 45 කදී - 172/4

ඕවර 45 ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 172 ක් ලබා සිටි අතර ඒ වන විට නායක ෂොන් විලියම්ස් නොදැවී ලකුණු 36 ක්ද, සිකන්දර් රාසා නොදැවී ලකුණු 13 ක්ද ලබා සිටියහ.

.......................................................................................................................

ඕවර 36.5 කදී - 133/4

සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් බ්‍රෙන්ඩන් ටේලර් ලකුණු 62 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 10 යි)

.......................................................................................................................

ඕවර 33 කදී - 114/3

සුරංග ලක්මාල්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් කෙවින් කසුසා ලකුණු 38 කට දැවී යයි. (හතරේ පහර 4 යි)

.......................................................................................................................

ඕවර 32 කදී - 110/2

පන්දු 46 කදී හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමගින් බ්‍රෙන්ඩන් ටේල්ර් සිය 9 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කරයි.

.......................................................................................................................

ඕවර 30 කදී - 96/2

දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 96 ක් ලබා සිටි අතර ඒ වන විට කෙවින් කසුසා හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 33 ක්ද, බ්‍රෙන්ඩන් ටේලර් හයේ පහරක් සහ හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 41 ක්ද ලබා සිටියහ.

.......................................................................................................................

ඕවර 25 කදී - 69/2

ඕවර 25 ක් අවසන් වන විට සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 2 ක් දැවී ලකුණු 69 ක් ලබා සිටි අතර ඒ වන විට කෙවින් කසුසා හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 28 ක්ද, බ්‍රෙන්ඩන් ටේලර් හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 19 ක්ද ලබා සිටියහ.

.......................................................................................................................

ඕවර 19.4 කදී - 49/2

ධනංජය ද සිල්වාගේ පන්දුවක් හමුවේ ඕෂධ ප්‍රනාන්දු අතට උඩ පන්දුවක් දෙමින් ක්‍රෙග් එර්වින් ලකුණු 12 කට දැවී යයි. (හයේ පහර 1 යි, හතරේ පහර 1 යි)

.......................................................................................................................

ඕවර 14 කදී - 21/1

ළහිරු කුමාරගේ පන්දුවක් හමුවේ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල අතට උඩ පන්දුවක් දෙමින් ප්‍රින්ස් මසවුරේ ලකුණු 9 කට දැවී යයි. (හතරේ පහර 1 යි)

.......................................................................................................................

ඕවර 10 කදී - 06/0

මුල් ඕවර 10 තුළදී සිය කඩුලු ආරක්ෂා කරගනිමින් පන්දුවට පහරදුන් සිම්බාබ්වේ පිතිකරුවෝ එහිදී ලබාගත්තේ ලකුණු 6 ක් පමණි.

.......................................................................................................................

සිම්බාබ්වේ ඉනිම ඇරඹීම සඳහා ප්‍රින්ස් මසවුරේ සහ කෙවින් කසුසා පිටියට පිවිසෙති. පළමු ඕවරය යැවීම සඳහා සුරංග ලක්මාල් කැඳවයි.

.......................................................................................................................

පළමු තරගයට ක්‍රීඩා කළ වේග පන්දුයවන ක්‍රීඩක කසුන් රාජිත වෙනුවෙන් මෙම තරගයේදී විෂ්ව ප්‍රනාන්දු ශ්‍රී ලංකා කණ්ඩායමට කැඳවා සිටියි.

.......................................................................................................................

කාසියේ වාසිය දිනූ සිම්බාබ්වේ කණ්ඩායමේ නායක ෂොන් විලියම්ස් පළමුවෙන් පන්දුවට පරහරදීමට තීරණය නළේය.

.......................................................................................................................

ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද (27 වැනිදා) හරාරේහිදී ආරම්භ වීමට නියමිතය.


අදහස් (0)

සිම්බාබ්වේ පළමු ඉනිම 406

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.