Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු ආසියානු ක්‍රීඩා උළෙල යටතේ පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ අද (5 වැනිදා) පැවැති තරගයකදී මාලදිවයිනට එරෙහිව ලකුණු 98 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැගී එන ක්‍රීඩකයෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 193 ක ඉලක්යක් හඹාගිය මාලදිවයින් කණ්ඩායමට ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 94 ක් පමණි. එහිදී නිෂාන් පීරිස්, අසිත ප්‍රනාන්දු සහ කවිෂ්ක අංජුල කඩුලු 2 බැගින් දවාගනිමින් මාලදිවයින් කණ්ඩායම් අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කළහ.
කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා නැගී එන කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 192 ක් ලබාගත් අතර එහිදී වේගවත් පිතිහරඹයක නිරත වූ කමිඳු මෙන්ඩිස් පන්දු 54 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 10 ක් සමග නොදැවී ලකුණු 102 ක් රැස්කළේය.
සම්මු අශාන් (22) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 29 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගූ කමිඳු, ඉන් නොනැවතී අෂේන් බණ්ඩාර (නොදැවී 26) සමග එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 27 කදී ලකුණු 64 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීය.
ශ්‍රී ලංකා නැගී එන පිල - ඕවර 20 කදී කඩුලු 4 කට 192
(පැතුම් නිස්සංක 16, කමිඳු මෙන්ඩිස් නොදැවී 102, සම්මු අශාන් 22, අෂේන් බණ්ඩාර නොදැවී 26)
මාලදිවයින් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට 94
(මොහොමඞ් රිෂ්වාන් 29, නිෂාන් පීරිස් 09/2, අසිත ප්‍රනාන්දු 14/2, කනිෂ්ක අංජුල 21/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.