Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International ශෂාන්ක් මනෝහර් ඇති කියයි

ශෂාන්ක් මනෝහර් ඇති කියයි

editorial - 2019 දෙසැ මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ සභාපති ධුරය සඳහා තමන් තෙවැනි වරට ඉල්ලා නොසිටින බවත් ලබන වසරේදී සභාපති ධූරයෙන් ඉල්ලා අස්වන බවත් එහි වත්මන් සභාපති ශෂාන්ක් මනෝහර් මහතා පවසයි. පුළුල් ප්‍රතිසංස්කරණ මගින් සනිටුහන් වූ ධුර කාලයෙන් පසු මනෝහාර් මහතා වසර දෙකක ධූර කාලයක් සඳහා දෙවන වරටත් පසුගිය වසරේදී තේරී පත් විය. 

ඉන්දියානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ප්‍රධානියකුද වන 62 හැවිරිදි මනෝහර් මහතා, නව පුද්ගලයකුට මෙම තනතුර භාර ගැනීමට කාලය පැමිණ ඇති බව හින්දු පුවත්පතට පවසා තිබේ.

“තවත් වසර දෙකක කාලයක් සඳහා මෙම තනතුරේ රැඳීසිටීමට මගේ කැමැත්තක් නෑ” යනුවෙන් මනෝහර් මහතා වැඩිදුරටත් පවසා ඇත.

“මෙම තනතුරේ දිගටම රැඳී සිටින ලෙස බොහෝ අධ්‍යක්ෂවරුන් මගෙන් ඉල්ලා සිටියා. එසේ කිරීමට මම අකමැති බව ඔවුන්ට පැවසුවා.

“වසර පහකට ආසන්න කාලයක් සභාපතිවරයකු ලෙස මම කටයුතු කර තිබෙන අතර, මම ඉතා පිරිසිදුයි” 2020 ජුනි මාසයෙන් පසුව මට ඉදිරියට යන්න ඕනකමක් නෑ. මගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න ලබන මැයි මාසයේදී ඔබට දැන ගැනීමට හැකිවනු ඇති” යයිද මනෝහර් මහතා පැවසීය. 

ප්‍රීමියර් ලීග් තරගාවලියේදී තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති එන්. ශ්‍රීනිවාසන් මහතා එම තනතුරෙන් ඉවත් කිරීමත් සමගින් 2015 වසරේදී මනෝහර් මහතා පළමු වරට සභාපති ධූරය සඳහා තේරී පත්විය.

මනෝහර් මහතා 2017 වසරේදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී, ජාත්‍යන්තර ක්‍රිකට් සභාවේ සභාපති ධුරයට තරග කළේය

 


අදහස් (0)

ශෂාන්ක් මනෝහර් ඇති කියයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.