Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශ්‍රී ලංකා නැගීඑන පිල ලකුණු 186 ක් පසුපසින්

ශ්‍රී ලංකා නැගීඑන පිල ලකුණු 186 ක් පසුපසින්

editorial - 2019 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම සහ ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පොචෙස්ට්‍රෝම්හිදී පැවැත්වෙන පළමු සිවුදින තරගයේ තෙවැනි දිනය (20 වැනිදා) නිමාවට පත්වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 331 ක ඉලක්කයක් හඹායමින් සිටි ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම කඩුල්ලක් දැවී ලකුණු 145 ක් ලබා සිටියේය.

ඒ අනුව ශ්‍රී ලංකා නැගීඑන ක්‍රීඩකයෝ කඩුලු 9 ක් අතැතිව ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 186 ක් පසුපසින් සිටිති. හෙට (21 වැනිදා) තරගයේ අවසන් දිනයයි. තෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට කඩුල්ලේ රැදී සිටි ආරම්භක පිතිකරු මිනොද් භානුක හතරේ පහර 11 ක් සමග නොදැවී 80 ක්ද, පැතුම් නිස්සංක හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 25 ක් ලබා සිටියහ.

ඔවුන් දෙදෙනා එක්ව ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ දෙවැනි ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 71 කි. සෙසු ආරම්භක පිතිකරුවා වූ හසිත බෝයගොඩ (33) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 74 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද මිනොද් භානුක සමත් විය.

කයිල් සිමන්ඞ්ස්ගේ පන්දුවක් හමුවේ සිබොනෙලෝ මඛන්‍යා අතට උඩ පන්දුවක් දෙමින් බෝයගොඩ දැවීයෑමත් සමග ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායමේ පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවට පත් විය. පිටියෙන් ඉවතවයන විට බෝයගොඩගේ ඉනිමට හතරේ පහර 7 ක් ඇතුළත් වී තිබිණ.

 ශ්‍රී ලංකාවට වඩා ලකුණු 141 ක වාසියක් සමගින් දෙවැනි ඉනිම ඇරඹූ දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම ලකුණු 189 කට සීමා කිරීමට වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක ලසිත් ඇඹුල්දෙණිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නැගීඑන පන්දු යවන්නෝ සමත් වූහ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිතර වූ ඇඹුල්දෙණිය ලකුණු 74 කට කඩුලු 5 ක් බිඳහෙළමින් දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායමේ දෙවැනි ඉනිම අඩ පණ කළේය.

ලකුණු 86 කට කඩුලු 7 ක් බිඳවැටී තිබූ අවස්ථාවේදී අටවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 65 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට කයිල් සිමන්ඞ්ස් (50) සහ මාර්කෝ ජේසන් (49) සමත් වූහ. සිමන්ඞ්ස්ගේ අර්ධ ශතකයට හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් වූ අතර ජේසන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.


දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම - පළමු ඉනිම - සියලු දෙනා දැවී 382
ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම - පළමු ඉනිම - සියලු දෙනා දැවී 241

දකුණු අප්‍රිකානු නැගීඑන කණ්ඩායම - දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 189
(සිනෙතෙම්බා කුෂීල් 31, කයිල් සිමන්ඞ්ස් 50, මාර්කෝ ජේසන් 49, ලසිත් ඇඹුල්දෙණිය 74/5)

ශ්‍රී ලංකා නැගීඑන කණ්ඩායම - දෙවැනි ඉනිම - කඩුල්ලක් දැවී 145
(හසිත බෝයගොඩ 33, මිනොද් භානුක නොදැවී 80, පැතුම් නිස්සංක නොදැවී 25)

-036

 


අදහස් (0)

ශ්‍රී ලංකා නැගීඑන පිල ලකුණු 186 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.