Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව International නැඟීඑන කණ්ඩායමේ නායකත්වය අසලංකට

නැඟීඑන කණ්ඩායමේ නායකත්වය අසලංකට

editorial - 2019 අගෝ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාරක බංග්ලාදේශ නැඟීඑන කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන එක්දින සහ සිවුදින තරගාවලියන් 2 සඳහා නම්කර කරන ලද 15 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා නැඟීඑන සංචිතයේ නායකත්වයට චරිත් අසලංක පත්කර ඇත. එක්දින තරගාවලිය තරග 3 කින් සමන්විත වන අතර සිවුදින තරගාවලිය තරග 2 කින් සමන්විතවේ.

ශ්‍රී ලංකා නැඟීඑන කණ්ඩායම හෙට (16 වැනිදා) බංග්ලාදේශය කරා පිටත්වන යන අතර 18 වැනිදා පළමු එක්දින තරගයටත්, 21 වැනිදා දෙවැනි එක්දින තරගයට සහ 24 වැනිදා තෙවැනි සහ අවසන් එක්දින තරගයට සහභාගිවීමට නියමිතව ඇත.

පළමු සිවුදින තරගය 27 වැනිදා ආරම්භවන අතර දෙවැනි සිවුදින තරගය සැප්තැම්බර් 3 වැනිදා ආරම්භවේ.


එක්දින තරගාවලියට නම්කරන ලද ශ්‍රී ලංකා නැඟීඑන සංචිතය
චරිත් අසංලක (නායක), සඳුන් වීරක්කොඩි, හසිත බෝගගොඩ, පැතුම් නිස්සංක, මිනෝද් භානුක, කමිඳු මෙන්ඩිස්, අෂේන් බණ්ඩාර, සම්මු අෂාන්, අමිල අපෝන්සු, රමේෂ් මෙන්ඩිස්, කළණ පෙරේරා, ජෙහාන් ඩැනියෙල්, නුවන් තුෂාර, ශිරාන් ප්‍රනාන්දු, වනිඳු හසරංග.

සිවුදින තරග 2 සඳහා නම්කරන ලද ශ්‍රී ලංකා නැඟීඑන සංචිතය
චරිත් අසංලක (නායක), ළහිරු උදාර, සංගීත් කුරේ, පැතුම් නිස්සංක, ප්‍රමෝද් මදුවන්ත, මිනෝද් භානුක, ජෙහාන් ඩැනියල්, රමේෂ් මෙන්ඩිස්, අමිල අපෝන්සු, නිශාන් පිරීස්, මොහොමඞ් ශිරාස්, කළණ පෙරේරා, අසිත ප්‍රනාන්දු, චාමික කරුණාරත්න, අෂේන් බණ්ඩාර.


...


අදහස් (0)

නැඟීඑන කණ්ඩායමේ නායකත්වය අසලංකට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.