Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

editorial - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

එංගලන්තයට එරෙහිව ලෝඞ්ස් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත්ට ලීඞ්ස්හිදී අනිද්දා (22 වැනිදා) ආරම්භවන තෙවැනි ටෙස්ට් තරගය අහිමිවී යන බව ඕස්ට්‍රෙිලියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජස්ටින් ලැන්ගර් මහතා අද (20 වැනිදා) ස්ථීර කළේය.

සිවුවැනි දිනයේදී ජොෆ්රා ආචර් යැවු පන්දුවක් බෙල්ලේ පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්වූ ස්ටීවන් ස්මිත් පිටියෙන් ඉවත් විය. හවස් වරුවේ නැවත පන්දුවට පහරදීමට පැමිණි ස්මිත් ලකුණු 92 ක් රැස්කිරීමට සමත්විය. නමුත් පසුදින උදෑසන පන්දුව වැදීමෙන් ඇතිවූ කම්පනයන්හී ලක්ෂණ ඇතිවීම හේතුවෙන් දෙවැනි ඉනිමේදී පන්දුවට පහරදීමට ස්මිත් පැමිණියේ නැත.

ටෙස්ට් ශූරතාවලියේදී හදුන්වා දුන් නව නිතීයක් යටතේ ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට අතිරේක ක්‍රිඩකයකු පන්දුවට පහරදීමට පැමිණියේය. එම අවස්ථාව හිමිකර ගත් මාර්නස් ලැබුස්චේන් ඕස්ටේ්‍රලියානු දෙවැනි ඉනිමේදී ස්ටිවන් ස්මිත් වෙනුවට පන්දුවට පහරදීමට පැමිණියේය.

...


අදහස් (0)

ස්මිත්ට තෙවැනි ටෙස්ට් තරගය අහිමිවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.